IMG-LOGO

සිනමා නිළියක් වෙන්න කැමති 'මධූ'

නිරූපණයෙන් දිගු ගමනක් යන්නට අපේක්ෂා කරන මධූ කුලතුංග මෑතක කාලයේ නිරූපණය ක්ෂේත්‍රය තුළ වඩාත් කතාබහට ලක්ව සිටින ජනප්‍රිය මෝස්තර නිරූපිකාවකි. දැනට වෙළෙඳ දැන්විම් හා ගීත රූප රචනා කිහිපයකින්ම දකින ඇය ඉදිරියේදී රංගන ක්ෂේත්‍රයටද එක්වීමේ සූදානමකින් සිටියි. ඒ පිළිබඳව අපිට මධූ පැවසුවේ මේ අයුරිනි.

 

නිරූපිකාවක් වුණේ?

2014 අවුරුද්දේ අන්තිමට වගේ. කපිල මැද්දේගොඩ අයියාගේ  'ෆේස්බුක්' කියන ගීතයේ රූප රචනාවට පෙනී ඉඳලා තමයි මම මුලින්ම නිරූපිකාවක් විදිහට වැඩ කළේ.

 

2016-05-31-ent-57නිරූපිකාවක් වෙන්න පුංචි කාලේ ඉඳලා හීනයක් තිබුණා?

නැහැ. පුංචි කාලේ මගේ හිනේ වෙලා තිබුණේ චිත්‍ර ගුරුවරියක් වෙන්න. හැබැයි නිරූපණය පැත්තටත් පොඩි කාලේ ඉඳලා පුංචි කැමැත්තකුත් තිබුණා.

 

දැනට දායක වෙලා තියෙන කලා කටයුතු?

නාලින් මාපිටිගම අයියාගේ 'තනාධිපතිලගේ ගෙදර' චිත්‍රපටයේ රඟපෑවා. සෝමරත්න දිසානායක සර්ගේ චිත්‍රපටයක රඟපෑවා. ඊට අමතරව DVD චිත්‍රපට 2ක් දැනට කරලා තියෙනවා. එකක් ටෙනිසන් කුරේ අයියාගේ 'ඩොක්ටර් අඩෝ'. අනෙක් එක 'සයිමන් අයියායි මාටින් අයියායි බින්දුත් එක්ක'. සිරස සුපර් ස්ටාර් එරන්ද පැතුම් වගේම ඩ්‍රිම් ස්ටාර් රහල් අල්විස් අයියලාගේ මියුසික් විඩියෝ වල රඟපාලා තියෙනවා. ඉදිරියේදී තවත් මම දායක වුණ මියුසික් විඩියෝ කිහිපයක්ම රිලීස් වෙන්න තියෙනවා.

 

ටෙලි නාට්‍යය වලට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා නැද්ද?

ගොඩක් ආරාධනා ලැබුණා. නමුත්, මම කැමති සිනමා නිළියක් වෙන්න. සිනමාවට සම්බන්ධ වෙන්න ආරාධනාවක් ලැබුණොත් මම අනිවාර්යයෙන්ම ඒ ආරාධනාව සතුටින්ම භාරගන්නවා.

 

ඔබව අපි හඳුන්වන්නේ නිරූපිකාවක් කියලාද නැත්නම් රංගන ශිල්පිණියක් කියලාද?

නිරූපිකාවක් කියලා. හැබැයි මම දැන් රංගනය පැත්තටත් ඒ හා සමානව දායකත්වය ලබාදිලා තියෙනවා.

 

නිරූපිකාවකට අද ලංකාවේ තැනක් තියෙනවාද?

මෙහෙමයි ඕනෑම නිරූපිකාවකට ලංකාව තුළ වටිනාකමක් තියෙනවා. ඒත්, දැන් ලංකාව තුළ මොඩ්ලින් කියලා රැල්ලක් මතුවෙලා. සමහර අයි මොඩ්ලින් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැ ඒ වුණාට ඇහුවාම මොඩලින් කෙනෙක් කියනවා. හරියට ඉගෙන ගෙන මොඩලින් කියලා අවබෝධ කරගෙන හොඳින් වැඩ කරගෙන ඉන්න අයට හොඳ වටිනාකමක් ලංකාවේ නිරූපණය ක්ෂේත්‍රය තුළ තියෙනවා.

 

ගොඩ දෙනෙක් නිරූපණයට යොමු වෙන්න ඒ පිළිබඳව හැදෑරීමකින් තොරව?

ඕව්. මම නිරූපණයට එන්න කලින් රොසෑන් ඩයස් මහත්මිය යටතේ නිරූපණය පිළිබඳව හැදෑරීමක් කළා. ඒ වගේම රංගනය පිළිබඳව පද්මසිරි ගමගේ ගුරුමහතා යටතේ ඉගෙන ගත්තා. හැබැයි මම දකින විදිහට මේ හැම ක්ෂේත්‍රයක්ම අද හැදෑරීම් කරලා හෙට ඉවර කරන්න බැහැ. හැමදාම මේ ක්ෂේත්‍රවල ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා. 

 

මේධාගේ ඉදිරි ඉලක්කය?

නිරූපිකාවක් විදිහටත්, රංගන ශිල්පිණියක් විදිහටත් ඒ ක්ෂේත්‍ර දෙක සමබර කරගෙන මගේ දායකත්වය ලබා දෙන්න තමයි ඉදිරියේදි මම බලාපොරොත්තු වෙන්නේ.

 

උදව් කළ අය?

මම රෝමනු කතෝලික. මම ගොඩක් දෙවියන්ව විශ්වාස කරන කෙනෙක්. ඒක නිසා මුලින්ම මම ස්තුති කරන්නේ දෙවියන්ට. මගේ නිරූපණයට අතදුන් රොසෑන් ඩයස් මහත්මියත්,  පද්මසිරි ගමගේ සරූත් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මම මතක් කර සිටිනවා. ඊට අමතරව මගේ පෞද්ගලික ඡායාරූප ශිල්පි තරිඳු ජයලත්, ෂේහාන් රණසිංහ, සමන් නවරත්න දෙදෙනාටත්, වචනයකින් හරි උදව් කළ සෑම දෙනාවත් මතක් කරනවා.

බුද්ධික සේනාධීර  / ඡායාරූප - සමන් නවරත්න

2016-05-31-ent-60 2016-05-31-ent-59 2016-05-31-ent-58 2016-05-31-ent-56 2016-05-31-ent-51 2016-05-31-ent-52 2016-05-31-ent-53 2016-05-31-ent-54 2016-05-31-ent-55

 

 



අදහස් (0)

සිනමා නිළියක් වෙන්න කැමති 'මධූ'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site