(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නවීන ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ රැසක් සමග චීන ජාතිකයකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ නිවසකදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අද(07) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය.
ජංගම දුරකථන 420ක්, විවිධ දුරකථන සමාගම්වලට අයත් සිම්පත් 17400ත්, අන්තර්ජාල සබඳතා ලබාගත හැකි උපාංග(රවුටර්) 60ක් සහ උපකරණ රැසක් මොවුන් සතුව තිබී සොයාගත් බව පොලිසිය කියයි.
සැකකරුවන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරීන් කැදවා පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද රට ඇතුළට ආවේ....
එක නිකම් දුරකථන හුවමාරුවක් වගේනේ !!!!
මම හිතන්නේ මෙමගින් ශ්‍රී ලංකාවට ලැබෙන ජාත්‍යන්තර ඇමතුම් ලංකාවේ නම්බර් කින් නැවත විසුරුවා හැරීම තමයි සිදුවන්නේ...
මේක ක්ලික්ෆෝම් එකක්... ඕන දෙයක් රිපෝර්ට් කරන්න පුළුවන් සිම් ගාණකින්...
චීනට රටෙන් ලොකු කොටසක් දැනටම සින්නක්කරම ලියාදී තිබෙන නිසා, මේ හැත්ත බුරුත්ත රටපුරාම ඔවුන්ගේ බිස්නස් කරන එක පුදුමයක්ද? රාජ්‍ය ආරක්ෂාව දැන් බිංදුවටම බැහැලා නේද?