(නිමල කොඩිතුවක්කු)
උග්‍ර ණය උගුලකට සිරවී සිටන නෙවිල් ප්‍රනාන්දු රෝහල රාජ්‍ය බැංකුවකට සින්න වීමට ආසන්න අවස්ථාවේ රජය මැදිහත්වී එම රෝහල බේරාගෙන ඇතැයි දුෂණ විරෝධී හඬ සංවිධානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා අද (13) පැවසීය.
මේ හේතුවෙන් සෑම මසකටම රුපියල් මිලියන 25 බැගින් වසර 10ක කාලයක් සදහා රුපියල් මිලියන 3000 ක මුදලක් ගෙවීමට රජයට සිදුව ඇති බවත් එහි පළමු වාරිකය පසුගිය අගෝස්තු මාසයේදී ගෙවා ඇති බවත් ඒ මහතා අවධාරණය කළේය.
මරදාන පිහිටි සමාජීය හා සාමයික කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.
‘‘අපි ළඟ තියෙනවා නෙවිල් ප්‍රනාන්දු මහතාට ලංකා බංකුව ණය දීපු ආකාරය පිළිබඳ තොරතුරු. 2011 මැයි මාසයේ මිලියන 130යි. ජූලි මාසයේ මිලියන 120යි. නොවැම්බර් මාසයේ මිලියන 300යි. 2012 වසරේ ජූලි 25 වනදා මිලියන 1000යි. 2014 අපේ‍්‍රල් 04 වනදා මිලියන 170යි. 2016 ජූලි 28 වනදා මිලියන 225යි. 2016 අගෝස්තු 22වනදා මිලියන 100යි. 2017 මැයි මාසයේ 25 වනදා මිලියන 103යි. 2017 ජුනි මාසේ 06 වනදා තව මිලියන 300යි. ඔක්කොම මිලියන 2466ක් දීලා තියෙනවා. මේ මිලියන 2466න් මේ වනවිට මිලියන 2265ක් ණයයි. ණය ගෙවා ගන්න බැරි නිසා විවිධ අවස්ථාවල බැංකු අයිරාවක් අරගෙන ණය ගෙව්වා. බැංකු අයිරා පහසුකම් දුන්නා මිලියන 660ක්. නෙවිල් ප්‍රනාන්දුගේ සමස්ත වත්කම් වලට වැඩිය ණය දීලා තියෙනවා. මේ බැංකු නිලධාරීන්ට ආණ්ඩුවේ ඇමැතිවරන් සිදු කළ බලපෑම් මත තමයි මේ ණය දෙන්න සිදු වෙලා තියෙන්නේ. දැන් නෙවිල් ප්‍රනාන්දුට මේ ණය ගෙවන්න රෝහලට ආදායම් නැහැ. මේ ජාවාරම තමයි අද හවුල් ආණ්ඩුව සුජාත භාවයට පත් කරලා තියෙන්නේ. ‘‘යැයි ද ඔහු කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම දේකටම කෑ ගහන එක තමයි කරන්නේ.., වසන්තලගේ අභ්‍යන්තරය බැලුවොත් තියෙන්නෙත් වංචාව තමයි. බොරුවට මාධ්‍ය සංදර්ශන දානවා.
ඉතින් ඒ රෝහල දේශීය රෝහලක්නේ? එ්කේ අයිතිකාරයා ලාංකිකයෙක් නේ.... චීනෙක්වත් ඇමරිකන්කාරයෙක්වත් නොවේනේ? සේවය ලැබුණේ මේ රටේ ලෙඩුන්ට නේ? එ්ක රජයට පවරා ගත්තත් මේ රටේ ලෙඩුන්ටමනේ සේවය කරන්නේ, චීනෙටවත් අමරිකාවටවත් නොවේනේ? රජයට පවර ගත්තානම් තව රෝහලක් හදන වියදම් රජය දරන්න ඕනි නැහැනේ, වැරැද්දක් තියෙනවා නම් එ්ක පෙන්නලා දීලා, එ්කට විසඳුමක් දුන්නොත් නරකද? හැම දෙයක්ම විවේචනය කරනවට වඩා...
එහෙනම් මටත් රෝහලක් හදන්න සල්ලි දෙන්න. මට ඕන විදියට තමයි වියදම් කරන්නේ. සුනිල්, ජාතික මිලදී ගැනීම් ප්‍රතිපත්තිය දන්නේ නැද්ද? කාටවත් ඕන විදියට රෝහල් හදන්න මහජන මුදල් ගන්න බැහැ. අර සිල් රෙදි වගේ තමයි. නෙවිල් මහතා එ්ක හැදුවානම්, එයට ණය ගෙවන්න ඕන. අපේ බදුමුදල් වලින් බිස්නස් කරන්න බැහැ.
මේ ගොල්ලොත් කරලා තියෙන්නේ හරියට...."අස්පය පැනල ගියාට පස්සේ ඉස්තාලය වහනවා වගේ" ඔලමොට්ටල වැඩක් නේද ? සින්න වෙන්න ඇරලා නිකන් ඉන්නේ නැතුව, රුපියල් කෝටි ගණන් ගෙවන ක්‍රමයට රජයට පවරා ගත්තට පස්සේ නාහෙන් අඬන්නේ මොන බම්බුවකටද ?????
නන්දලාල්, ගන්න කලින් පුලුවන් තරන් කෑ ගැහුව්වා හැබැයි ඇහුවද.ගන්න කලින් කිව්ව ගන්න එපා ප්‍රශ්නෙට උත්තරේ මේක නෙමෙයි කියලා.හැබැයි මහාචාර්ය රජිත සේනාරත්න ඒ එකක්වත් ඇහුව්වේ නෑ.තමන්ට ඔනේ දේ කලා මිසක්.
ඔය රාජිත වගේ අය තමයි මේ රට අපායක් කරන්නේ, නොදකින් මෙහෙම දේශපාලුවෝ නම් .......
ඉතින් මොකක්ද ප්‍රශ්ණෙ. ආණ්ඩුවෙන් ඔය විධියේ රොහලක් හදන්න ගියානම් ඔයිට වඩා වියදමක් යනවා කාලෙත් යනවා. අනික ගසා කෑමත් නවතිනවානෙ.
ජවිපෙ කතාව විතරයි වැඩ නොමැත. තරුණ අධ්‍යාපනය කඩා කප්පල් කරනවා
ණයට අරන් තියෙන්නෙත් බැංකුවෙන් දැන් සින්නක්කර ගත්ත කියල සල්ලි දුන්නෙත් ආණ්ඩුවෙන් මහජනයාගේ සල්ලි බලාගෙන යනකොට මෙයාට සල්ලි නැහැනේ