( තිළිණි ද සිල්වා)
ඇමෙරිකා රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පිරිනමන 2017 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවට හිමි සම්මානය ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් හිමි කර ගෙන ඇතැයි මෙරට ඇමෙරිකා තානාපති කාර්යාලය පවසයි.
ඇමෙරිකා ජනපති බිරිය මෙලානියා ට‍්‍රම්ප් අතින් අද(29) වොෂින්ටන් නුවර පැවති උත්සවයකදී සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හිමි සම්මානය පිරිනැමූ බව එම තානාපති කාර්යාලය කීවේය. ඇයට අමතරව ලොව පුරා තවත් කාන්තාවන් 13 දෙනකු ඒ සඳහා තෝරාගෙන ඇත.
ශ්‍රී ලංකාවේ විවිධ ජනවාර්ගික හා ආගමික ප‍්‍රජාවන්ට අයත් පවුල්වල අතුරුදන් වූ අය වෙනුවෙන් වෙහෙස නොබලා ගත් උත්සාහයන් වෙනුවෙන් කළ මෙහෙය අගයමින් ඇමෙරිකා රාජ්‍ය දොපාර්තමේන්තුව විසින් ඇයට මෙම සම්මානය ලබා දී ඇතැයි ඇමෙරිකා තානාපති කාර්යාලය සඳහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදම විහිළුව..
හොද වැඩක්
දිරිය මවක්, බිරිඳක්!
මේ රටේ මනුස්සය නැතිව (එක්කෝ දාල ගිහින්, නැතිනම් අකාලයේ මැරිලා ) දරුවෝ 4,5 තනියෙන් හදන ප්‍රසිද්ධියක් නොලත් ගැහැණු ඉන්නවා... තව පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.... විජේවීරගේ පවුල.... ඒ අම්මත් තනියම ළමයි ටික හදා ගන්නේ.... මේවා දේශපාලන සෙල්ලම් මිසක්, අරුතක් ඇති දේවල් නෙවෙයි...
ඔබතුමියගේ දයාබර සැමියාට සිදු වුණු අසාධාරණයට ළඟදීම පිළිතුරක් ලැබේව.
මගේ පියත් 89 දී අතුරුදහන් කළා. අපිට උදව්වට කව්රුත් හිටියෙම නෑ. අපි වගේ ගොඩක් පවුල් ඒ කාලේ දුක්විදින්න ඇති.
කොහොමත් ඇමෙරිකාවේ න්‍යාය පත්‍රයට ගැලපෙන අයට, ඒ රටෙන් ලැබෙනවා තමයි.
දිගටම ngo උදව් ලබන පාට තියෙනවා .හමුදාව රසායනික අවභාවිත කරපු බව දැක්කේ මෙයා විතරයි
නාරදට ඔලුව හොද නැත්ද? මැදමූලන රෙජිමයේ මිනීමැරුම් පෙන්නෙ විහිලු වගේද?
අපේ සුභ පැතුම්! දිරිය කාන්තා සම්මානයක් ලැබිය යුතු කාන්තාවක්.
මචන් අපිත් රට විනාස කරන්න මොනවහරි කලානම් පන දාගෙන ජොබ් කරන්න ඕන නැහැ බන් , සම්මාන ඩොලර් හෝ ගලා ගලනවා
සැමියා නැති අඩුව දන්නේ බිරිඳ සහ දරුවන් පමණි.............
සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට ලැබිය යුතු කොතරම් අගනා සම්මානයකි මෙය. ඇයගේ ස්වාමියාව මරාදැමු අයට තරාතිරම නොබලා දඬුවම් දියයුතු බව මෙයින් පැහැදිලිවේ .
මාර සම්මාන
ඈය තනිවම හිටපු ආන්ඩුවට එරෙහිව කල සටනට තමයි මේ සම්මානය ලෑබුනෙ. මුලු රටම ඈගේ සෑමියාව විවේචනය කරද්දි, මුලු මාධ්‍යම මෙයාගෙ සෑමියාගේ චරිතය ඝාතනය කරද්දි, කිසිම විටක නොසෑලී තවම එයාට වුනදේ හොයනවා. මෙතන් සමහරු කියනවා ඒ අයගේ අයත් අතුරුදහන් උනා කියලා. ඈයි මේ වගේ සටන්කාමී වෙලා ඒ අය ගැන හෙව්වෙ නෑත්තෙ. කාටවත් තවත් කාවත් මරන්න අයිතියක් නෑ.. ඒකට තමයි උසාවි තියෙන්නෙ. උසාවි අතට ගත්ත ආන්ඩු කවදාහරි ඒ කරපු වෑරදි වලට පව් වලට වන්දි ගෙවයි. මේ දේ ඕනෙම ආන්ඩුවකට, ඕනෙම පුද්ගලයෙකුට කැපයි
අනේ ..... අපි නොදන්න සම්මාන .......