ඇවන්ට් ගාර්ඩ් පෞද්ගලික ආරක්ෂක සමාගමේ සභාපති එච්.එන්.යාපා සේනාධිපතිට ව්‍යාපාරික කටයුතු සඳහා නයිජීරියාවට යාමට අවසර ලබාදෙන ලෙස කළ ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (12) ප්‍රතික්ෂේප කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ අතරමග නතරවන බව රහස් පොලිසිය කියා සිටි අතර ආරක්ෂක අමාත්‍යංශයේ සහ විදේශ අමාත්‍යංශයේ ලේකම්වරුන්ගේ වාර්තාව පදනම් කරගනිමින් එම නියෝගය ලබාදී ඇත.
ඔහුගේ සමාගමේ ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් නයිජීරියාවට යාමට සේනාධිපතිගේ නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයේ අවසර ඉල්ලා තිබූ අතර නයිජිරියාවට නොගියහොත් ඔහුට සහ රටට රුපියල් මිලියන 3500 ක පාඩුවක් සිදුවන බවද ඔවුහු සඳහන් කර සිටියහ.
මෙහි වැඩිදුර විභාගය ජූලි 11 වැනි දිනට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධය අවසන් වුණාට පසු විශ්‍රාමික රණවිරුවන්ටත් රටටත් අමතර අදායමක් ලබාදෙමින් ඔවුන්ගේ ශ්‍රමය ඵලදායකව යොදාගෙන රට තුළ සේවාමුක්ත භටයන් බහුලවීමෙන් ඇති වියහැකි අපරාධත් අවම කිරීමක් ඇවන්ට් ගාර්ඩ් නිසා සිදුවුණා.(හේ)
මෙච්චර අත්‍යවශ්‍ය පරීක්ෂණයක් නම් මේ නඩුව ජුලි වලට කල්නොදා ඉක්මනට කරන්න තිබුනනේ.? (ර)
අතර්ජාලෙන් වැඩේ කරගන්න. (ර)
ජාත්‍යන්තරය අභියෝගයට පත්කළ යුද වීරයෙක්! (නි)
ඔය වැඩේ කොහොමහරි කරගන්න ඕනෑ නම් නයිජීරියාවේ කට්ටියව ලංකාවට ගෙන්වා ගන්න (නි)
අනේ කාලේ වනේ වාසේ කිවුවලු! (නි)
යුද්ධය අවසන් වුණාට පසු විශ්‍රාමික රණවිරුවන්ටත් රටටත් අමතර අදායමක් ලබාදෙමින් ඔවුන්ගේ ශ්‍රමය ඵලදායකව යොදාගෙන රට තුළ සේවාමුක්ත භටයන් බහුලවීමෙන් ඇති වියහැකි අපරාධත් අවම කිරීමක් ඇවන්ට් ගාර්ඩ් නිසා සිදුවුණා. (නි)