ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති අද කොළඹ කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියේය.
සුපිරි කාරයකින් පැමිණි ඔහුගේ ආරක්ෂාවට ඩිෆෙන්ඩර් රිය දෙකක් ද පැමිණියේය.
ලොකු ලිපි ගොනුවක් රැගෙන ඔහු කාර්යාලයයට ඇතුළු විය.
ගාල්ල වරායේ පාවෙන යාත්‍රාවේ අවි ගබඩාව පවත්වාගෙන ගියේ ද මොහුය. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අනුමැතියෙන් එම ගබඩාව පවත්වාගෙන ගිය බව කියති.
රහස් පොලිසය පවසනුයේ එවැනි අවි ගබඩාවක් පවත්වාගෙන යෑම රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වන නීති විරෝධී ක්‍රියාවක් බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා ගැන අපට විස්වාසයක් ඇත. මේක බුද්ධ රාජ්‍ය. ඔබ නිවැරදි බව අපි දන්නෙමු. සත්‍ය ජයගනිවී. බුදුසරණයි. (ර)