ජනපතිවරණයේදි මෛත්‍රිපාල සිරිසේන මහතා සමග සිටි ඇතැම් පිරිස් වෙන්ව පෙරමුණකින් තරග කිරිමට තිරණය කළ පිරිස නැවත අප සමග එක්ව මැතිවරණයෙන් පසුව එකට එකතු වී ආණ්ඩුවක් හදන්න පුළුවන් ආකාරයේ අවබෝධතාවයකින් වෙන් වීමට කතා කර ගත් බව ග්‍රාමීය කර්මාන්ත ඇමති එස්. බී. දිසානායක මහතා සෙනසුරාදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උඩුනුවර එළුගොඩ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරිමේ උත්සවයේදී පැවැසිය.
‘රතන හාමුදුරුවෝ, පාඨලි චම්පික ඇමැතිතුමා, රාජිත සේනාරත්න ඇමැතිතුමාල සමාජ පරිවර්තනයක, සමාජ විප්ලවයකට ඉලක්කයක් ඇතිව රටේ ජනතාව මෙහෙයවන්න, රට මෙහෙයවන්න විශාල කැපකිරිම් හා පරිත්‍යාග කළ අය. මේ අය හෙටත් රටට වටිනවා‘



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට පිස්සු (බ)
සභාතොමෝ සතුටින් විසිර ගියහ (නි)
හැම පැත්තටම පනින රිලවුන් වගේ අයත් ඉන්නවා. (නි)
ඩබල් ගේම් කාරයෝ (බ)
එහෙට මෙහෙට පනින එක සමහරුන්ගේ සිරිතක්. (නි)
ඒ මොන බහුබූත කතාවක්ද , ගිය අය දිනනවා අනිවාර්යෙන්ම , තමුන්නැහෙලාට තමයි පැරදුනාට පස්සේ එතුමන්ලා පස්සේ බඩගාන්න වෙන්නේ (බ)
පුදන කොටම කාපි යකා කියන්නේ ඕවට තමයි. කට වාචාල කමට කිය යුතු දේ නොකිය යුතු දේ දන්නේ නැහැ. එහෙම තමයි වෙන්න ඕනේ නමුත් මෙයා ඒක කිව්වේ කවදත් යු එන් පීයට හිතවත් අයෙක් හැටියට ඒ පක්ෂයට කල්තියා අනතුරු ඇඟවීමක් කරන්න තමයි ඔය කට ඇරියේ, මෛත්‍රී ඔක්කොටම ඉස්සරවෙලා එලවන්න ඕනේ මේ වගේ අයව (බ)
මේ බුවාගේ නම් මොලේ හොඳම නැහැ. අංගොඩ දාන්න ඕනි මනුස්සයෙක්. (බ)
ඔය ලෙඩේට කියන්නේ ඔල්මොරොන්දම් කියල (බ)
සමහරුන්ට නම් දෙවියන්ගේම පිහිටයි (නි)
ඒ අය කෙසේවෙතත් මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව මේ පාර තීරණය දෙයි (නි)
අපි බලමුකෝ එහෙම වෙයිද කියලා (නි)
මට නම් පෙනෙන්නෙ දිනපු පැත්තට පනින්න බලාගෙන ගොඩක් දෙනෙක් ඉන්නවා වගේ (නි)
පිස්සුද කොහෙද ? (නදී)
ගියපු මන්ත්‍රීවරුන්ට ලැබෙන්න තියන ඡන්ද ටිකත් නැතිවෙනවා මේවගේ කතා ඇහුවම ඔන්න වලස් යාලුවෝ (බ)
බලාගෙන ඉන්න. (බ)
කට හොඳ නෑ වගේ , පඩික්කමක්ද (අ)
එයාලා ඒ තරම් හොඳ නම් ඇයි ඔබත් එකතු නොවන්නේ. ඔබ දෙපැත්තටම ඉන්නවා (බ)
අර්ජුනලා මේ පාර පරදිනවා අයෙමත් ජීවිතේට බළලු ලවා කොස් ඇට නම් බාවන්නේ නැහැ තොප්පිගල කැලේ , මැදවච්චි පාමංකඩ යන්නෙත් නැහැ (බ)
මේ කථා ඇසුවම මෙයාට වගේම අපිටත් හිතාගන්න බැහැ මෙයා මොන පැත්තෙන්ද ජන්දේ ඉල්ලන්නේ කියලා.(ම)
දිනන පක්ෂය දාලා යනවා බොරු. යහපාලනය සදහා වූ එක්සත් පෙරමුණට ජයෙන් ජය, ලංකාවට සුබම අනාගතයක්! (නදී)
ඇත්තමද ? (නදී)
දේශපාලඥයෝ මොනවා කිවුවත් අපි දන්නවා ඇත්ත (නි)
මෙයා කපටියි මහින්ද මහතා පරිස්සම් වෙන්න. (බ)
අනේ එස් ඔබත් යහපාලන පෙරමුණට එනවා ෂුවර් (බ)
මොකටද ගන්නෙ එයාලට පුළුවන්නම් ඡන්දෙන් දිනල එහෙම ඉන්න දෙන්න (බ)
අපිට නම් ආරංචි ඕකේ අනිත් පැත්ත එජාපේ දිනුවට පස්සේ මහරජාව අතැරල ඔබතුමාලත් එජාප රජයට එකතුවෙන බවයි (බ)
මේ බහුබුතයටත් තියෙන්නේ අගමැති සිහිනයක්. බලන්නකෝ පිටපස්සේ එල්ලලා තියෙන බලි මූන. මේ මිනිහා උසස් අධ්‍යාපන ඇමති වෙලා පහුගිය කාලේ කළෙත් එජාප කොන්ත්‍රාත්තුවක් තමයි. (බ)