එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටුවා වසර 11 කට පසුව පළමුවරට මැයි දින දෙකක් පැවැත්වීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ සන්ධාන සගයන් කිරුළපන ඇතුළත්මුදලි පිටියේද සන්ධානයේ සෙසු කණ්ඩායම් කොළඹ හයිඩ් පිටියේද මැයි දිනය පැවැත්වීමට යන නමුත් මහින්ද රාජපක්ෂ ඒ එකකටවත් නොයන බව දැනගන්නට ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සන්ධානය එක්වී එකට මැයි දින රැළියක් පවත්වමුයි මෛත්‍රිපාල ජනපති කළ ඇරියුමට මහින්ද රාජපක්ෂගෙන් ප්‍රතිචාරයක් ලැබී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් තේරෙනවද කවුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩන්න උත්සාහ ගන්නේ කියලා. (දිල්)
"යා දෙක නොරත රත - එකට පෑහීමක් නම් නැත" මෛත්‍රී ගේ යහපත් ගති ගුණවලට මහින්දට කිට්ටු කරන්නත් බැරිය. පවට පින් දෙන්න බැරිය. එලොවටත් නැති මෙලොවටත් නැති හිටපු පාලකයින්ගෙන් මැයි දිනයට වෙන සෙතක් නැත. (බ)
පරාජිතයෙකු නැවත මොකටද ? (නදී)
පැන්ෂන් කාරයෝ පැන්ෂන් විදිහට හිටියයුතු තැනක් ඇත, මුහුදේ ඉන්නේ එක මාලුවාද?...(බ)
හවුල් ආණ්ඩු , හවුල් රැලි . ඔක්කම අවුල් (බ)
අජිත් 20 වතාවක් පරාජය වෙලා දිනන්න පුලුවන්නම් , එක වතාවක් පරාජය වෙලා දිනන්න බැරිද? (බ)
අපරාදේ, අර අමුඩේ අස්සේ පිස්තොලේ හංගගෙන ඉන්න පින් බත් කෙලින මාර කල්ලිය මහින්ද රාජපක්ෂ මැතිතුමාව විනාශ කළා. (බ)
හත් දෙයියනේ පක්ෂේ කඩා ගෙනගිය කෙනාද වැරදි පක්ෂේ ඉන්න කෙනාද වැරදි කැකිල්ලේ රජ්ජුරුවෝ නැවත වැඩලද (බ)