(සුජිත් හේවාජුලිගේ)
ඉකුත් මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරීපත්වූ මන්ත්‍රීවරුන් සියලු දෙනා තවමත් සන්ධානයේ කටයුතු කරන බව එම සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා කතානායකවරයාට ලිපියක් යවමින් අද (20) දැනුම් දී ඇත.
සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීමත් සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වය අහෝසී වී යන හෙයින් 19 වැනි සංශෝධනය අනුව ඔවුන්ගේ මන්ත්රීධූරද අහිමිවන බව එක්සත් ජාතික පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් පාර්ලිමේන්තුවේදී මුලාසනයේ අවධානයට යොමු කෙරිණි.
මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායන ධූරය පිරිනැමීම සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් පත් කිරීමක් පත් කරන්නැයි කෙරුණු ඉල්ලීම ගැන කතානායකවරයාගේ මතයද හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඕවා කිව්වට හරි නෑ. ගිය 11වෙනිදා වෙනකොට මාසේ පැනලා. අනික ඉතින් දැන් අහන අහන කෙනා කියන්නේ පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තේ නෑ කියලනේ. ඒත් ඉතින් සාක්ෂි එක්කම මාට්ටුයිනේ. දැන් ඉතින් ඔන්න අලුත් කට්ටියකට පාර්ලිමේන්තු යන්න හොඳ අවස්ථාවක් තියෙනවා. පියසේන ගමගේ ගොඩ ගියා වගේ ගොඩ යන්න නියම වෙලාව !
අනිවාර්යයෙන්ම නඩු දැමිය යුතුමයි .
ඔය ව්‍යවස්ථාව කඩන හැම වාරයක් ගානෙම සිර දඩුවම් වැඩිවෙන බවත් ප්‍රජා අයිතිය පවා අහෝසිවෙනබව නුගත් මිනිස්සුන්ට කොහොම උගන්න්වන්නද ? ඔක්කොටම ගිනි තියාගෙන තමයි මේ යන්නේ .
සංධානය ? මැතිවරණ දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි පක්ෂයක්ද? 19 වෙනි සංශෝදනයේ තියෙන්නේ පක්ෂයක් මාරුකරන්න බැහැ කියන එකනේ? වයර් පැටලිලා වගේ නේද?
මින්මතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය නොදී පක්ෂය සුන්නත්දූලි කල යුතුයි. කිසිම ප්‍රතිපත්තියක් නොමැති දේශපාපකයෝ ටිකක්.....
මෙයාගේ රහස් ගනුදෙනු නිසා 62 ලක්ෂයක් ජනතා බලාපොරොත්තු අහක දැම්ම බව දැන් ප්‍රසිද්ධ රහසක්. එක පවුලක් වෙනුවෙන් පෙනී සිටින මොහු ගැන දැන් රටම දන්නවා. මෙතනදීත් මෙයා කරන්නේ එම පුද්ගලයන් ආරක්ෂා කිරීම පමණයි.
මේ ප්රශ්නය මා දකින්නේ නීති ප්‍රශ්නයකටත් වඩා සදාචාර ප්‍රශ්නයක් ලෙසයි. නීතිය හා ව්‍යවස්ථා කඩුලු මගහරිමින් වෙට්ටු දාගෙන ගොස් විපක්ෂ නායකකම රඳවා තබා ගන්න මහින්ද රාජපක්ෂ මහතාට හැකියාවක් තිබෙන්න පුළුවන් නමුත් මුල සිටම සිදුවූ දේ පිලිබඳ අතීතාවලෝකනයක් කල විට ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම පමණක් නොව සදාචාර විරෝධී ක්‍රියාවන් රැසක්ද සිදුවී තිබෙනවා. මහින්ද රාජපක්ෂ පිරිස අවස්ථාව එළඹෙන තුරු ශ්‍රී ල නි පයේ රැඳී සිටියේ හොර ගල් අහුලන ආකාරයෙනි. අගමැති තනතුර ලබා ගැනීමට එහා යන මතු බලයට එන සැලැස්මේ ප්‍රධාන අදියරයක් ලෙස නොඉවසිලිමත්ව එය ඉටු කරගන්න කල උත්සාහය තුළ අනපේක්ෂ කඩා වැටීමක් සිදුවන බව පොහොට්ටුවේ කාටවත් දැනුනේ නැහැ. තමන් විසින් නිර්දය ලෙස පහර දෙනු ලැබූ කතානායවරයාගේම මැදිහත්වීම නිසා මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක හැටියට පිළිගැනීම දෛවයේ සරදමක් ලෙස හඳුන්වන්න පුළුවන්.
මුළු රටම ඉස්සරහ පොහොට්ටුවේ සාමාජිකත්වය අරන් දැන් නෑ කියලා මෙහෙම සක්සුදක් සේ පැහැදිලි බොරු කියන මේ කට්ටිය අපිට නොපෙනෙන පරිපාලනමය වැඩ, ගනුදෙනු වලදී කොහොම බොරු කියනවා ඇත්ද, හොරකම් කරලා බොරු කරනවා ඇත්ද??
මේ තරම් නින්දා විඳපු නායකයෙක් ලංකාවේ ඉතිහාසයේ සිට නැහැ. පාප මිත්‍ර සේවනය නිසා මෙතුමාට මේ විපත වුනේ, කේවට්ටයින් වගේ උපදේශකයින් මෙතුමාව නැත්තටම නැති කළා. අවංකවම හිතලා බලනකොට මෙතුමා මේ සියල්ලට අහු වුනේ නොදැන නෙවේ. මෙතුමාට තමන්ගේ සහ පවුලේ අයට එල්ල වෙලා තියෙන චෝදනා නිසා මේ කේවට්ටයින් කියන පදයට නටන්න වුණා. කරන කලට පව් මීරිය මී සේ, විඳින කලට දුක් දැඩිවේ ගිනිසේ...
මේ පාර නම් මහින්ද මහත්තයා පුදුම පඹ ගාලක පැටලුනේ. මා සිතෙන්නේ මේ දේවලට නීති උපදෙස් දුන්නු පීරිස්, වාසුදේව, ගම්මන්පිල සහ ඩීල්දාස මේ තත්වයට වගකිව යුතුයි කියලයි.
හාමුදුරුවෝ හිතනවා ඇති එයා හරි නිසා අපි පිළිතුරු දෙන්නේ නැහැ කියා.
මහාචාර්ය බමුණු ! ඔබ ලියන්න දක්ෂයි. එහෙත් මොනවා ලිව්වත් කුණු ගඳ ගහන දේශපාලනයක් බදා ගෙන ඉන්න නිසා මධ්‍යස්තව හිතන්න වාසනාව ඔබ විසින්ම අහිමි කරගත් වේදනාවෙන් අන් අයට අපහාස කර කාලකන්ණි සතුටක් ලබන්නත් දීන උත්සාහයක යෙදෙන බවක් පේනවා . ලංකාදීප වැනි ශ්‍රේෂ්ඨ පුවත් පතක් ඔබට දී අවස්තාව කෙළසන්න එපා. මගෙන් ඉගෙන ගෙන මහාචාර්ය පදවි ලත් 5 දෙනෙක් ලංකාවේ මෙන්ම විදේශ රටවලත් ගෞරවනීය ලෙස ජීවත්වෙනවා. පුස්තකාලයේ (1964) සිට රජෙක් දක්වාවූ ගමනේදී අප මහින්ද සමගම හිටියා. මතු දිනක ඔබ වැන්නෙක් ඔහුගේ කුණු රෙදි අපුල්ලන්න ඉදිරිපත්වෙන බව දන්නා නිසා අප හට සමුදෙන්න සිදුවුනා. මහින්ද යුගයක වීරයෙක්ව සිටිබව ඇත්ත. ඒ යුගය අවසන් කළේ ජනතාව නොව ඔහුගේම පවුලේ උදවියයි. එසේ නොවන්න ඔහු අදටත් ජනතාවගේ සදාදරණීය නායකයායි. ඔහු හැදෙන පාටක් නැත. පාඩම් ඉගෙන ගන්න තරම් නිහතමානීද නැත. එහෙත් රනිල් ප්රමුඛ ජාතීද්‍රෝහීන් අනුර කුමරලා සහ සුමන්තිරන් වැනි අන්තවාදීන් එක්ව ශ්‍රී ලංකාවට කරන්න යන විනාශය වළක්වාලන ක්රියාදාමයේ යම් වැඩ කොටසක් කරන්න ඔහුට අභියෝගයක් තියෙනවා. නමුත් එය පොහොට්ටුව හරහා සිදුවීමට සමාජමය වශයෙන් ඉඩක් නැත.