මහපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන වෙළේසුදා සමග මුදල් හා දේපළ හුවමාරු සිදුකර ඇති බවට තොරතුරු හෙළි වූ බව කියන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, හිටපු පොලිස්පතිවරයකු, උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු හා සැරයන්වරයකුට එරෙහිව පරීක්ෂණ ආරම්භ කොට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා අද (22) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.
වෙළේසුදා නැමැත්තා ගේ ප්‍රකාශ මත ඔහු සමග සම්බන්ධකම් පැවැත් වූ බවට සදහන් වන පුද්ගලයින් හය දෙනකුගෙන් ප්‍රකාශක සටහන් කරගෙන ඇති බවත් ඒ ප්‍රකාශ අනුව ඉහත පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු හෙළි ව ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සදහන් කළේය.
මෙම පිරිසෙන් උප පොලිස් පරීක්ෂකවරයකු හා සැරයන්වරයා දැනට පොලිස් සේවයේ නැතැයි ද ඔහු කීවේය.
මොවුන් සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඒවා තහවුරු කරගෙන අදාල පුද්ලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
වෙළේ සුදා නැමැත්තා මත්ද්‍රවට ජාවාමට අමතර ත්‍රස්ථවාදී ක්‍රියාවලට හා මිනිස් ජාවාම් වලටද සම්බන්ධ බවට තොරතුරු හෙළි වී ඇති බවත් ඒ සම්බ්නධයෙන් තොරතුරු හෙළිකර ගැනීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඇයි ඒ අයගේ නම් ප්‍රසිද්ධ නොකරන්නේ? (නි)
බලාගෙන, ආයෙත් අසනීප වෙන්න පුළුවන් (නදී)
ආ.... ඔය එළිවෙන්නේ! (නි)
අනේ මන්ද රටම දන්නවා ඒ කව්ද කියලා. ඇයි තාම අත්අඩංගුවට ගන්නේ නැත්තේ. (ර)
අපි මහජනතාව විදියට බලාපොරොත්තු වෙන්නේ සාධාරණයක්...වැරදි කරුවෝ කවුරු උනත් නිසි දඩුවම් නිසි කලට දියයුතුයි...මොකද ඕව ඇදෙන්න ගියොත් වැරදි කරුවෝ නීතියෙන් රිංගල යන්න හැකි ලොකු ලොකු හිල් හොයා ගන්නවා.....මත්කුඩු කියන්නේ ජාතික අපරාද නිසා ඉක්මන් දඩුවම් ප්‍රසිද්දියේ නියම කල යුතුයි...අපේ රටේ නීති අනුව ලබාදිය හැකි උපරිම දඩුවම අච්චරයි මෙච්චරයි කියල අවුරුදු පහ හයකට හිරේ දල ඊට පස්සේ ටිකක් කලකින් නිදහස් දිනේටයි ...වෙසක් එකටයි ... ජනපති විශේෂ සමාව යටතේ නිදහස දුන්න කියල නැවත මේ අපරාධ කාරයෝ සමාජ ගත කරවන්නනම් එපා...ඒ වගේම අර කන්ටේනරයක ග්‍රීස් ටින් අස්සේ ගෙනාපු කුඩු වල අයිතිකාරයොත් හොයල දඩුවම් දුන්නොත් තමා නියම යහ පාලනයේ ආරම්භය වුන බව අපිට දැනෙන්නේ/ (අ)
බෞද්ධ උරුමය සුරැකි රටක අභිමානය මත්කුඩු හො මත්වතුර නොවේ, පංච ශීලයයි. පස්පව් රටක පරිහානියේ සලකුණයි. එයට සම්බන්ධ -අනුබල දෙන සියලු දෙනාට වත්මන් රජය සාධාරණය ඉෂ්ට කරයි කියල අපි බලාපොරොත්තු වෙනව. (අ)
දන්නෝ දනිති! (නි)
මම කොලොන්නාවේ පදිංචි කරුවකු නිසා මෙම සන්ධාන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා ගැන දනිමි. ලංකාදීපය දැන් ඉස්සර වාගේ බිය වියයුතු නැහැ නම හෙළිකරන්න. මාද්‍ය නිදහස අලුත් රජය යටතේ ලැබිලා තියෙනවා (නදී)
එතකොට අර කන්ටේනර් ගණන් ගෙනාවේ කව්ද? ඒවාට පරීක්ෂණ නැද්ද හැබෑටම? (නදී)
ඇයි මට විතරක්. කන්ටේනර් ගනන් ගෙනා කෙනාව අල්ලන්නේ නැතිද? (නදී)
මොහමඩ් ඉමිතියාස් පොඩ්ඩක් ඉවසල ඉන්නකො තාම මේ පටන් ගත්ත විතරනෙ. (බ)
මට මතක නැහැ (නදී)
ලංකාවේ නීතියේ කවදාවත් අපි අහල නැහැ දේශපාලනයට සම්බන්ද නඩුවකදී එහි අවසාන තීන්දුවට මොකද වුනේ කියලා. ඔවුන් කල වරද කලේ කව්ද, කුමකටද දැන්වත් අපි බලාපොරොත්තු වෙනවා නීතියෙන් මේවා රටට හංගන්නේ නැතුව හරි සත්‍ය දැන ගැනීමට. (නදී)
මිනිසත් බවේ නාමයෙන් දේශපාලන නායකයන් බල පෙරේත කම අමතක කර මහත්මයන්ට පමණක් දේශපාලනයට පිවිසීමේ මග හෙළි කරත්වා. ජාතික සභාව එවැනි නීති පනවත්වා. බොදු භික්ෂුන් වහන්සේලා ඇතුළු පුජ්‍ය පක්ෂය සාමකාමී මුළු ජාතියටම ප්‍රථමයෙන්ම මෛත්‍රී කරත්වා. එමෙන්ම ඡන්ද දායක දේශපාලන පක්ෂ වහලුන්ගේ ඇස් ඇරෙත්වා. (නදී)
මෙයා ඉඳ ගන්නේ ආණ්ඩු පැත්තේ ඒ හින්දා අත් අඩංගුවට ගන්න බැහැ (නදී)
මන්ත්‍රී කවුද කියලා නම් හිතාගන්න පුළුවන් (නි)
එතකොට ඒ මන්ත්‍රීවත් අත්අඩංගුවට ගන්නවද? (නි)
නලීන් ඔය තාමත් ඉස්සර ආණ්ඩුව තියෙන කාලේ වගේනේ හිතන්නේ. කවුරු වරද කලත්, වරද කරපු කෙනාව අත්අඩංගුවට ගන්න ඕනා. (නදී)
මේ පාර නම් සිංගප්පුරුවට යන්න බැරි වෙයි. (නදී)
මේ පුද්ගලයෝ දැන්ම අත්අඩංගුවට ගන්න. බැරිනම් රටින් පිටවෙන එකවත් වලක්වන්න.(දිල්)
මේ වැඩේට ලොකු ලොක්කෝ හවුල් ඇති .දැන් හැමදේම එළි වෙයි (දිල්)
මේවා කියවද්දී මට මතක් වෙන්නේ අපේ රටේ පාසල් යන දරුවෝ. තරුණ පරමපරාව දැනටමත් කොච්චර විනාශ වෙලා ඇතිද කියලා. කුඩු කාරයන්ට දඩුවම් දිය යුතුයි (නදී)
මතට තිත කියලා නේද ඉස්සර කිව්වේ (දිල්)
මේකත් අමතක උනොත් දඬුවම් දෙන්නෙ නැති වෙයිද? (නදී)
පොලිස්පතිව ඒ කාලේ කවුරුත් හැඳින්වූවේ බාලයා කියලා. දේශපාලන බලයෙන් උඩට ආපු කෙනෙක්. මේවා නව රජයටත් හොඳ පාඩම් (නදී)
වෙලේ සුදාට මුලින්ම මෙම මාර්ගය පෙන්නුවේ කව්ද? කොටි සාමාජිකයෙක්ද? කව්ද ? (නදී)
මට මතක නැහැනේ (නදී)
වරදකරුවන්ට නිසි දඩුවම් ලබා දෙන්න (නදී)
මෙතනදී නම් මොකා උනත් වැරදිකරුවන් අල්ලා නිසි දඬුවම් දිය යුතුයි. මේ තමා අපේ රට විනාස කරන අනිත් බලවේගය. නමුත් මොන රජය තිබුනත් හිරේ ඉඳලත් අපරාධ කරවන අයත් බොහොම කලක ඉඳන් සිටිනවා. ඒවා ගැනත් සිතන්න මොවුන්ව හිරේ දාන දවසට. (නදී)
අමතක විම මනුස්ස ගතියක් නිසා අර මන්ත්‍රීට ඔක්කොම අමතක වෙයි.(නදී)
මේ සැරේ හොරු ටික එළවලාම දාන්න නැවත නොඑන්නම (නි)
මේක ප්‍රසිද්ධ රහසක් කවුරුත් දන්නා! (නි)
ඔන්න බලන්න කුඩු කෑ විත්තිය මතක නැතිවෙන හැටි! (නි)
අයියගේ සංඥා අවුලක් නිසා පැත්ත මාරුකළ කෙනාද ? (නදී)
කොළඹ මිනිස්සු නම් මේ ගැන එක එක කතා කියනවා මට ඇසුනා. (නි)
රජයේ ඊළඟ පියවර වියයුත්තේ රටපුරා නගර සිසාරා පැතිරී ඇති සුරාසැල් වලට අවධානය යොමුකිරීමයි. දිනපතා බස් රථ වල යන අපට මේවායේ අසළ වයස් බේදයකින් තොරව ගැවසෙන අතිවිශාල ජනකායක් දක්නට ලැබීම මුළු රටේම අභාග්‍යයක්. (නි)
දැන් සාක්ෂිත් තියන එකේ ඇයි ඉතින් මෙයාව තවමත් අත් අඩංගුවට ගන්නේ නැත්තේ. රටින් පනිනකම් ඉන්නේ නැතිව වහාම මේ අපරාධකාරයාව අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි කියා පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා වහාම රටට දැන්විය යුතුයි. (නදී)
සුරක්ෂිත රටක්. සුභ අනාගතයක්. කුඩ්ඩන්ට මැරයන්ට දුෂිත දේශපාලුවන්ට. (නදී)
තවමත් වැඩේ යන්නේ වහෙන් ඔරෝ භාෂාවෙන් මොකද ඒ. යහ පාලනයෙනුත් කුඩු ජාවාරමට එරෙහි වන්න බැරිද? කාලය නම් ඉක්මනින් ගෙවී යනවා. තව දින 77 ඉතිරි යි (නදී)
බොදු බල සේනාව කිව්වා මුස්ලිම් අය තමයි කුඩු ගෙන්වන්නේ කියා. ඒත් දැන් පේනවා නේද ? (නදී)
අපෝ! මන්ත්‍රීට දැන් මොකුත් මතක නැතුව ඇති (නි)
පැහැදිලිව පේනවා නේද තානාපති පුටුවේ හිටිය අය කරලා තියෙන දුෂනය බොරුව. කුඩ්ඩන්ට උදව් කරලා කුඩ්ඩන්ගෙන් ජීවත්වෙලා . .පොලිස් තානාපති වෙලේ සුදාට උදව් කරලා . (අ)
මේ හමුවන කුඩු සියල්ලම ජනතාව ඉදිරිපිට පුච්චනවානම් හොඳයි නේද නැත්තම් ඒවා නැවතත් පිටතට යන්න පුළුවන්. (අ)
හිටපු පොලිස්පතිවරය රට ගියා.............(අ)