එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්ව සිටින මන්ත්‍රීවරුන් ගේ මන්ත්‍රී ධූර බලරහිත කරන ලෙස ඉල්ලා මහජන එක්සත් පෙරමුණ උපසභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා ගොනුකළ ඡන්ද පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළ අභියාචනාධිකරණය ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට දෙසැම්බර් 11 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද පෙත්සමේ වගඋත්තරකරුවන්ට අද(23)නියෝග කළේය.
අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී.නවාස් මහතා ඉදිරියේ අද (23)මෙම පෙත්සම කැඳවිණි.
මැතිවරණ කොමසාරිස් ,සන්ධානයේ හිටපු ලේකම් සුසිල් ප්‍රේමජයන්ත ,එම සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ඇතුළු 14 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් වෙති.මහජනතාව විසින් ප්‍රතික්ෂේප කළ අපේක්ෂකයින් නැවත ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම මෙරට ඡන්දදායකයන් ගේ සර්ව ජන ඡන්ද බල අයිතිය හෑල්ලුවට ලක් කිරීමක් මෙන්ම උල්ලංඝනය කිරීමක් බවද පෙත්සම්කරු සිය පෙත්සමින් කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිට පෙරත් පරාජිතයෝ පත් කරනකොට ගොළුවෝ වෙලා කියපු අය නේද මේ දැන් සබේට එන්නේ?(අ)
ඔය වෙස් මුණ ගැලවුනේ දිනලා දිවුරුම දීපු දවසේමයි...අපිනම් වෙස්මුණු දාගෙන ආවට එදා රැවටුනෙත් නැහැ..අද රැවටෙන්නෙත් නැහැ..සතාව අදුනනව.සර්පයා කියල දන්නවා..අහුවෙන පලවෙනි වතාවෙම චප්ප කරලා දාන්න හොද දෙකේ දෙකේ පොල්ලක් තියාගෙන ඉන්නේ. (අ)
සත්‍ය මහත්තයෝ...මෛත්‍රී මහත්තයාගේ තුට්ටු දෙකේ පක්ෂය පවා දීමේ ද්‍රෝහී දේශපාලනය සන්ධාන පාක්ෂිකයින් පසු ගිය මැතිවරනේදී පැහැදිලිව ප්‍රතික්ෂේප කරලා තියෙනවා ..පක්ෂයේ ජයග්‍රහණයට අබමල් රේණුවකවත් දායක නොවී ඒ ජයග්‍රහණය වලක්වන්න එළිපිට කටයුතු කළ එතුමා තම විධායක ජනපති බලේ අනුහසින් අනුන්ගේ දරුවන්ට උප්පැන්නෙට නම දීම සාධාරණයි කියන්නේ තමුන්ගේ මොන ප්‍රජාතන්ත්‍රවාදයේ මිනුම් දණ්ඩෙන්ද ?.ඔය දේශපාලන මංකොල්ලකාරයින්ට වඩා අපි සිය දහස් වරක් පිවිතුරුයි මහත්තයෝ..අපේ ඔය වගේ තුට්ටුදෙකේ වැඩ නැහැ..(බ)
වෙස් මුහුණු ගැලවේවිද (බ)
යහපාලගේ පිවිතුරුකමයි පරාජිත සමහරුන්ගේ පිවිතුරුකමයි දෙකම එකම ආකාරයේ එකක් වෙන්න ඕනෑ. (නි)