එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්ව සිටින මන්ත්‍රීවරුන් ගේ මන්ත්‍රී ධූර බලරහිත කරන ලෙස ඉල්ලා මහජන එක්සත් පෙරමුණ උපසභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා ගොනුකළ ඡන්ද පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළ අභියාචනාධිකරණය ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට දෙසැම්බර් 11 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද පෙත්සමේ වගඋත්තරකරුවන්ට අද(23)නියෝග කළේය.
අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී.නවාස් මහතා ඉදිරියේ අද (23)මෙම පෙත්සම කැඳවිණි.
මැතිවරණ කොමසාරිස් ,සන්ධානයේ හිටපු ලේකම් සුසිල් ප්‍රේමජයන්ත ,එම සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ඇතුළු 14 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් වෙති.මහජනතාව විසින් ප්‍රතික්ෂේප කළ අපේක්ෂකයින් නැවත ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම මෙරට ඡන්දදායකයන් ගේ සර්ව ජන ඡන්ද බල අයිතිය හෑල්ලුවට ලක් කිරීමක් මෙන්ම උල්ලංඝනය කිරීමක් බවද පෙත්සම්කරු සිය පෙත්සමින් කියා සිටී.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සන්ධාන ජාතික ලැයිස්තු පෙත්සම විභාගයට
රාධා Saturday, 26 September 2015 12:54 AM
මිට පෙරත් පරාජිතයෝ පත් කරනකොට ගොළුවෝ වෙලා කියපු අය නේද මේ දැන් සබේට එන්නේ?(අ)
පිවිතුරු යහපාල Wednesday, 23 September 2015 12:32 PM
ඔය වෙස් මුණ ගැලවුනේ දිනලා දිවුරුම දීපු දවසේමයි...අපිනම් වෙස්මුණු දාගෙන ආවට එදා රැවටුනෙත් නැහැ..අද රැවටෙන්නෙත් නැහැ..සතාව අදුනනව.සර්පයා කියල දන්නවා..අහුවෙන පලවෙනි වතාවෙම චප්ප කරලා දාන්න හොද දෙකේ දෙකේ පොල්ලක් තියාගෙන ඉන්නේ. (අ)
පිවිතුරු යහපාල Thursday, 24 September 2015 04:57 AM
සත්‍ය මහත්තයෝ...මෛත්‍රී මහත්තයාගේ තුට්ටු දෙකේ පක්ෂය පවා දීමේ ද්‍රෝහී දේශපාලනය සන්ධාන පාක්ෂිකයින් පසු ගිය මැතිවරනේදී පැහැදිලිව ප්‍රතික්ෂේප කරලා තියෙනවා ..පක්ෂයේ ජයග්‍රහණයට අබමල් රේණුවකවත් දායක නොවී ඒ ජයග්‍රහණය වලක්වන්න එළිපිට කටයුතු කළ එතුමා තම විධායක ජනපති බලේ අනුහසින් අනුන්ගේ දරුවන්ට උප්පැන්නෙට නම දීම සාධාරණයි කියන්නේ තමුන්ගේ මොන ප්‍රජාතන්ත්‍රවාදයේ මිනුම් දණ්ඩෙන්ද ?.ඔය දේශපාලන මංකොල්ලකාරයින්ට වඩා අපි සිය දහස් වරක් පිවිතුරුයි මහත්තයෝ..අපේ ඔය වගේ තුට්ටුදෙකේ වැඩ නැහැ..(බ)
දුමින්ද Wednesday, 23 September 2015 09:33 AM
වෙස් මුහුණු ගැලවේවිද (බ)
සත්‍යයා Thursday, 24 September 2015 12:41 AM
යහපාලගේ පිවිතුරුකමයි පරාජිත සමහරුන්ගේ පිවිතුරුකමයි දෙකම එකම ආකාරයේ එකක් වෙන්න ඕනෑ. (නි)