දෙදිනකට පමණ පෙර කන්තලේ දී විවෘත කළ සන්ධාන ඡන්ද ප්‍රචාරක ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ නියමයෙන් පොලිසිය අද (17) වසා දැමීය.
එම කාර්යාලයය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයය අතර දුර මීටර 125ක් පමණ බවත්, මැතිවරණ නීතිය අනුව දුර පමණ මීටර 150ක් විය යුතු බවත් පොලිසිය කියයි.
මැතිවරණ කොමසාරිස්ට ලැබුණු පැමිණිල්ලක් අනුව එම කාර්යාලය වසා දැමිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෝස්ටර් ගහන්නේ ජනාදිපතිතුමා නෙවෙයි පාක්ෂිකයෝ. පාක්ෂිකයන් එයාලගේ උවමනාවට කරනදේ දිහා වපර ඇසින් නොබලා පිරිසිදු සිතින් බලන්න (නදී)
මහත්තයෝ, අපරාදේ සල්ලි වියදම් කරන්නේ. පෝස්ටර් වලට, බැනර් වලට, කටවුට් වලට... පරිසරය විනාශ වෙනවා මහජනතාවගේ මුදල් නේද මේවට යන්නේ? (නි)
මහජනයාගේ හිතේ ඉන්නවා නම් අැයි මෙහෙම ? පරාදයි නේද ? (නදී)
ඕවා හදන එකෙන් කිසි ප්‍රයෝජනයක් නැහැ (නි)
විශේෂයෙන් ලංකික සමහර පුද්ගලයින්ට ප්‍රචාරණය මාර්ගයෙන් නැවත දැනුවත් වීම ඉතා වැදගත් . ලාංකිකයින්ට අතීතය අමතක කරන්න හරිම ලේසියි . ඒ අතර හුදු තම වාසිය තකා සත්‍ය අහක දමන්නෝද වෙති . රජ කාලයේ සිටම අපේ ජාතික විරුවන් ජාතිය අවධි කිරීමට එකල පවතී ප්‍රචාරණ ක්‍රම භාවිතා කෙරිණි .ඉතින් වසර 5 කට පෙර කාලය නැවත මතක් කර දීමටද , අද පවතින සාමකාමී තත්වයට , රටෙහි සංවර්දනයට නායකත්වය දුන්නේ කවුද කියා මතක් කිරීමට ප්‍රචාරණ මාධ්‍යන් භාවිතයේ ඇති වරද කීම ? ඡන්දයක්දී නොයෙක් ආකාරයේ ප්‍රචාරණ විදි අනුගමනය කිරීම සියලු රටවල් වල සිදු වේ. එයත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් .ප්‍රශ්නය ඇත්තේ අපේ නීති පොත් වල . ඒවා අවශ්‍යතාවය අනුව වෙනස් කළ යුතුයි . පරණ නීති අහක දමා ප්‍රයෝගික නව නීති ගෙන ආ යුතුයි . අවශ්‍ය සංවිධාන ශක්තිය නොමැති කම නිසා ,එසේ සංවිධාන ශක්තිය ඇත්තවුන් විවේචනය කිරීම දුර්වලතාවයක් .(හේ)
මින් පෙනෙන්නේ කුමක්ද? රටේ නීතියේ ප්‍රජාතන්ත්‍රවාදයේ බලය ගැන අපිට සිතාගත හැකියි නේද? (නි)
මේ දේවල් නිසා දවස ගානේ මිනිස්සු වෙනස්වෙන එක නවත්වන්න බැහැ (නි)
කල ගුණ අමතක කරන්න එපා. අපි අද පාරේ බැහැලා යන්නේ යුද්දය නැති නිසා. හැමකෙනා ලඟම වැරදි තියනවා. ජේ ආර්. ගේ පටන් මේ දක්වා ආණ්ඩු අපිට අමතක නැහැ (නදී)
ආබාධිත පුද්ගලයෙකුට මේ පාරේ රෝද පුටුවකින් යන්න ඉඩක් නැහැ. මේවා වැරදියි. (නි)
දැනට ගස් ගල් වල පින්තූර වලින් එල්ලිලා ඉන්න සමහර දේශපාලකයන්ට යම් දවසක ඇත්තටම එහෙම එල්ලිලා ඉන්න නොලැබේවා කියා මම පතනවා. (නි)
ඇයි මේවා ගැන කලින් හොයලා බලලා නෙමෙයිද දාලා තියෙන්නේ? (නි)
මේ කටවුට් වලට වියදම් කරන මුදල මීරියබැද්ද වතුයායේ නායයෑමට හසුවූ ජනයාට නිවාස සාදාදීමට යෙදෙව්වා නම් කොපමණ අගේද? (නි)
මෙතෙක් තිබෙන පැමිණිලි වලින් ක්‍රියාවට නැංවූ මෙම අවස්ථාව ගැන සතුටුයි (නි)
මොකද මේ සමහරු අඬන්නේ? ඡන්ද ප්‍රචාරක වැඩ මේසැරේ විතරක් නෙමෙයි හැම ඡන්දෙකම මීට කලිනුත් තිබිලා තියනවා. කාර්යාලය පිහිටුවීමේදී යම් ගැටළුවක් තිබේ නම් මැතිවරණ කොමසාරිස් නියෝග අනුව එය වෙනත් තැනකට ගෙනයාවි. (නි)
රටට වැඩ කළා නම් මොකටද මහත්තොයෝ මෙච්චර සල්ලි කන්නේ (අ)
සමන්ත, ඔයා හිතනවද වෙනත් ආණ්ඩුවක් තිබුනා නම් මේ ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා. (නි)
ඔය වගේ පොඩි පොඩි සුනාමි ගණන් ගන්න එපා නායකතුමනි. ඡන්ද නීතියට අනුව ඔබතුමා වැඩ කරන්න.ඔබතුමාට ජය නියතයි (නි)
ඡන්ද කොමසාරිස්තුමා කරන්නේ භාරධූර කාර්යයක්. ඒ වෙනුවෙන් අපි සැමදෙනා ඔහුට ආචාර කළයුතුයි (නි)
මේවා මහජනතාවගේ බදු මුදල් නේද? (නි)
ඉතින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මීටර 30 එහාට කළා නම් හරිනේ (නි)
රටේ ජනතාව මේවා දැකලවත් හරි තීරණයක් ගනීවි. රටට ජය වේවා! (නි)
සාමය සහ සාධාරණය අගයන ජනතාව මෙවැනි ක්‍රියාවන් බොහොම පිළිකුලෙන් හෙළා දකිනවා අනිවාර්යයි. (නි)
මේ වියදම් කරන මුදල් වලින් කී දාහකගේ බඩගින්න නිවන්න තිබුනද.(හේ)
කටුට් ගහන්න වෙලා තියෙන්නේ අපේ මිනිස්සුන්ගේ මතකය සතියකට පමණක් සීමාවීම නිසා. (හේ)
පිටරට වල නම් රූපය දාලා පෝස්ටර් ගහන්නේ "හොයලා දෙන්න" කියලා. (නි)
හැමෝම ඔහොම තමා බලයේ ඉන්නකොට. ඇයි අමතකද කලින් ආණ්ඩු ගැනත්? දැන් අනුන්ගේ වැරදි හොයනවා. (නි)
මේ වගේ කාර්යාලයක් තවත් පටුමඟක තියෙනවා. කටවුට් තියෙන්නේ පදික වේදිකාවේ. (නි)
යහපාලනය සදාචාරය ගැන ඉතින් දෙපැත්තටම සාධාරණයක් වෙන්න ඕනෑ. (නි)
දුකත් හිතෙනවා ගස් ගල් ගානේ ලයිට් කණුවල එල්ලිලා අපට වැදෙගෙන ඉන්නවා දැක්කම. කොහොම වුනත් සිරිසේන මහතාට ජය වේවා ! (අ)
අපේ මුදල් තමයි. (නදී)
ගස්,ගල් ගානේ, ලයිට් කණුවල එල්ලලා තිබුනට දැන් ඉන්නේ බුද්ධිමත් ජනතාවක්. (නදී)
සමන්ත, ඔබට මතක නැතුව ඇති නේද අවුරුදු තිහක් තිස්සේ තිබුනු යුද්ධය 2009 නිමාකළේ කවූද කියලා. (නි)
කොළොන්නාව මැතිවරණ කොට්ඨාශය තුළ හැමතැනම කටවුට් බැනර් පෝස්ටර් හා මැතිවරණ ප්‍රචාරක කාර්යාල පිහිටුවා තිබෙන අතර මෙම මැතිවරණ කොට්ඨාශය තුළ මැතිවරණය සම්බන්ධයෙන් වූ නීති ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්තුමන්ගේ අවධානය යොමුවෙනු ඇතැයි අපේක්ෂා කරමු! (නි)
එහෙම තමයි කරන්න ඕනෑ. නීතිය සැමට පොදුයි (නි)