සිරාජ් හසීම්
ඌව මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා විසින් දණගැස්වූ බව කියන බදුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිනි භවානි රගුනාත් මහත්මිය කිසිදු හේතුවක් මත හෝ වෙනත් පාසලකට ස්ථාන මාරුකර නොයවන බව ඌව පළාත් වතු යටිතල පහසුකම් සහ දෙමළ අධ්‍යාපන කටයුතු බාර අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා පැවසීය.
මෙකී සිද්ධියට අදාල විමර්ශන මේ වන විටත් ආරම්බ කර තිබෙන බවත් මෙම විමර්ශනවලින් කුමන දේ සිදුවුවත් මැයව බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙසින්ම තබා ගන්නා බවට දෙමළ අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තමා සහතික වන බැව්ද හෙතෙම කීය.
අභිනවයෙන් දිවුරුම් දුන් ඌව පළාත් දෙමළ අධ්‍යාපන අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා අදාල සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ බව සදහන් කලේය.
තවද මෙම විදුහල්පතිනිය ඉහළම සුදුසුකම් ඇති විදුහල්පතිවරියක බවද අමාත්‍යවරයා සදහන් කලේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි එයාගේ ජාතිවාදී වැඩගැන සොයා බලන්න වේවි.!!! ඒවට ඉඩ දුන්නොත් ඔහේගේ බෙල්ලත් නැතිවේවි !!!
තදින් ඉන්නවා කීවාට හැමවෙලේම එහාටයි මෙහාටයි පනිනවනේ. කවුරු ආවත් මේ ගොල්ලෝ බලේනේ..
එතකොට මෙයා සුදනා. කව්ද මේ අයට බලය දෙන්නේ?
තොන්ඩමන් ඇමති තුමෙනි, මේ ගුරුතුමිය සම්බන්දයෙන් ඔබතුමා ගත තීරණයට ඔබතුමන්ට අපගේ ස්තුතිය සහ ගවුරවය.
ඔයා ඌව පළාත්සභාවේ අධ්‍යාපන ඇමති වුනාට මහ ඇමති යටතේ නේද ඉන්නේ. මොනවද මේ කතා
මේ විදුහල්පතිනිය එකම එක සිංහල ළමයෙක්වත් ඔය ඉස්කෝලෙට අරගෙන නැහැ. මෙයා මේ කරන්නේ තනිකරම රඟපෑම, අපේ ජාතියත් ඉතින් ඕනෑම කෙනෙකුගේ කතාවට, කඳුලට රැවටෙන පිරිසක්නේ
මීට පෙරත් මේ පාසලේ ගුරුවරියන් මුල්කරගනිමින් ජාතිවාදී පසුබිමකින් ප්‍රශ්න මතුවුණා.
සිංහල ජනතාව හරිම කම්මැලි ජාතියක්... එ් නිසා තමයි අපි නිදහස ගන්න වෙලාවේ සුද්දෝ කම්කරුවන් ගේනවා. මේ රටේ රඳවා ගත්තේ අපිත් බුරුමය වගේ කළා නම් මේ ප්‍රශ්න මොකුත් නැහැනේ..
මෙපමණ දුර යන්න ඕනේ නැහැනේ... මෙම මහා ඇමැතිතුමා අස්වෙලා හිටියා නම්, චෝදනාව විභාග කරනවා නම්... කොහෙද? එහෙම කොන්ද පණ තියෙන අයවලුන් නැහැනේ...
මෙතන ප්‍රශ්නේ වුණේ මුස්ලිම් ළමයි නොගැනීම නේද? ඉතින් මුස්ලිම් ළමයි දෙමළ මදයෙන් ඉගෙන ගන්නවා. ඇත්තටම හිටපු ඇමතිවරයා වරදක් කලේ නැහැ. මෙතන තනිකරම දේශපාලන ගුණ්ඩුවක් තියෙන්නේ... උමා ඔය දඩමීමා කරගත්තු පිරිසක්.. කොහොම වුණත් පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම තවමත් අවුල් ජාලාවක්..