IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


සෞන්දර්ය සරසවියෙන් රූපවාහීනි නාලිකාවක්

 

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය මගින් ‘වාපා‘ නමින් රූපවාහීනි නාලිකාවක් ‘පසුගියදා ආරම්භ කළේය.

මෙරට  රජයේ විශ්ව විද්‍යාලයකින් පළමු වරට ආරම්භ කළ රූපවාහිනී නාලිකාව ලෙස මෙය හැදින්විය හැකිය.

මෙම නාලිකාව මගින් විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන්ට සහ අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි කටයුතු කරන සියලු දෙනාට සිය  නිර්මාණ , පර්යේෂණ , නවෝත්පාදන ආදිය ජනගත කිරීමේ හැකියාව පවතින බව එම විශ්ව විද්‍යාලය සඳහන් කරයි.

‘වාපා‘ රූපවාහිනි ලෙස නම් කර ඇති මෙම නාලිකාව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය යටතේ විකාශන කටයුතු ආරම්භ කරන බව එම විශ්ව විද්‍යාලය  සඳහන් කරයි.

පියෝ ටීවී නාලිකා අංක 123 ඔස්සේ ‘වාපා‘  රූපවාහිනී නාලිකාව නැරඹීමට හැකිය.  

මෙම නාලිකාවේ විකාශන කටයුතු ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගේ සහ අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරිණි.

සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහචාර්ය රෝහණ පී මහලියනආරච්චි, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදත්ත ලියනගේ , ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආරියරත්න කලුආරච්චි යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

 



අදහස් (2)

සෞන්දර්ය සරසවියෙන් රූපවාහීනි නාලිකාවක්

sharm warn Tuesday, 08 February 2022 02:08 PM

බොහොම හොඳ වැඩක්.මේ විශ්ව විද්‍යාලයට අනිවාර්යයෙන්ම තිබිය යුතු අංගයක්. දේශපාලුවන්ට කඩේ නොයා ස්වාධීනව වැඩ කරනවා නම් හොඳ නිර්මාණ බිහි කරන්න තෝතැන්නක් වේවි

:       0       9

RaveendraTuesday, 08 February 2022 08:22 PM

ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදියි. එසේම දේශපාලුවන්ට කඩේ නොයා ස්වාධීනව වැඩ කළයුතුමයි. එනමුත් අන්තරේ ඉන්න ජෙප්පන්ගේ පක්කලියන් නුදුරු අනාගතේදී වක්‍රාකාරව ජෙප්පන්ගේ නාලිකාව කරගැනීමටද වැඩි ඉඩ ප්‍රස්ථා තිබිය හැකි යයි සිතෙන්නේ අපට පමණක්ද? එසේ සිදුවූහොත් එයද එක්තරා ආකාරයක මලපෙරේත දේශපාලුවන්ට කඩේ යාමක් නොවේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 878 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site