IMG-LOGO

සෞන්දර්ය ශාලිකාවෙන් දරු තරු වරුණ

2016-05-27-ent-153

2016-05-27-ent-152ගීතය සංගීතය වූ කලී සහජ හැකියාවන් සතාභ්‍යාසයෙන් නිසි මග පෙන්වා දීමෙන් වෙර වෑයමින් හුරු පුරුදු කරගෙන මුදුන්පත් කරගත යුතු කලාංගයෝ වෙති. එලෙස අප කලා නිකේතනයෙහි සත්සර තරු කරවූ දූ පුතුන්ගේ දෙවැනි කලඑළි මංගල්‍යය දරු තරු වරුණ 2 බලන්නට දකින්නට ජූනි 3 වෙනිදා සිකුරාදා සවස 6.30 ට බිෂොප් විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයට පැමිණෙන මෙන්....

විශාරද දීපිකා පි‍්‍රයදර්ශනී ඇතුළු සෞන්දර්ය ශාලිකාවේ ඇඳුරු මඩුල්ල සහ සිසු දරු දැරියන්ගෙන් ලැබුණු ඇරියුම් පතක එසේ සටහන්ව තිබිණි. මේ මොහොතේ එකී දරු තරු වරුණ ප‍්‍රසංගය පිළිබඳව කරුණු විමසීමට අපි විශාර ද දීපිකා පි‍්‍රයදර්ශනියට ඇමතුවෙමු.

”මම සෞන්දර්ය ශාලිකාව පටන් ගත්තේ 1993 දී. එක ළමයෙකුගෙන් මේ ශාලිකාවට අවුරුදු 10 ක් පිරුණු 2003 අවුරුද්දේදි දරු තරු වරුණ ප‍්‍රසංගය පැවැත්වූවා. මහරගම යූත් රඟහලේදී එදත් මේ ප‍්‍රසංගය පැවැත්තුවෙ නොමිලේ.

දැන් අපේ සෞන්දර්යය ශාලිකාවට අවුරුදු විසි තුනක් පිරිලා. මේ වෙද්දී මේ ශාලිකාවෙන් බිහිවුණු සිසු දරුවන් රාශියක් ඉන්නවා. ඔවුන්ගේ එකතුවෙන් තමයි මෙවර ප‍්‍රසංගය පවත්වන්නේ. මේ ප‍්‍රසංගයට අංග එකොළහක් ඇතුළත්. පටන් ගන්නේ බුද්ධ වන්දනාවකින්. ඉවර වෙන්නෙ සංහිඳියාව පිළිබඳ පණිවිඩයකින්. කොහොම වුණත් මේ ප‍්‍රසංගයෙ තේමාව ආදරය සහ අධ්‍යාත්මික ගුණ වගාවයි.

මෙහි වාද්‍ය වෘන්දයට අයිති වෙන්නෙත් ළමයි. නමුත් මේ ප‍්‍රසංගයට සිසුන් සමඟ ඔවුන් පුහුණු කරවන ගුරු භවතුනුත් ඉදිරිපත් වෙනවා. වෙන එකක් තියා මමත් එක විශේෂාංගයකට ඉදිරිපත් වෙනවා. ඒ මතට එරෙහිව නිර්මාණය වුණු විශේෂාංගයක්. ජීවිතය මනරම් මතින් නිදහස් නම් යන ගීතයක් ඒ විශේෂාංගයේ දී ඉදිරිපත් කරනවා.

මේ ප‍්‍රසංගය නොමිලේ ඉදිරිපත් කරන්නක්. කැමැති කෙනෙකුට ඇවිත් නරඹන්න පුළුවන්.

 

2016-05-27-ent-154



අදහස් (1)

සෞන්දර්ය ශාලිකාවෙන් දරු තරු වරුණ

W.T.M Jayawardena Tuesday, 13 October 2020 06:30 AM

සෞන්දර්ය ශාලිකාවට ඇතුල් වෙන්නේ කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 147 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 436 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site