
(සුජිත් හේවාජුලිගේ )
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ නීතිඥ චමරි පෙරේරා මහත්මිය ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙස පත්කිරීමට පක්ෂයේ ඉහළ අවධානයට යොමුවී ඇත.
මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් තරුණ මන්ත්‍රී කණ්ඩායමක් දැනටමත් සාකච්ඡාව පවත්වා ඇත.
එම යෝජනාව පක්ෂයේ මධ්‍යම කාරක සභාවට සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අද හෙටම ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ.
මෙම යෝජනාවට පක්ෂයේ ඉහළ නායකත්වයේද ආශිර්වාදය ලැබී ඇතැයි දැනගන්නට ඇත.
මේ අතර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරඟ වැදීමට ආරාධනා ලැබුණහොත් භාර ගැනීමට සූදානම් බව නීතිඥ චමරි පෙරේරා මහත්මිය පසුගියදා ප්‍රකාශ කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණු එකතු වෙන්නේ කුණු ගොඩටමයි...!
අම්මෝ ඇති ලොකු අඩුවක් වෙලා තිබ්බා..
කනවැන්දුම් දේශපාලනය....
ලෝයර් කෙනෙක් ගෙදරම ඉඳලත් එතකොට...
ලයිට් බිල් ගෙවපු ඒවට සලකන්න ඕනෙ තමයි..
නංගි, බලාගෙන නාමල්ගෙන් පරිස්සම් වෙන්න.
මේ දේශපාලනය නිසා රටම කනවැන්දුම් වෙනවා, මේක ආසියාවේ කරුමය. මිනිස්සු වැඩකරන්නෙ තීරන ගන්නෙ ඔලුවෙන් නෙවෙයි පපුවෙන්...
පාර්ලිමේන්තුවේ සිටිනා පියාගෙන් මවගෙන් පසු පුතාට, දියණියට, බිරිඳ පාර්ලිමේන්තුවට පැමිණීමේ සම්ප්‍රදාය අවසන් කිරීමට හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ පාර්ලිමේන්තුවට පැමිණිය යුතුවේ. එසේ වුවහොත් ජනතාව වර්තමාන දේශපාලනය කෙරෙහි තවදුරටත් කලකිරෙනු ඇත...
මෙන්න මේ සිස්ටම් තමයි චේන්ජ් කළ යුත්තේ, මොන සිස්ටම් හැදුවත් මේ සිස්ටම් සදාකාලික නම් රටට ගොඩඒමක් නැහැ...!
මිනිස්සුන්ට දේශපාලනය තවත් එපා වෙන්න ඕවා හොඳයි...!
ලැයිස්තු හදන්නෙත් ඔවුන්, ලැයිස්තුවලට නම් දෙන්නෙත් ඔවුන්, ඒත් ඡන්දෙ දෙන්නේ අපි... මේකට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා... පත්වන අයට කියන්නේ මහජන නියෝජිතයින් කියලා. මාරයි නේද?
කොහොමත්... ඔය පොහොට්ටුව පිපෙන එකක් නෙමේ. පරවෙලා යන අය තමයි ඕකට එකතු වෙන්නේ. පුදුම ආසාවක් ලංකාවේ ගෑණුන්ට, පිරිමින්ට තියෙන්නේ... මිනිහා මැරුණු ගමන් එයාගේපුටුවට. පොල් කඩන මනුස්සයාගේ බිරිඳට විතරයි ඒ තැනගන්න බැරි...!
මෙයාට හොඳ, වැදගත් රැකියාක් කරන්න සුදුසු කම් තියෙද්දි ඇයි... මන්තිරි කමට එන්න උවමනා? මොකද්ද තියෙන අමාරුව...? රටේ ජනතාවගේ මුදල් වලින් නිකම් ඉඳන් සැප ගන්නද? රටේ තත්වය තේරුම් ගන්න බැරි මෝඩ ගැහැණියක්ද? මිනිහා හම්බ කරපු විදියට මෙයත් හිතන් ඇති... කෝටී ගාණක් වටිනා වාහන අරගෙන... ප්ලේන් එකේ යනවා වගේ ගිහින් මැඩම් වගේ ඉන්න. මනුස්සයා නගර සභාවේ කුණු අදින එකේ හිටියා නම් ඒ තැනගන්න යනවාද හරි ආදරේ ඇති කට්ටිය රටට ජනතාවට...!
බූරූ පරම්පරාව රැකගැනීම පිණිස තවත් ඉදිරි පියවරක්...!