(ඔගස්ටින් ප්‍රනාන්දු )
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත පෙරේරා මහතාට මේ මස 18 ත් 28 ත් අතර කාලයේ දි එංගලන්තයේ රැදි සිටිමට අවසර දෙමින් අද ( 10 ) අවසර දුන් හලාවත මහාධිකරණ විනිසුරු ඉනෝකා ප්‍රනාන්දු මහත්මිය මෙතෙක් අධිකරණයේ රඳවා ඇති විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය ද ලබා දෙන්නැයි නියෝග කළාය.
මන්ත්‍රිවරයා හා ඔහුගේ සහෝදරයා වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ ජගත් සමන්ත පෙරේරා මහතා 2018 .11.12 වන දින හෝ ඊට ආසන්න දිනයක දි රජකදළුව කරැක්කුලිය ජයතිලකාරාම විහාරස්ථානේ අනවසර යෙන් ගබඩා කර ඇති දැව තොගයක් සමබන්ධයෙන් පරික්ෂා කිරිමට ගිය අවස්ථාවේ දි එවකට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලෙක්ම් ධනසේන සුරසිංහ මහතාගේ රාජකාරියට බාධා කිරිම ඇතුළු චෝදනාවන් පහක් යටත් පවරා ඇති නඩුවේ සැකකරුවෝ වුහ .
සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ විදේශ ගමන් තහනම් කරමින් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයෙහි රදවා ගැනිමට අධිකරණය නියෝග කර තිබුණි.
මේ අතර මෙම මස 18 28 ත් අතර කාලයේ දි දේශපාලන කටයුත්තකට යාම පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාට එංගලන්තයට යාම පිණිස අවසර ඉල්ලා නිතිඥ තරංග දිසානායක මහතා මලින් මෝසමක් ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව ඉදිරිපත් කළ කරුණු කෙරෙහි සැළකිල්ලට ගෙන ඉල්ලා සිටි අවසරය දෙනු ලැබිය. රජයේ අධිනිතිඥ ධම්මික උඩවත්ත මහතා මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන බටහිර කුමන්ත්‍රණ වලට අහුවෙයි. මුන්ගේ ලණු කන හරක් තාම ලංකාවේ ඉන්නවා. මුන්ගේ දේශප්‍රේමය වහල්ලුන්ට හොදයි......