මහින්ද රාජපක්ෂ ජනපතිතුමා මෙතෙක් ජයග්‍රණ අත් කර ගත්තේ කට්ටඩියන් ,තොවිල් කාරයන්,මන්තරකාරයන් හා කේන්දරකාරයන් නිසා නොවේ යැයි ද එතුමා ජයග්‍රහණ කළේ දොවොල් දෙවියන්ගේ ආශිර්වාදයෙන් යැයි ද නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සීනීගම දෙවොල් දෙවොලේදී පැවසීය.
‘සුනාමි සිද්ධියෙන් පසු එතුමාට බොරු චෝදනා කරන විට අපි දෙවොල් දෙවියන්ට පොල් ලොරියක් ගැහුවා.දෙවොල් දෙවියන් ජීවමානව වැඩ සිටිනවා.කැපිලි කෙටිලිවලට ගල හරි පැත්තට ගම්මිරිස් ඇඹැරුවොත් හරියට හරි.මම අඹරපු අයට අද යන එනමං නෑ.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ උනාට ඔබතුමාව විසි අවුරුද්දක් හිරේ යවනවා කියපු අයටත් දෙවොල් දෙවියෝ කරුණාව දක්වන්නේ. ඔය අඹරන ඒවා තමන්ට කැරකෙන දවස ලඟයි. (නදී)
මෙවැනි අය පාර්ලිමේන්තුවට යවපු අයට නැවත වතාවක් හොඳ තීරණයක් ගන්න නියම කාලය ළඟම එනවා. (නදී)
පිස්සු විකාර ? (නදී)
ඔය නියන කතා බොරු.(හේ)
මෙතුමාටත් ආචාර්ය පට්ටමකට සියලු සුදුසුකම් සපුරා තියෙනවා වගේ.(හේ)
"මම අඹරපු අයට අද යන එනමං නෑ", කථාව නම් හරියටම හරි පොඩ්ඩක් කැරකිලා බැලුවානම් ඇස් දෙකෙන්ම බලාගන්න පුලුවන් (නදී)
මෙතුමා පත් උනෙත් එතකොට මිරිස් අඹරලා පොල් ගහලා වෙන්න ඇති. (නදී)
ගාල්ලේ උදවියට ලබන පාර්ලිමේන්තු ඡන්දෙදිවත් මොලේ පෑදේවා කියල මම පතනවා. (නදී)
දැන් කොපියුටර් ජිල්මාට් ගැන මෙතුමා මාධ්‍යට කියපු කතා වලට බය වෙලා වගෙයි. (නදී)
අනේ මේ වගේ ගල් යුගයේ ජීවත්වන අන්ධ භක්තික මිනිස්සු (නදී)
මෙවැන්නන් රට පාලනය කිරීමට සුදුසු නැත (නදී)
මාත් යන්න ඕනේ සීනිගම දේවාලේ පැත්තේ ගිහිල්ලා එන්න. මටත් තියෙනවා පොඩි වැඩ වගයක් කර ගන්න. (නදී)
මේ අය රටට මොනවා කරන්න බලාගෙන ඉන්න අයද මන්දා (නදී)
මෙතුමාගේ ඇඟට සාපේක්ෂව බුද්ධිය තියෙනවද කියන එක අපට ලොකු සැකයක්. මේ නියෝජ්‍ය ඇමති කෙනෙක්. මේ වගේ අය තමයි ගොඩක් අද ආණ්ඩුවේ ඉන්නේ. ඉදිරියේදී ජනතාව මොලේ පාවිච්චි කලොත් හොඳයි. (නදී)
මේ වගේ අයට ජන්දෙ දීපු ගාල්ලේ කට්ටිය පව් (බ)
බන්දුල මහත්තයෝ කාට ගම්මිරිස් අඹරන්නද ? (බ)
මේ විසිඑක්වෙනි සියවසයයි (දී)
මේවද සංවර්ධනය වෙනුවෙන් කියන කතා (දී)
අපි සරසවි යන කාලේ ගාල්ල,මාතර ගොඩක් අය හිටිය අපිත් එක්ක. බුද්ධිමතුන්. අනේ , දැන් මෙහෙම කතා කන අයද ඔය පළාතේ ඉන්නේ? (බ)
මේ වගේ බුද්ධිමත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ලබන්න ලංකාවේ ජනතාව පෙර පින් කළ උදවිය වෙන්න ඕන. මොහු පත් කල ගාල්ලේ ජනතාවට ස්තුති වේවා! පොල් ලොරියක් ගැහුවා වගේ ගම්මිරිස් ලොරියක් ඇඹරුව නම් හොඳයි අඹරන්න කට්ටිය ගාල්ලෙන් හොයාගන්න බැරි වෙන එකක් නෑ. (බ)
පද්මිණි , ගාල්ල මාතර පැත්තේ හිටපු බුද්ධිමතුන් දැන් එක්කෝ පිට රට නැතිනම් කොළඹට රස්සාවල් සොයාගෙන ඇවිත්. (බ)
දේශපාලන පුවත් වලට ලියන්න අකමැති වුනත් මෙහෙමත් බලි තොවිල් කාරයන් ටිකක් කියන වචනේ වත් නොලියා බැහැ. (දී)
බන්දුල පෙරේරා මහත්තයත් සීනිගම යනවලු අඹරන්න. මුතුහෙට්ටිගම හා බන්දුල එක ජාතියේ කියල අපිනම් දැනගෙන හිටියේ. (බ)
ගීතා නෝනා මෙයාගේ කට නැවත්වුවානේ ? (අ)