2016-12-15-ent-48

බොහෝ දෙනා දන්නා හඳුනන සරාගී සිනමා නිළි සනී ලියොන් ශාරුක් ඛාන් හා චිත්‍රපටයක් රඟපාන්න ආශාවෙන් හිටිය බව කවුරුත් දන්න කරුණක්නේ. ඉතිං ඇයගේ ඒ හීනය දැන් හැබෑ වෙලා තියෙනවා. ඒ ලබන ජනවාරි 26‍වැනිදා ඉන්දියාවේදී ශාරුක් ,සනී රඟපෑ චිත්‍රපටය එළිදක්වන්න කටයුතු යොදලා ඉවරයි.

සනී ලියොන් මෙම චිත්‍රපටයේ ලයිලා නමැති චරිතයට පණ පොවා තිබෙනවා.

චිත්‍රපටයේ නම තමයි ‘Raees‘. එහි පූර්ව ප්‍රචාරක දැන්වීම් පටය මේ වන විට අන්තර්ජාලයට මුදා හැරලයි තියෙන්නේ.

පූර්ව ප්‍රචාරක දැන්වීම් පටය අන්තර්ජාලයට නිකුත් කර පැය 20ක් යන්නට මත්තෙන් මිලියන 10කට අධික පිරිසක් නරඹා තිබෙනවා. ඉන්දියානු චිත්‍රපටයක ඉතා කෙටි කාලයකින් වැඩිම පිරිසක් නැරඹු චිත්‍රපටය මෙයයි.

 

2016-12-15-ent-49
2016-12-15-ent-50
2016-12-15-ent-51