බොලිවුඩයේ ‘බාබිඩෝල්’ ලෙස හඳුන්වන සනී ලියොන් සම්බන්ධව මේ දිනවල යළිත් කතා බහක් ඇතිව තිබෙනවා. ඒ ඇය ෂාරුක් ඛාන් රඟන ‘රායිස්’ චිත්‍රපටයේ ‘අයිටම්’ ගීතයක් සඳහා පෙනී සිටිම හේතුවෙනි.
පසුගියදා මෙම ‘අයිටම්’ ගීතය ඇතුළත් ප්‍රචාරක පටයක් නිකුත් කරනු ලැබු අතර, එයට ඉහළ රසික මෙම ‘ලයිලා මෙන් ලයිලා’ ප්‍රතිචාරද හිමි විය. ලැබෙන නිල නොලත් තොරතුරුවලට අනුව සනී ලියොන් දායකව ඇති මෙම ‘අයිටම්’ ගීතය සඳහා ෂාරුක්ගේ ‘රෙඩ්චිලි’ නිෂ්පාදන ආයතනය ඉන්දීය රුපියල් කෝටි 4ක මුදලක් යොදවු බවය. නමුත්, මෙම මුදලින් කොපමණ මුදලක් සනීට ලබාදුන්නේද යන්න තවමත් වාර්තා නොවේ.
මෙම ‘අයිටම්’ ගීතය ඉදිරියේදී සල්මාන් ඛාන් මෙහෙයවන ‘බිග්බොස්’ වැඩසටහන තුළින්ද පෙන්වීමට කටයුතු යොදා ඇති අතර, ඒ සඳහා ෂාරුක් ඛාන්ද එක්වන බව සඳහන්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd