ජනවාරි 25 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භවීමට නියමිත ෂාරුක් ඛාන්ගේ "රායිස්" චිත්‍රපටයේ එන "ලයිලා ඕ ලයිලා" ගීතය සඳහා ආරාධිත රංගනයේ නිරත වෙන සනී ලියොන් මේ දිනවල බොලිවුඩයේ බොහෝ පිරිසක් අතර කතා බහ වන චරිතයක් බවට පත්ව තිබේ. එයට හේතුව නම් ඇය එළැඹෙන දෙසැම්බර් 31 වැනිදා පැවැත්වෙන සජීවී සංගීත ප්‍රසංගයකදී ඇය "ලයිලා ඕ ලයිලා" ගීතය ඉදිරිපත් කිරීම සඳහා ඉන්දීය රුපියල් කෝටි 4ක මුදලක් අය කරගෙන තිබීමයි. මෙම ප්‍රසංගය ඉන්දියාවේ මුම්බායි නගරයේදී පැවැත්වීමට මේ වනවිටත් සියලු කටයුතු සංවිධානය කොට තිබේ.
"රායිස්" චිත්‍රපටයේ මෙම ගීතයට ඇය සුපිරි නළු ෂාරුක් ඛාන් හා නවක නිළි මිහිරා ඛාන්ද සමග රංගනයේ යෙදෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd