(මොහොමඩ් ආසික් සහ චමිල් රූපසිංහ)
සේනා දළඹුවා විනාශ කළ හැක්කේ කෘමින් බෝ කර මුදා හැරීම සඳහා පර්යේෂණ සිදු කරන බව උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රධාන කීට විද්‍යාඥ එස්.එස්. වැලිගමගේ මහතා කීය.
මේ සියල්ලට අමතරව ජෛව පාලනය මගින් මේ දළඹුවා පාලනය කිරීම සඳහා මේ වන විට පර්යේෂණ පවත්වමින් සිටින බවද ඒ මහතා කීය.
දේශීය බඩ ඉරිඟු වගාව ඇතුළු වගාවන් රැසකට සේනා දළඹුවා හානි කරමින් පවතී.
පාලනය කිරීමට සියලු උපක්‍රම භාවිතා කිරිමට ගොවීන් ඇතුළු සියලු දෙනා ක්‍රියාත්මක විය යුතු බව පේරාදෙණිය ගන්නෝරුව පිහිටි පැලෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේ දී අද (18) පැවැති වැඩමුළුවක ප්‍රධාන දේශණය පවත්වමින් ඒ මහතා එසේ කීය.
සේනා දළඹුවා පාලනය කිරීම සම්බන්ධයෙන් හා එහි හානිය සම්බන්ධයෙන් මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් සහ රජයේ නිළධාරින් දැනුවත් කිරීම සඳහා මෙම වැඩමුළුව පැවැත්විණි.
මෙහිදී තවදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කීට විද්‍යාඥ එස්.එස් වැලිගමගේ මහතා මෙසේ ද සඳහන් කළේය.
මේ සේනා දළඹුවා ලංකාවෙන් වාර්තා වෙලා මේ වන විට මාස තුනක් හතරක් පමණ ගත වෙලා තියෙනවා. මේ දළඹුවා ප්‍රධාන වශයෙන් හානි කරන්නේ තෘණ කුලයේ ශාකවලටයි. විශේෂයෙන් බඩ ඉරිඟු සහ වී වැනි ශාකවලටයි. එපමණක් නොව වෙනත් බෝග වර්ග සියයකට පමණ හානි කරන්න මේ දළඹුවාට හැකියාව තිබෙනවා. එපමණක් නොව විශේෂයෙන් සැඟව සිට ආහාර ගනිමින් ශාකය විනාශ කිරීමේ හැකියාව මේ දළඹුවාට තිබෙනවා. මේ දළඹුවා විනාශ කිරීම සඳහා උපයෝගී කරගත හැකි සියලු උපක්‍රම උපයෝගී කර ගත යුතුයි.
මේ දළඹුවා පාලනය කිරීම සඳහා වන විට විවිධ උපක්‍රම රැසක් සොයා ගෙන තිබෙන බවත් තවත් උපක්‍රම පිළිබඳව පර්යේෂණ පවත්වමින් තිබෙන බවත් ඒ මහතා කීය.
එම උපක්‍රම අතර ප්‍රමාද වී වගා නොකිරීම සහ සාමූහිකව වගාව ආරම්භ කිරීම, ප්‍රමාද වී වගාව ආරම්භ කිරීමෙන් හානිය වැඩිවන බවත් බීජ ප්‍රතිකර්ම යෙදීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යන බවත් ඒ මහතා කීය.
වගාව සඳහා යූරියා වැනි පොහොර වැඩියෙන් භාවිතා කිරීමෙන් වැළකී නිර්දේශිත පොහොර ප්‍රමාණය පමණක් භාවිත කිරීම, කෘමිනාශක වර්ග 13 ක නිර්දේශ ලබා දී තිබෙන බවත් කී ඒ මහතා වඩාත් පරීක්ෂාවෙන් සිට ආරම්භක අවස්ථාවේදීම දළඹුවා විනාශ කර දැමීමත් බිත්තර විනාශ කිරීමත් වඩාත් සුදුසු බවත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දළඹුවා මඩින්න කෘමි නාශක, දළඹු බිත්තර දමන සලබයා මඩින්න රාත්‍රියට වගාබිම් අවට ගිනිගොඩවල් අවුලුවන්න. ඉගිලෙන සලබයන් ගිනිගොඩට ඇවිත් විනාශ වේවි...
මේ දලඹුවාගේම වෙනත් විශේෂයක් 1978, 1979 කාලයේදී යාපනේ ලුණු වගාවට තදින්ම හානි කළා, ඒ වෙලාවේ මේ දළඹුවන් මර්ධනය සඳහා සාර්ථකව පාවිච්චිකලේ Ambush 2EC (Permethrin) දැනට මේ දළඹු විශේෂයක් අරාබි ගල්ෆ් රටවල Turf Grass වලට තදින් හානි කරනවා, නමුත් parathyroid වර්ගයේ කෘමිනාශක දෙකක් එක්කොට භාවිතා කිරීමෙන් ඉතා සාර්ථකව මේ දළඹුවාගේ හානිය ක්ෂණිකව මර්ධනය කිරීමට පුළුවන් වෙනවා..
සේනා දලඹුවා මර්ධනය කරන්න රජයත් කෘෂිකර්ම නිලධාරීන්, විශ්ව විද්‍යාල කොපමණ වෙහෙසක් කාර්ය භාරයක් කරනවද කියල රටේ ජනතාව දැනගෙන හිටියත් විපක්ෂය නම් දන්නේ නැහැ වගේ. එක එක ප්‍රකාශ කරනවා දකිනවා. ලෝකේ කොහෙවත් රටක මේ සේනා දළඹුව මර්ධරණය කරන්න රසායනික බෙහෙතක් හෝ වෙනයම් ක්‍රමයක් සොයාගෙන නැති බව නොදන්නා කෙනෙක් නැහැ.
මේ දළඹුවා පාලනය කරන්න කෘෂි නිලධාරින්ටයි, විශ්වවිද්‍යාලවලටයි.. සමහර විට බැරිවෙන්න පුළුවන්... හුඟක් කට්ටිය නොදන්නවා වුණාට ලංකාවේ නව නිර්මාණකරුවන් බොහොමයක් සිටිනවා. ඒ ගොල්ලන් මේ වැඩේට සම්බන්ද කරගන්න. කාටවත්ම හිතන්න බැරි විදියට මේක අවසන් කරලා දායි. එහෙම නැතුව එක එක්කෙනාට බනින එක නෙවෙයි.
හා... හා.. ඕක හරි සරලදෙයක්. කෘෂි නිලධාරින්ට, සහ පාලකයන්ට. මොකද පොල් ගහට කරපු දේ අපි දන්නවා පොල් ගහේ පත්රවලට ලෙඩ හැදුණාම ගහ කපන්න කියපු උන් ඉන්න රටනේ මේක.. අර එළුවට කරපු දෙය දන්නා නිලධාරින් සහ පාලකයන් ඉන්න රටනේ මේක. විලිලැජ්ජයි ! ගන්න වැටුපටවත් සාධාරණයක් ඉෂ්ඨ කරන්න දන්නේ නෑ. මේ නිලධාරින් සහ පාලකයන්...