දිවයින පුරා පොලිස් කොට්ඨාස 42 තුළ නීති විරෝධී අයුරින් ප්‍රදර්ශනය කර ඇති මැතිවරණ ප්‍රචාරක බැනර් හා කටවුට් ඉවත් කිරීමට කම්කරුවන් 1989 දෙනකු යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි.
පොලිස්පතිවරයා පෞද්ගලිකවම රට පුරා සංචාරය කරමින් සාධාරණ මැතිවරණයක් සඳහා නීතියට අනුකූල කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනුම්වත් කිරීමේ නිරතව සිටින බවත් මේ දිනවල මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්ක වල සංචාරයේ නිරතවන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෝස්ටර් ඉවත් කරන්න කම්කරුවන් ඕන වෙන්නේ නැහැ ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස් කලානම්.මේ පෝස්ටර් යුද්දෙන් වෙන්නේ මුදල් නාස්ති වීමක් සහ පරිසරය දුෂණය වීම පමණි .රටට සහ ජනතාවට ආදරය කරවනම් පෝස්ටර් නැතුව නිහඩව සේවයකිරිම තමයි ජනතා සේවය කියන්නේ. (ස)
අද පොලිසියට ගරු කරන්න පුළුවන්.(ම)