ඡන්ද නීතිය හරියට ක්‍රියාත්මක නොවෙතියි කියමින් එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා සිවිල් සංවිධාන රැසක් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ සිට දැන් උද්ඝෝෂණයක් පවත්වයි.

කෝ මැකෝ යුක්තිය වැනි පුවරු ඔසවාගෙන දහසකට වැඩි පිරිසක් එහි රැස්ව සිටිති.ඇතැම් පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය අමු අමුවේම ඡන්ද නීති කඩන නමුත් මැතිවරණ කොමසාරිස් කිසිත් නොකරතියි ඔවුහු කියති. එක්සත් ජාතික පක්ෂයේ එරාන් වික්‍රමරත්න, සුජිව සේනසිංහ මන්ත්‍රීවරුද, ජාතික හෙළ උරුමයේ පාඨලී චම්පික රණවක, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අනෝමා ෆොන්සේකා ආදීහුද එහි සිටිති.

මෙම අවස්ථාවට සහභාගිවූ ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලි චම්පික රණවක මහතා මෙසේ කියයි.

‘‘මෙතෙක් පැවැත්වූ මැතිවරණ වලින් ත්‍රස්තවාදී බලපෑමක් සන්නද්ධ බලයක් නොමැතිව පැවැත්විය හැකි පළමු ජනාධිපතිවරණය මෙයයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට සෑම ජනයාටම නිදහසේ තමන්ගේ රාජ්‍ය නායකයා තෝරාගැනීමට හැකියාව ඇති වටපිටාවක් සැකසී තිබේ. යුක්ති සහගත බව, සම අවස්ථා කාටත් ලැබිය යුතුය. ආරක‍්ෂක අංශය යොදා ගනිමින් කටවුට් ගසමින් ජනතාවට රාජපක‍ෂ පාලනය විසින් බලපෑම් කරමින් සිටියි. ජනතාවගේ පෙට්‍රල්, ඩීසල්, කිරිපිටි වලින් ගන්නා මුදල් වලින් ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු සිදුකරමින් අනෙකුත් පාක‍්ෂිකයින්ට ආරක‍්ෂක අමාත්‍යාංශයත් මැදිහත්කර ගනිමින් බලපෑම් කරයි‘‘

RDS_4630 RDS_4643 RDS_4650 RDS_4661 RDS_4666 RDS_4674 RDS_4685 RDS_4687 RDS_4709 RDS_4715 RDS_4717 RDS_4724 RDS_4730 RDS_4735 RDS_4740 RDS_4747 RDS_4759 RDS_4762