ඡන්ද නීතිය හරියට ක්‍රියාත්මක නොවෙතියි කියමින් එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා සිවිල් සංවිධාන රැසක් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ සිට දැන් උද්ඝෝෂණයක් පවත්වයි.
කෝ මැකෝ යුක්තිය වැනි පුවරු ඔසවාගෙන දහසකට වැඩි පිරිසක් එහි රැස්ව සිටිති.ඇතැම් පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය අමු අමුවේම ඡන්ද නීති කඩන නමුත් මැතිවරණ කොමසාරිස් කිසිත් නොකරතියි ඔවුහු කියති. එක්සත් ජාතික පක්ෂයේ එරාන් වික්‍රමරත්න, සුජිව සේනසිංහ මන්ත්‍රීවරුද, ජාතික හෙළ උරුමයේ පාඨලී චම්පික රණවක, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අනෝමා ෆොන්සේකා ආදීහුද එහි සිටිති.
මෙම අවස්ථාවට සහභාගිවූ ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලි චම්පික රණවක මහතා මෙසේ කියයි.
‘‘මෙතෙක් පැවැත්වූ මැතිවරණ වලින් ත්‍රස්තවාදී බලපෑමක් සන්නද්ධ බලයක් නොමැතිව පැවැත්විය හැකි පළමු ජනාධිපතිවරණය මෙයයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට සෑම ජනයාටම නිදහසේ තමන්ගේ රාජ්‍ය නායකයා තෝරාගැනීමට හැකියාව ඇති වටපිටාවක් සැකසී තිබේ. යුක්ති සහගත බව, සම අවස්ථා කාටත් ලැබිය යුතුය. ආරක‍්ෂක අංශය යොදා ගනිමින් කටවුට් ගසමින් ජනතාවට රාජපකෂ පාලනය විසින් බලපෑම් කරමින් සිටියි. ජනතාවගේ පෙට්‍රල්, ඩීසල්, කිරිපිටි වලින් ගන්නා මුදල් වලින් ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු සිදුකරමින් අනෙකුත් පාක‍්ෂිකයින්ට ආරක‍්ෂක අමාත්‍යාංශයත් මැදිහත්කර ගනිමින් බලපෑම් කරයි‘‘
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සාධාරණ ඡන්දයක් ඉල්ලා රාජගිරියේ උද්ඝෝෂණ
රණසිංහ Saturday, 20 December 2014 12:42 PM
කියන්නත් දෙයක් තියෙන්න ඕනෑනේ. ඒක නිසා දැන්මම කට්ටිය පාරට බැහැලා (නි)
අතුල Thursday, 18 December 2014 07:33 AM
හැමදාම හොර බැහැ. යුක්තිය රජ කරාවි ඉදිරියට. (නි)
පාලිත Thursday, 18 December 2014 07:35 AM
මිනිස් බලය පෙන්නුවා නම් එතකොට තේරෙයි හොර ඡන්ද මෙදා පොටේ බැරි බව (නි)
අප්පුහාමි Thursday, 18 December 2014 07:36 AM
පශ්චාත් මැතිවරණ උද්ඝෝෂණ දැන්මම පටන් අරගෙන වගෙයි (නි)
උදේෂ් Thursday, 18 December 2014 07:55 AM
මැතිවරණය සාධාරණ වෙයි කියලා මට නම් ලොකු විශ්වාසයක් තිබෙනවා (නි)
රොහාන් Thursday, 18 December 2014 07:59 AM
අප්පුහාමිලා වගේ අයට මේවා තේරුම් ගන්න ටිකක් කරදර වෙන්න වෙනවා. එනිසා කඩේ යන්නෙ නැතුව බලාගෙන් ඉන්න මොකද වෙන්නේ කියලා. (නි)