ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ රාජගිරිය සදහම් සෙවණ අසපුවේ අද (20) උදේ මුල්ගල් තැබීමේ උත්සවයක් පැවැත්විණි.
පෙරවරු 10.30ට නියමිත එම උත්සවය ඊට දෙපැයකට පෙර පැවැත්වීමට තීරණය කළේ ප්‍රභූවරයකු ඒමට නියමිතව සිටි නිසා යැයි රතන හිමියෝ කීහ.
එහෙත් විශේෂ අමුත්තා නොපැමිණෙන බව පෙනෙන්නට ඇතැයි කී රතන හිමියෝ මුල්ගල තබන ලෙස කථානායක කරු ජයසූරිය මහතාට ඇරයුම් කළේය.
යළි නිවේදනයකින් කියවුණේ පරක්කු වූ විශේෂ අමුත්තා උත්සවයට සහභාගි වීමට පිටත්වූ බවයි. උත්සවයේ වැඩ යළිත් නතර කැරිණි. ඒත් අමුත්තා පැමිණියේ නැත. පසුව මුල්ගලද තැබිණි. මුල්ගල් තැබීමේ උත්සවයට ආ පිරිස්ද විසිර ගියහ.
උත්සවයේ විස්තර ප්‍රචාරය කළ නිවේදකයා ප්‍රචාරය කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වන බවයි. හිමි නමක් ඔහු ළඟට අවුත් කනට කොඳුරන විට ඔහු තමාට වූ අත්වැරැද්ද නිවැරදි කරගත්තේය.
අභාවප්‍රාප්තවූ ඇමැති එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ අවමගුල් කටයුතු නිසා මෙම ප්‍රමාදය සිදුවී ඇතැයි දැනගන්නට ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහල්බවෙන් මුදවාගන්න ගියාම වහල්ලු කිව්වලු අපි වහල් බවට කැමැතියි කියලා. මේක එහෙම රටක් (නි)
මහින්ද හැමදාම හිටපු ජනපති තමයි (නි)
මොහාන්, බොරු කියන්න එපා. එහෙම මහින්ද මහත්තය කියලා නැහැ (නි)
වෙනස ඕව තමා ගණන් ගන්න එපා යහපාලනය (බ)
මහින්ද කියන්නේ ලෙහෙසියෙන් අමතක කරන්න බැරි උතුම් නමක් (නි)
නැකතකටවත් හරියට වැඩක් කරන්න බැරිද? (නි)
මොහාන් වගේ අය තමයි රත්තරන් අශ්වයෝ වගේ බොරු හැදුවේ. බොරුවෙන් ජාතියට පණදුන් ඒ මිනිසා පැරදුවා (නි)
ටුනිසියාවේ බෙන් අලිත් , ලිබියාවේ ගඩාෆිත්, පිලිපීනයේ ෆර්ඩිනන් මාර්කෝස් රටට සහ එරටේ ජනතාවට විශාල සේවයක් කළ ශ්‍රේෂ්ඨ නායකයන් (නි)
මහින්ද කියන්නේ ශක්තිමත් පිට කොන්දක් තිබෙන ශ්‍රේෂ්ඨ නායකයෙක්. (නි)
අනේද කියන්නේ කිව්වලු. (නි)
රාජපක්ෂවරු තව අවුරුදු 2 ක් හිටියා නම් අපේ රටට මොනවා වෙයිද? (නි)
රාජපක්ෂ නාමය කිසිදා අමතක කරන්න බැහැ (නි)
ඉස්සරනම් උත්සවවල ප්‍රධාන අමුත්තා භීක්ෂුන් වහන්සේ නමක් තමයි. දැන් තමා මිනිස්සුන්ට දේශපාලකයෙක් නැතුව කිසිම උත්සවයක් කරන්න බැහැ.(ම)
ගයාන් ... .කල් ඉකුත් වූ බඩු හැමෝම ගන්නේ නැත .අඳ ,ගොළු ,බිහිරි ,සමහර විට ගන්න පුළුවන් ..(බ)
මහින්ද හැමදාම අපේ ජනාධිපතිතුමා එතුමාට ජයවේවා (ම)
මහින්ද/ගෝඨා රාජපක්ෂලා නොහිටියානම් මේ රට මොකද්ද කියල හිතාගන්නත් බැහැ. ළඟදීම නැවත මේ රට ගොඩගන්න ඔවුන් එනවා. ජයවේවා. (බ)
මොන දේ කිව්වත් කවුරු බැන්නත් තාමත් ජනාධිපති කිව්වම ගොඩක් දෙනෙක්ට මතක් වෙන්නේ මහින්ද මහත්තය තමා,ඒක තමා ඇත්ත කවුරු පිළිගන්න අකමැති වුණත් (බ)
මේ ඉඩම ගිය ආණ්ඩුවෙන් ඉල්ලා ගෙන ආරාමය හදන්නත් උදවු ගත්තට දැන් මහින්ද මහත්තයව මේ උන්නාන්සේට පේන්න බෑ. එන්න හිටියේ සිරිසේන (බ)
මේ අර අල්ලස් කොමිසමේ කෙනා නේද කහ පාට ඇඳගෙන ඉන්නේ. එයාගේ අපක්ෂපාතකම හොඳටම පෙනෙනවා. (බ)
රටත් රටේ අසරණ මිනිස්සුත් නිදහස් කර ගත්තහම සමහරු කියනවලු අනේ අපිට සහ අපේ දරුවන්ට වහල්ලු වගේ ජීවත්වෙන්න ඉඩදෙන්න කියලා. (නි)
ශ්‍රී ලංකාවට මහින්ද රාජපක්ෂ.....! (නි)
එතුමා සැමදා අපේ හදවතේ විරාජමානයි (නි)
අපේ හිතේ ඉන්නෙත් මහින්ද (නි)
තිලක් ලොක්කෝ, රාජපක්ෂවරුන් නොසිටියා නම් ඔහේලා පයගහගෙන හිටපු ලංකාවත් මෙලහකට නැහැ. හැමදාම අරාබියට වෙලා ඉන්න තමයි වෙන්නේ. (නි)
සමහරුන්ට රාජපක්ෂවරුන්ගෙන් තොර ජීවිතයක් නැහැ. දැන් ඔවුන් පිස්සු වැටිලයි ඉන්නේ. (නි)
තමන් බාර ගත්ත දෙයකට නොපැමිණෙන කෙනා නම් 'විශේෂ අමුත්තෙක්'ම තමයි. (ම)
මිනිසුන්ගේ හදවතේ ජීවත්වෙන සැබෑ නායකයා මහින්ද. ඒක බොරුකරන්න බැහැ. (නි)
මිනිස්සුන්ගේ හැමදාම ජනාධිපති මහින්ද රාජපක්ෂ තමයි. (ම)
මහින්ද රාජපක්ෂ නම හැම තැනම විහිදිලා. (බ)
ගයාන් හැමදාම ඉන්න ගිහින් තමා යන්න වුණේ. (බ)
පුටුවේ නැතිවුණාට අපේ හදවතේ ඉන්නවා (නි)
කමල්, ඔබ හරියට හරි. (නි)
කමල්, බලාගෙන ඉමු. තවම අවුරුද්දනේ (නි)
මුල්ගල් තියන්නේ නැකැත් වලට නෙමෙයිද? (නි)
ඒකත් නියම වැඩේ තමයි... (නි)
වැරදීමකින් උනත් නිවේදකයා කරලා තියෙන්නේ උතුම් වැඩක් (නි)
කමල්, තාමත් ලැජ්ජා නැහැ වගෙයි ඔබට (නි)
සැරදේවා මහින්ද රාජපක්ෂ අපේ දෙවියෝ...! (නි)
ඉන්දියාවට නේරු, පකිස්තානයට අලි ජින්නා, සිංගප්පුරුවට ලී කුඅන් යෙව්, ශ්‍රී ලංකාවට කවදත් මහින්ද රාජපක්ෂ තමයි (නි)
මහින්ද මහත්තයා ජනාධිපති වෙලා අවුරුදු 2-3 ක් යනකම් සමහර නිවේදකයෝ කිව්වේ ජනාධිපති චන්ද්‍රිකා මැතිනිය කියලා. මහින්ද මහත්තයා එක පාරක් ඇහුවා අවුරුදු දෙකක් ගිහිල්ලත් තාම පරණ එක්කෙනාව අමතක වෙලා නැද්ද කියලා. නිවේදකයෝ මතකයේ තිබෙන දෙය කියනවා මිසක් හදවතේ තිබෙන දෙය නෙමෙයි කියන්නේ. හදවතේ කොහොමත් කොලොස්ටරෝල් ඇරෙන්න මේ වගේ දේවල් තියෙන්න බැහැනේ. (නි)
මහින්ද මහතා නෑවිත් ඉන්න මනුස්සයෙක් නොවෙයි. නැවත එන එක ස්ථීරයි (නි)
හිටපු ජනපතිගේ නම ඇහුනත් අපිට සතුටුයි. (නි)
මොහාන්, ඔයාලා වගේ කොලොස්ටරෝල් වලින් පිරුන රුධිරයෙන් නොපිරුන හදවත් වලට පමණයි මහින්ද මහත්මයා අමතක කරන්න පුළුවන්. ගුණමකුකම ඉහවහා ගිහින්. (නි)
අමා, ඔයා තවත් හීන දකින්න එපා. මහින්ද මහත්තයා ආපසු එන්නේ නැහැ. (නි)
මට නම් පෙනෙන්නේ සමහරු අදහස් දාලා තියෙන්නේ රැල්ලට කියලයි. යථාර්ථය දැකලා නෙමෙයි! (නි)