අපෝස සාමාන්‍ය පෙළ විභාගයේ අද(09) පැවැති බුද්ධ ධර්මය ප්‍රශ්න පත්‍රයේ පළමු බහු වරණ ප්‍රශ්නය ගැටළු සහගත බව සිසුහු සහ ගුරුවරු පවසති.
පාසල්වල හා පිරිවෙන්වල බුද්ධ ධර්මය උගන්වන ස්වාමීන්වහන්සේලා කිහිප නමක්ද කීවේ එම ප්‍රශ්නයේ ගැටළුවක් ඇති බවයි. එම ප්‍රශ්නය මෙසේය.
සිදුහත් කුමාරයා උපත ලැබුවේ කොසොල් රටට අයත් ශාක්‍ය ජනපදයේ අගනුවර වූ,
- දෙව්දහ නුවරය 2) සැවැත් නුවරය 3) කපිලවස්තු පුරය 4) කිඹුල්වත් පුරය
එම පිළිතුරු අතුරින් නිවැරදි පිළිතුර තෝරන්නට තිබිණි.
10 ශ්‍රේණිය බුද්ධ ධර්මය පොතේ සඳහන්ව ඇත්තේ ශාඛ්‍ය ජනපදයේ අගනුවර කපිලවස්තු පුර ලෙසිනි.
කැලණිය විශ්ව විද්‍යාලයයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා පැවසුවේ කිඹුල්වත් නුවර කියනුයේ ද කපිලවස්තුපරයටම බවයි.
කැලණිය විශ්ව විද්‍යාලයයේ පුරා විද්‍යා අධ්‍යයන අංශයේ මාහාචාර්ය ප්‍රිෂාන්ත ගුණවර්ධන මහතා කියනුයේ ද කපිලවස්තුපුර හා කිඹුල්වත් නුවර එකක් බවයි.
ප්‍රශ්න පත්‍රයක දෙනුයේ වඩාත්ම ගැලපෙන පිළිතුර තෝරන්නට බවත්, ළඟින් යන උත්තර කිහිපයක් තිබුණත් නිවැරදි පිළිතුරක් තිබෙන බවත් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන්ජය ඔයා විභාග වලට ලිව්වා නම් ඒවායෙන් සමර්ථ වුනාද කියලත් කියන්න!. ලිවීම හා සමත් වීම අතරේ ලොකු වෙනසක් තියෙනවා (බ)
අනේ අම්මේ..? හැම සැරේම මේ ප්‍රශ්න පත්තර අනාගන්නවනේ? ඇමතිතුමා ළඟත්, විපක්ෂයටත්, හොඳ..හොඳ.. ප්‍රශ්න, උත්තර ඇති? (බ)
ශාන් සෞදි, ඔව් ඔව් ඇල්කොහොල් හැදුවේ කොසොල් රජ්ජුරුවෝ කියල කියයි (නදී)
මම නම් කියන්නේ දෙව්දහ නුවර කියලායි (නි)
අනේ මන්දා අපිටත් පිස්සු හැදෙනවා මේවා අහලා (නි)
වරණ 3 සහ 4 දෙකටම ලකුණු දෙන්න. මේ වගේ දේවල් ඕනෑතරම් විභාගවල වෙනවා. මේකත් හරියට ශ්‍රී ලංකවේ අගනුවර කොළඹද කෝට්ටේද කියලා අහනවා වගෙයි. (නි)
මම නම් අසා තිබෙන්නේ , කපිලවස්තු සහ කිඹුල්වත් යන නුවර දෙකම එක බවයි. ලුම්බිණි සල් උයන පිහිටියේ කොහේද ,එතන අයත් නුවර තමයි නිවැරදි පිළිතුර . (දිල්)
අපේ සමහර අධ්‍යාපනය සම්බන්ධ බලවතුන්ට අද අවශ්‍ය වෙලා තියෙන්නේ රටේ හිටපු ජනාධිපතිවරියන්ගේ රෙදි ගලවා පාරේ යවන්නනේ. ඒක කතාවකින්ම කිවුවනේ! (නි)
අපිට දැනගන්න ඕනෑ අධ්‍යාපන කටයුතු භාර ඇමතිවරු දෙපළ මේකට දෙන උත්තරය මොකක්ද කියලා (නි)
ඉතිහාසය නොදන්නා පිරිස වැඩියි දැන් (දී)
බුද්ධ ධර්මය ඇතුළු පාසල් පෙළපොත් හදන්නේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ විද්වත් මණ්ඩලයක් විසින් බව එම පොත්වලම දැක්වෙනවා. මෙම ප්‍රශ්න පත්‍ර හදනවිට එම විද්වතුන්ගේ උපදෙස් ලබාගන්නේ නැද්ද? (නි)
චානක, දනංජය, විභාගයට ලියලා නැත්තේ මේවා සාමාන්‍ය දේවල් විදියට පෙනෙන කට්ටිය. ළඟදි සිට මේවා මතුවෙන්නේ මීට කලින් සිදුනොවුණ විදියට අධ්‍යාපනයට සම්බන්ධ වගකීමෙන් යුතු කාර්යක්ෂම උදවිය දැන් ඉන්නේ ඉතා අතළොස්සක් නිසා. බහුතරයක් දේශපාලන පත්වීම් අරගෙන ගොඩබැහැපු කට්ටිය. අන්න ඒගොල්ලන්ගේ සුදුසුකම් සොයා බලන්න. (නි)
මම හිතාගෙන හිටියේ නේපාල රටේ ලුම්බිණි කියලා (අ)
සමහරු මෙතන අදහස් ලියන අයගේ අධ්‍යාපන මට්ටම ප්‍රශ්න කරනවා. මේ වගේ දේවල් සුළුවෙන් අරන් ඒ අයට ගැසීමට තිබෙන එක විදියක් තමයි ඕක. ප්‍රශ්න පත්‍ර හදන්න වැරදි පරික්ෂා කරන්න සෝදුපත් කියවන්න මුද්‍රණ දෝෂ බලන්න කණ්ඩායමක් ඉන්නවා. එහෙම එකේ මේක සුළුවෙන් ගන්න බැහැ. ප්‍රශ්න පත්‍ර වල ගුණාත්මකභාවය එන්න එන්නම පිරිහෙද්දී මේවා හෙළිකරන මාධ්‍යයට බැනලා හරි යනවද? වැරදි සහ අතපසුවීම් දිගින් දිගටම හංගාගෙන නැවත නැවත ඒ වැරදි කර කර ඉන්න තමයි සමහරු හදන්නේ. (නි)
බුද්ධ ධර්මය ප්‍රශ්න පත්තරය හදන අය විශේෂ ගුවන් යානයකින් දඹදිව යවමු.නියම තැන බලාගෙන වන්දනාමාන කරගෙන එයි.හින්දු ආගමික ප්‍රශ්න පත්තර හදන අය තිරුපති කෝවිලට යවමු. (නි)
කපිල වස්තුපුරය ලඟින් යනවිට කිඹුල්වත් පුරය ඊලඟට හමුවේ. ඒ අනුව් පිළිතුරු 3 - 2 පසුකර ගිය බැවිනි. (ර)
මමත් පාසල් ගුරුවරයෙක් තමයි. අනේ මෙහෙම අධ්‍යාපනයක්? (නි)
රටේ හැම දෙයක්ම වල්වැදිලා තියෙනකොට, අධ්‍යාපනය විතරක් ඉන් බේරෙන්න විදිහක් නැහැ. සිදුහත් උපත නොවෙයි, අපේ සමහර අය තමන්ගේ උපත ගැනවත් හරියට දන්නවද දන්නේ නැහැ. (නි)
ඉස්කෝලේ නොගිය අය වගේ ප්‍රශ්න හදල තියෙන්නේ. කපිලවස්තු සහ කිඹුල්වත්පුර දෙකම එකයි. කිඹුලට කියන සකු හෝ පාලි නම කපිල. සිදුහත් කුමරැ උපන් ලුම්බිණිය කපිලවස්තුවත් දෙව්දහ නුවරත් මැද තියෙන ගමක්. මහාමායා දේවිය දරුවා ලබන්න මවුපියන් ලඟට යන අතරේ දරුවා ලැබුනේ. මේ සියල්ල අපි ඉගනගත් පාසල් පොත්වල තිබුනා. අපි ඒවා ඉගනගෙන බුද්ධාගමට විශිෂ්ට සම්මාන ගත්තා, 100/100 ගත්තා. ඉගෙනගත්ත දෙය අදත් මතකයි. පොත් ලියපු ජයසේකර අබේරුවන් මහතාවත් මතකයි. මේ ප්‍රශ්නපත්‍ර හදන අයත් අනුමත කරන අයත් එතුමාව අහල නැතුව ඇති. (ර)
විදේශීය කුමන්ත්‍රණයක්ද දන්නෙත් නැහැනේ. මේකට උත්තරය නම් හරියටම දන්න අපේ ඇමතිතුමෙක් නම් ඉන්නවා... (නි)
අපේ හාමුදුරුවරුන්ටත් දැන් දේශපාලනය පසෙක දමා ධර්මය ඉගෙනගන්න කාලය ඇවිල්ලා (නි)
ඇමතිතුමන්ලාට චෝදනා කරන්න එපා අනේ! (නි)
ඔන්න ඇහුවනම් පළමුවෙන්ම ඇල්කොහොල් හැදුවේ කවදද? කොහෙද? කවුද ? කියල නම් ගම වසකමත් හා කල වකවානුත් එක්ක උත්තර ටික දායි. (දී)
අධ්‍යාපනය ගැන කතා කරලා වැඩක් නැහැ (දී)
හැම දෙයටම දේශපාලනය ගාවගන්න එපා. මේ ආකාරයේ ප්‍රශ්න පත්‍ර වල වැරදි ඕනෑම විභාගයක වෙන්න පුළුවන්. නිවැරදි පිළිතුරු 2ක් තියන නිසා දරුවන්ට අසාධාරනයක් නොවන පරිදි ඇගයීම කරන්න පුළුවන් කියන එකයි මගේ අදහස. (ර)
ඉලේපෙරුම, ඔබ හරි. දහම් පාසල් අවසාන බුද්ධ චරිතය පොත කියවන්න. කපිල නම් සෘෂිවරයා විසින් අාරම්භ කරන ලද නගරය තමා කපිලවස්තු. මමත් දහම් පාසල් ගුරුවරයෙක්. ප්‍රශ්න පත්තරවල සුළු අඩුපාඩු සාමාන්‍ය දෙයක් (නි)
අද ගොඩක් පිරිස කියන්නේ සිදුහත් උපත සිදුවුණේ ඉන්දියාවේ හෝ නේපාලයේ නෙමෙයි කියලයි (නි)
සත්‍යපාල, චන්ද්‍ර වීරසිංහ .... අනුන්ගේ අධ්‍යාපන සුදුසුකම් හොයන්න නොයා තමන්ගේ බුද්ධිය වර්ධනය කර ගන්න මගක් බලනවා නම් හොඳයි. පොදුවේ බොහෝ විට විභාග ප්‍රශ්න පත්‍රවල තිබෙන්නේ මුද්‍රණ දෝෂ වලට වඩා, විභාග ප්‍රශ්න නිර්මාණය කරන්නන් යම් කෝණයකින් ඒවා දිහා බලා නිර්මාණය කළත්, පසුව එම ප්‍රශ්න දෙස විවිධ අය විවිධ කෝණ වලින් බලන විට පිළිතුරු නිගමනය කිරීමේදී ඇතිවන ගැටළුයි. මුද්‍රණ දෝෂ වැනි අඩුපාඩු පහසුවෙන් විසඳිය හැකි වුනත් මෙවැනි දෝෂ ඉතාම සංකීර්ණයි. එනිසයි මෙවැනි ප්‍රශ්නපත්‍ර වල දෝෂ 100% නිවැරදි කිරීම අපහසුයි (බ)
තිරුපති තියෙන තැන නම් හැමෝම දන්නවා ඇති (බ)
අධ්‍යාපනයක් නැති අයට තනතුරු දුන්නම වෙන්නේ මොළයක් නැති අය බිහිකරවීමයි (නදී)
සත්‍යපාලගේ කතාවට මාත් එකඟයි. මේ වගේ වැරදි සුළුකොට තකන්න හොද නැහැ. එතකොට වෙන්නේ ලබන සැරේ මිට වැඩිය වැරදි වැඩිවෙන එක. ලොකු වගකීමකින් කරන්න ඕනේ වැඩ නේද මේවා. වාසනාවට අපේ කාලේ මේ තරම් වැරදි උනේ නැහැ. අපිට ප්‍රශ්න පත්‍රය ගැන වගේම ලැබෙන ප්‍රතිපලය ගැනත් ලොකු විශ්වාසයක් තිබුනා. දැන් දෙන ප්‍රතිපල ගැනත් විශ්වාසක් නැහැ. හරියට වගකීමෙන් බලන්නේ නැහැ. අද්‍යාපනය වල පල්ලට යවන්න එපා මිනිසුනේ. රටම වල පල්ලට යනවා. (නදී)
විභාග ප්‍රශ්න පත්‍ර වල සුළු අඩුපාඩු වීම මහ ලොකු දෙයක් නෙවේ. මම උසස් පෙළ ලියපු 90/91 කාලෙත් උසස් පෙළ ප්‍රශ්න පත්‍රවල පවා මෙවැනි සුළු අඩුපාඩු තිබුනා මට මතකයි. අනික මෙවැනි දෝෂ ලෝකයේ ප්‍රසිද්ධම සරසවි වල පවා අදටත් මෙනවා. මේ ප්‍රශ්න පත්‍ර හදන්නෙත්, ඉන් පසු පරීක්ෂා කරන්නෙත් මිනිස්සුනේ. ලංකාවේ වෙලා තියෙන්නේ අද මේ සුළු අඩුපාඩු සමහර අයවලුන් මහා ලොකු දේවල් ලෙස දැක්වීම (නදී)
හරියට ප්‍රශ්නයක්වත් හදාගන්න බැරිද. ලැජ්ජාවක් නැද්ද , දැන් කීපාරක්ද?(හේ)
රටම කඩා වැටිලා (දිල්)
කුමාර, අමල් කරුණාකර මට කියන්න පසුගිය අවුරුදු 50 ඇතුලත කිසිදු දෝෂයක් නොතිබූ අපොස (සා පෙ) හෝ (උ පෙ) විභාගයක්. දියුණු තාක්ෂනය තිබුනත් බොහෝවිට මෙවැනි සුළු අතපසු වීම් සිදුවෙනවා. මෙවැනි අවස්ථාවක සිසුන්ට අසාධාරණයක් නොවන පරිදි ලකුණු ලබාදීමේදී කටයුතු කරනවා. නිකන් හැම දේටම දේශපාලන කන්නාඩි නොදා ප්‍රයෝගිකව හිතන්න. (නදී)
සමන්ජය, ඔයා ලියපු ප්‍රශ්න පත්‍ර වල ලොකු අඩුපාඩු තිබිල තියනවා කියලයි මටනම් හිතෙන්නේ දාන අදහස් වලින්, නිකන් වරද වරද හැටියට දකින්නවත් පුරුදු වෙන්න, හැම දේටම ඔය කන්නාඩිය දාල බලන්නැතුව, අපේ රටේ අධ්‍යාපනය ලගදීම වලපල්ලට. (දී)
සමන්ජය, ඇමතිකමේ සිට පහලට සුදුස්සාට කටයුතු පවරා බලන්න. ප්‍රශ්න පත්‍ර වැඩ ටික ලස්සනට කෙරේවි. (නදී)
යසිරු ලඟකදී මේවා මතු වීමත් පෙරදී මතු නොවීමටත් හේතුව සෙවීමට පරණ විභාග ප්‍රශ්නොත්තර පොතක් පරිහරණය කරන්න. එවිට සත්‍ය වැටහේවි (නදී)
රාජනායක ඔයාගේ කතාව හරි අපි ඉගෙනගෙන තියෙන්නත් ඔය දේමයි. චමිල සිදුහත් උපත කාලේ නේපාලයක් තිබුනේ නැහැනේ. (නදී)
උපන් ස්ථානය විමසීම බුද්ධ ධර්මයද? ගල්මන්ගොඩ මැතිතුමාටයි එම ප්‍රශ්ණය යොමු කරන්නේ. ධාර්මික පිළිතුරක් නොව දාර්ශණික පිළිතුරක් අපේක්ෂා කරමි. (නදී)
බුදුන් ජන්මය ලැබූ ද්වීපය (ජන්බුද්වීපය) වනුයේ සිව්දෙසින් ජලයෙන් වටවූ දිවයිනකි. අර්ධද්වීපයකට ද්වීපයක් කියා කීමට " එනම් ඉන්දියාවට ජන්බුද්වීපය / දඹදිව කියා කීමට" තරම් අපට සිංහලවත් බැරි වී තිබීම කණගාටුවට කරුණකි. බුදුගල හා අනෙකුත් බුදුන් හා සම්බන්ද බොහෝ සිද්ධස්ථාන සියැසින් දැක වැද ගන්න (නදී)
කපිලවස්තු කිඹුල්වත් කොහොමද ලගින් යන පිළිතුරු වෙන්නේ? දෙකම එකනෙ. (ර)
මොකක්ද මේ රටේ අධ්‍යාපනයට වෙලා තියෙන්නේ.(හේ)
සතියක් යනකොට සිංහලයන්ට අමතක වෙනවා (නදී)
සමන්ජය මට නම් පෙනෙන්නේ ඔයාගේ බුද්ධියේත් අඩුපාඩු තියෙනවා වගේ. මේ දරුවන්ගේ ජිවතවලට බලපාන විභාගයක අනිත් කාරනාව මේ වැනි අවුල් සහගත ප්‍රශ්න සහිත ප්‍රශ්න පත්තරයකට උත්තර ලිවීමේදී එම දරුවන් විශාල මානසික පීඩනයකට ලක්වන අතර අ.පො.ස සා.පෙ /උසස් පෙළ වැනි විභාග වල ප්‍රශ්න පත්තරයක ප්‍රශ්න ටික හරියට හදාගන්න බැරි අධ්‍යාපන අමාත්‍යංෂයකින් ඇති වැඩේ මොකක්ද? ඉස්සර නම් ප්‍රශ්න පත්තරයක අඩුපාඩුවක් ගැන අහන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. දැන් එහෙමද හැම විභාගයකම වාගේ ප්‍රශ්න පත්තරවල අවුල් තියනවා. මෙහෙම වෙන්නේ නුසුදුසු පුද්ගලයන් පත්කිරීම , බලධාරීන්ගේ අනවශ්‍ය මැදිහත් වීම වැනි කරුණු නිසා බව පසුගිය කාලේ සිදුවූ සිදුවීම් වලින් පැහැදිලි උනා. අනිත් කාරණය ලෝකේ මේවාගේ අඩුපාඩු සහිතව ප්‍රශ්න පත්තර හදන සරසවි මොනවාද එවැනි අඩුපාඩු සහිත ප්‍රශ්න පත්තර හැදුවේ මොන වසර වලදීද කුමන විෂයන්ට අදාළ ප්‍රශ්න පත්තර වලද යනාදී කරුණු දැක්වීමක් සහිතව ඔබේ ප්‍රකාශය කලානම් එහි වලංගු බාවයක් තිබෙන අතර එමනිසා ඔබේ ඔය ප්‍රකාශය හුදෙක් වගකීමකින් තොරව කල ප්‍රකාශයක් හැටියට පිළිගැනීමට සිදුවේ. (නදී)
රාජනායක, වැරදි කරුණක් ප්‍රකාශ කරලා තියනවා. කපිල යන වචනයේ කිඹුලා කියන තේරුම නැහැ. (සංස්කෘතික අමාත්‍යාංශෙය් ප්‍රාෙයා්ගික සිංහල ශබ්ද කෝෂය බලන්න). කපිල නම් සෘෂිවරයා විසින් අාරම්භ කරන ලද නගරය තමා කපිලවස්තු. ඒහි සිංහල ස්වරූපය තමා කිඹුල්වත් කියන්නේ. (ර)
මෙහි පළව ඇති ඇතැම් අදහස් බලනවිට කණගාටුවක් හිතෙනවා..සිදු නොවිය යුතු දේවල් සාධාරණීයකරණය කිරීමට ඇතැමුන් ගන්න උත්සාහයන් පිළිබඳව . මෙවැනි ප්‍රශ්න පත්‍රයක් සිසුවෙක්ට ලැබුනම මතුපිට වලංගුතාවයක් තිබෙන්න ඕන.විනාඩි 60කින් ප්‍රශ්න 40 කියවල පිළිතුරු ලියන ළමයට අනවශ්‍ය පීඩනයක් දීම සාධාරණද? (බ)
මට පෙන්නේ මෙතන කෑගහන එක්කෙනෙක්වත් විභාගයක් ලියලා නැ වගේ. ප්‍රශ්න පත්‍ර වල අඩුපාඩු සිදුවීම හැමදාම උන දෙයක්.ලගකදී ඉඳන් මාධ්‍යයෙන් උලුප්පා දැක්වීම හින්ද මිනිස්සුන්ට මේවා මැජික් වෙලා. ඕවට ලකුණු හදද්දී ඕවා සාධාරණ විදිහට බලනවා. (දී)
මම නම් හිතන්නේ මේකට ගොඩක් අය දාන දේවල් වලින් අපිටත් සාරාංශයක් ගන්න පුළුවන්. එ්ත් මට පෙනෙන විදියට මේක ලොකු දෙයක් නෙවෙයි. දැන් ඉන්න ළමයි අපිට වැඩිය බුද්ධිමත්. (නදී)
සිව්හෙළය ගැන අබමල් රේණුවක්වත් නොදත් සමහරු අපගේම තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිව්හෙළයේ කරදිය වළල්ලෙන් ඉන්දියාවට තල්ලුකර දැමීමට තැත්කිරීම කවර පුදුමයක්ද? (නි)
මෙම ප්‍රශ්නය දරුවන් යම් අපහසුතාවයකට පත්කරයි. මෙහි පිළිතුර මට සිතෙනා ලෙසට කිඹුල්වත්පුරයයි. කපිලවස්තුව ශාක්‍ය ජනපදයේ අගනුවර බව සැබෑය. බුදුන් වහන්සේ දේශනා කළේ කිඹුල්වතින් හමන සුළඟ සැප බවයි. උන්වහන්සේ බුදුවී පසුව වැඩම කළේ කිඹුල්වතටයි. කාලුදායි තෙරුන් වර්ණනා කළේ කිඹුල්වතයි. කපිලවස්තුපුරය පිහිටියේ රෝහිණී ගඟින් මෙගොඩ බවත් ලුම්බිණි උයන රෝහිණී ගඟින් එගොඩ පිහිටි බවත් අති පූජ්‍ය බළංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමිගේ බුද්ධ චරිතය ග්‍රන්ථයේ බොහෝ කරුණු සහිතව සඳහන් වේ. (නි)
අපේ ඇමති කියයිද දන්නේ නැහැ කොලඹ කියලා (නදී)
උදිත, ඔබට පමණක් සත්‍ය වැටහී ඇත. සිදුහත් උපත අපගේ හෙලදීපය තුල සිදුවිය. බුදුන් වහන්සේ බුද්දත්වයට පත් වු ඒ උතුම් ශ්‍රී මහා බෝ සමිඳු අදත් හබරණ වැඩ සිටී. (නදී)
අඩුපාඩු වෙන්න පුලුවන් (නදී)
අපි ඉගෙනගත්තේ ඉන්දියාවේ කිඹුල්වත් නුවර කියලා. නේපාල්වල කපිලවස්තු ඉන්දියාවේ නෙමයි. අපිට ඉගැන්නුවා වැරදියිද ? (නදී)
10 වන ශ්‍රේණියේ බුද්ධ ධර්මය පොතේ තියෙන පිළිතුර කපිල වස්තුපුර නම් නිවැරදි පිළිතුර වියයුත්තේ එම පිළිතුර නේද? (නි)
අපේ ආගමේ සාස්තෘවරයා උපත ලබාපු තැන තාම දන්නේ නැහැ. ඒකෙන්ම පේනවා ආගමට ගිය කල (නදී)
ප්‍රශ්න පත්තරේ හදල තියෙන්නේ බෞද්ධ විරෝධී අන්‍ය ආගමික විදේශ කුමන්ත්‍රණ සහ ඩොලර් කාක්කෝ සෙට් එකක්. තරයේ හෙළා දකිනවා (නදී)
ඔය පිළිතුරු හතරම වැරදියි. සිදුහත් කුමාරයා උපත ලැබුවේ ලුම්බිණියේදී.