ගිය රජය කාලේ මාධ්‍යවේදීන්, දේශපාලනඥයින්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු පිරිස පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සුදු වෑන් මෙහෙයවූ ආරක්ෂක අංශ ප්‍රධානීන් තිදෙනකු සම්බන්ධයෙන් සිදු කළ රහස් වාර්තාව ඉදිරි සතියේ ආරක්ෂක මණ්ඩල වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනපති, අගමැති, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති හා ආරක්ෂක ලේකම් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් ආරක්ෂක මණ්ඩලයට අයත් වෙති.
සුදු වෑන් සම්බන්ධ චෝදනා එල්ලවී ඇති ආරක්ෂක අංශ සාමාජිකයන් තිදෙනාගෙන් දෙදෙනකු විශ්‍රාම ගොස් ඇති බවද ඔවුන් සම්බන්ධයෙන් හා ඔවුන්ගේ ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් වෙනම රහසිගත වාර්තාවක්ද දැනට සේවයේ යෙදී සිටින මේජර් සම්බන්ධයෙන් වෙනම වාර්තාවක්ද ජනපතිට හා අගමැතිට ලබාදීමට නියමිතව ඇති බව මහජන සාමය පිළිබඳ අමාත්‍යංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් දඩයමකට වගේ සුදානම. (බ)
තවත් එක් වාර්තාවක් පමණක් නොවේවා! (නි)
මේක මේ මුවහමට තඩිබානවා වගේ වැඩක් (නි)
ගානට අකුරට wada ටික කෙරෙනවා .දැන් නීතිපති අර නෙවි බටයෝ වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැලු. රට වෙනුවෙන්යුද වැඩි වැඩ කර්කරපු අයව දන්ගෙඩියට දදක්වන්නේ කාව සතුටු කරන්නද ?
දෙශපලකයන්ගේ උවමනාවට මිනිස් ජීවිත් බිලිගත් කිසිම කෙනෙකුට තරාතිරම මොකක් වුණත් හිටපු ජනදිපති කෙනෙක් වුණත් රණවිරුවෙක් වුණත් විදෙසිකයෙක් වුණත් ඔවුන්ට දිය හැකි උපරේම හා දැඩි දඩුවම් පැමිණිය යුතුයි නැතහොත් අනාගතයේ සිවිල් ජනතාවට නිදහසේ ජීවත් වීමේ අයුතිය අහිමිවනු ඇත අතිගරු ජනාදිපති තුමා ගමක හැදුනු සිංහල බෞද්ධ පුරවැසියෙක් නිසා මෙය එටුකරවී යයි ම තරයේ විස්වාස කරමි
චැනල් 4 වාර්තාවක් නොවේවා
මොවුන් අධිකරණයේ නීතිය හමුවට කැඳවා කරුණු විමසාබලා එවැනි ක්‍රියාවන්ට ඔවුන් සහ ඒවාට සම්බන්ධ අනිත් අය වැරදිකරුවන් යැයි සනාථ වුවහොත් කිසිම සමාවක් නොදී නියමිත දඬුවම් ලබාදිය යුතුයි. (නි)
ඩයස්පෝරුවේ අයට දුන්න පොරොන්දු ඉටුකරන්නත් එපැයැ.ඉතින් පුදුම වෙන්න දෙයක් නෑ මේ වෙන දේවල් වලට. (අ)
දඩුවම් කළ යුතුමයි (අ)
ආණ්ඩුවේ මහජන සාමය ඇමති ඔහොම වැඩක් කළා.. මිලේනියම් සිටි වගේ (අ)
තම රාජකාරිය හරියට කළා නම් සුදු වෑන් තියෙන්න බැහැ (බ)
මෙගා නාටකයක අලුත් කොටසක්ද?(හේ)
සුදු වෑන් වලින් අතුරුදන් වුනේ අපි දන්නා විදියටනම් විවිධ විනාශකාරී ක්‍රියාවලට පැමිණි උතුරේ කොටි ත්‍රස්තවාදීන් කළු කොටි සාමාජිකයින් ,වගේම දකුණේ සමාජ පිළිල..පාතාලයෝ, මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ..ඒ ඇරෙන්න අපිට පොඩ්ඩක් නම් වශයෙන් කියන්නකෝ මේ අතුරුදහන්වුණු මේ අපි නොදන්නා මාධ්‍යවේදීන්, දේශපාලනඥයින්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් කවුද කියල..(බ)