පසුගිය ජනපතිවරණ සමයේ මෛත්‍රිපාල සිරිසේන මහතා බාලවයස්කරුවකු මැතිවරණ ව්‍යාපාරයට යොදා ගත්තැයි අයිටීඑන් රූපවාහිනියෙන් ප්‍රචාරය කිරීමට මුල්වූ බව කියන සුදර්මන් රදළියගොඩ අද (24) ඇප ලැබීය.

ජනාධිපති ආරක්ෂක අංශයේ සිව් දෙනකුද රදළියගොඩ ඇතුළු තවත් තිදෙනෙක්ද මේ නඩුවෙන් චෝදනා ලබා සිටිති.

රදළියගොඩට හා තවත් දෙදෙනෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප දෙකක් නියම විය.

හැම ඉරිදාවකම ළමා හා කාන්තා කාර්යාංශයේ පෙනී සිටින ලෙසද නියම කළ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඒ තිදෙනාගේම එතෙර ගමන්ද තහනම් කළේය.

රදළියගොඩ අයිටීඑන් රූපවාහිනියෙන් විකාශනය කළ ව්‍යාජ කථාව ජාතික රූපවාහිනියෙන්ද විකාශනය වී ඇතැයිද ඒගැන දස දෙනකුගෙන් පිළිතුරු ලබාගත්තේ යැයිද එහෙත් එහි සීඩී පටය දුන් පුද්ගලයා කවුදැයි සොයාගත නොහැකිවූ බවද පොලිසිය අධිකරණයට දැන්වීය.