රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 20 ක් රට ඉඳි අස්සේ සඟවාගෙන සෞදි අරාබියේ ජෙඩා නුවර සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද දහවල් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවෝ අම්පාර, කාන්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෝ බවත් ඔවුහු සතියකට හතර වතාවක් පමණ සෞදි අරාබිය හා ශ්‍රී ලංකාව අතර යාම් ඊම් කරන බවත් විමර්ශණ වලදී අනාවරණය වී ඇත.
අත් අඩංගුවට ගනු ලැබු රන් බිස්කට් 20 හි බර කිලෝ ග්‍රෑම් එක හමාරකි.
සැකකරුවෝ මීට දින දෙකකට පමණ පෙර මෙරට සිට සෞදි අරාබිය බලා පිටත්ව ගොස් ඇති බව අනාවරණය වෙයි. ඔවුහු යළි සෞදි අරාබි ගුවන් සේවයට අයත් එස්.වී 782 දරණ ගුවන් යානයෙන් අද දහවල් මෙරටට පැමිණ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුන තොරතුරක් මත පැමිණීමේ පර්යන්තයේදී මොවුහු අත් අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව රන් බිස්කට් සහ සැකකරුවන් ගුවන්තොටුපල රේගුවට බාර දීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදුර අපේ රට එච්චර දියුණු නෑ .(දිල්)
මේ වගේ නිවට මිනිස්සු නිසා අහිංසක මිනිස්සුත් අමාරුවේ වැටෙනවා. උපරිමයෙන්ම දඩුවම් දිය යුතුයි. ඒ වගේම මේ වනතෙක් කරපු මේ ජාවාරමෙන් උපයාගත් මුදල් නැවත රාජසන්තක කල යුතුයි.(නදී)
පසු ගිය කාලේ නම් ඔය අල්ලපු රත්තරන් ගැන නොයෙකුත් කතා ඇසුවා. සමහරු ඒවා පැළඳ මැතිවරණ වේදිකාවේත් ඉන්නවා. දැන් යහපාලනය නිසා යහපතක් සිදුවේද කියා දැනග්නඩ කැමතියි (නදී)
ඔහොම්මම සෞදි අරාබි අරන් ගිහින් අතපය කැපුවා නම් ඉවරනේ ඔය කට්ටිය කොහොමත් කරන්නේ ඔය දේවල්නේ (නදී)
කාලයක් තිස්සේ කරපු ජාවාරමක් එහෙනම් අසු වෙලා තියෙන්නේ , හිතා ගන්නට පුළුවන් කවුරුන්ද කියා (දිල්)
කව්ද ඉතින් ඕවා කරන්නේ තොප්පි කාරයෝ මිසක්. (ස)
රත්‍රන් ඔච්චර ගණන් නැත්නම් -නැහැනේ මෙහෙම කරදරයක් .(හේ)
ඇයි ගුවන්තොටුපලේ ස්කෑන් මැෂින් වලට අහු උනේ නැද්ද? ගුවන්තොටුපළ ආරක්ෂකයෝ මේක දැක්කේ නැද්ද ? රේගුව දැක්කේ නැද්ද? මට පෙනෙන විදිහට මේ දෙන්නා රේගුවෙත් ඇස් වහලා තියෙනවා. රහස් පොලිසියට ප්‍රණාමය (නදී)
සමහරවිට රේගුවට ඔත්තුව නුදුන්නේ වැඩක් නැති නිසා වෙන්න ඇති. දැන් ඉතින් හැම ඔත්තුවක්ම රහස් පොලිසියට දෙන්න. (නදී)
ඔය දවස ගානේ අල්ල ගන්න රත්තරන් ටොන් ගානට මොකද වෙන්නේ? ඉස්සර අල්ල ගත්තු රත්තරන් ටොන් ගානට මොකද වුනේ? (නදී)
ඉස්සර මහා භාන්ඩාගාරයෙන් පන්නලා විකුනන්න හදපු බිරින්දෑවරුන්ට මොකද වුනේ? හිරේ විලංගුවේද ?එළියේද? (නදී)
හොරුන්ගෙන් අල්ල ගන්න රත්තරන් තවත් හොරෙක් විකුනම් කනවා නම් ඒ හොරාට කියන්නේ "කම්බා හොරා" කියල. (නදී)