IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සෞදියේ දුක් විඳි ලක් කතට සහනයක්

සෞදි අරාබියේ නැගෙනහිර තානාපති කාර්යාල ජංගම සේවා පරිශ්‍රයේදී තානාපති කාර්යාල භාරයට ගත් කැකිරාව ගෝනපතිරාව එම්.එච්.දනවතී මේ වන විට රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක නිවසේ සිටින බව කම්කරු කටයුතු පිළිබඳ නිලධාරී රොෂාන් ගුණවර්ධන මහතා කියයි.

ඇයගේ ඥාතීන් සමග කථා බස් කිරීමටද ඇයට අවස්ථාව ලබාදී ඇති බවත් ශ්‍රී ලංකාවට පිටත් කර හැරෙන තුරු සියලු පහසුකම් ලබාදී ඇති බවත් වගකීම හා ආරක්ෂාව තානාපති කාර්යාලය දරන බවත් ඔහු කීවේය.

පසුගිය 8 වැනිදා දනවතී මහත්මිය සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය තානාපති ජංගම සේවාවට පැමිණ සිටියේ සිරියානු ජාතකයකු සමග ගමන් බලපත්‍රය අලුත් කරගැනීමටය. වැඩි දුර ප්‍රශ්න කිරීමේදී ඇය වසර 12 ක කාලයකට ශ්‍රි ලංකාවට යවා නොමැති අතර වසර 11ක් වැටුප් ලබා නොදී ඇති බවද අනාවරණය කර ගෙන ඇත.

web web-2

 



අදහස් (0)

සෞදියේ දුක් විඳි ලක් කතට සහනයක්

ශාන් Wednesday, 11 March 2015 01:44 PM

මෙවන් කාන්තාවන් සෞදි රට තුල තවත් සිටින්නට පුළුවන කරුණාකර විදෙස් සේවා කාර්යාලය මගින් විදෙස්ගතව සිටින අයගේ නාම ලේඛනයක් තානාපති කාර්යාලයට ලබාදී ඔවුන් මේ වනවිට ජීවත් වන්නේ කොහෙද යන්න තහවුරු කර අඩුම වශයෙන් වසරකට වරක් ඔවුන්ට තානාපති කාර්යාලය සමග සම්බන්ධතවක් ඇති කරගන්නා ලෙස ඉල්ලා සිටිමි(හේ)

:       0       0

චන්දිල් Wednesday, 11 March 2015 02:21 PM

ඔබලාට පින් මේ වගේ දෙයක් කිරීම ගැන. අපේ රට මිනිස්සු විදින දුක තේරෙන අය ඉන්න එකත් සතුටුයි (නදී)

:       0       0

පරමේෂ් මල්රාජ් Wednesday, 11 March 2015 07:21 PM

කාලෙකට පස්සේ හොඳ ආරංචියක් (නි)

:       0       0

අසෝක Wednesday, 11 March 2015 08:20 PM

මැදපෙරදිග රටවලට ගියා වගේ නෙමෙයි, ඒ රටින් පිටවෙන්නත් අවසර පත්‍රයක් ගන්න ඕනෑ. එම අවසර පත්‍රය ගන්න හාම්පුතා එරට ආගමන විගමන කාර්යාලයට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා ලිපියක් දෙන්න ඕනෑ. හාම්පුතාලා එම ලිපිය දෙනවා වෙනුවට නොයෙකුත් බොරු චෝදනා දාලා පොලිසියේ පැමිණිලි දාන නිසා ඒවා විමර්ශනය කරලා පිටවීමේ අවසර පත්‍රය ගෙන මේ අයට නැවත ලංකාවට එන්න සැහෙන කාලයක් යනවා. (නි)

:       0       0

ස්ටැන්ලි Thursday, 12 March 2015 12:54 AM

පේනවා නේද ඔවුන් අපේ රටේ මිනිසුන්ට සළකන හැටි. (නි)

:       0       0

අනුර Thursday, 12 March 2015 02:57 AM

රැකියා කරන තැන්වල සිරියානුවන් අපට නොසලකා හැර පාගා දමන්නේ මෙම කාන්තාවන් උන්ගේ වහල් වැඩ කරන නිසා. (නදී)

:       0       0

බංඩාර - කුවෙට් Thursday, 12 March 2015 03:26 AM

මැද පෙරදිග හාම්පුතුන් හිත් පිත් නැති අය කියා අපි හැම දෙනාම සිහිතබා ගත යුතුය. බොහෝ අය දෙවියන් නමදින්නේ මොඩල් එකට මිසක හදවතින් නොවේ (නදී)

:       0       0

මීඩින් Thursday, 12 March 2015 03:46 AM

මෙයාට හිඟ වැටුප් සමග වන්දියක් ලබාදීමට කටයුතු කරන්න. තවත් මෙවැනි කාන්තාවන් සිටිය හැකි නිසා වසර 2 ක් තුල ලංකාවට නොපැමිණි කාන්තාවන් ගැන සොයා බලන්න ඔබතුමන්ලට පින් (නදී)

:       0       0

කුමාරි Wednesday, 11 March 2015 12:47 PM

ඇය දස වද විඳ ඉපයූ මුදලත් කෙසේ හෝ ලබා දෙන්න. (අ)

:       0       0

බහර්දීන් Wednesday, 11 March 2015 01:14 PM

මේවා මහා පවුකාර වැඩ.ඔය රටවල්වල සිටින ඇතැම් උපාසක උපාසිකාවන්ගේ හැටි ඔහොම තමයි.ඔවුන් කතා කරනවිට නම් හරිම ධාර්මිකයි.ඇයට හිඟ පඩිය සමග වන්දියකුත් ලැබිය යුතුයි.ඇයට උපකාර කරන සියලු දෙනාට මගේ ප්‍රණාමය. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site