සෞදි අරාබියේ නැගෙනහිර තානාපති කාර්යාල ජංගම සේවා පරිශ්‍රයේදී තානාපති කාර්යාල භාරයට ගත් කැකිරාව ගෝනපතිරාව එම්.එච්.දනවතී මේ වන විට රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක නිවසේ සිටින බව කම්කරු කටයුතු පිළිබඳ නිලධාරී රොෂාන් ගුණවර්ධන මහතා කියයි.
ඇයගේ ඥාතීන් සමග කථා බස් කිරීමටද ඇයට අවස්ථාව ලබාදී ඇති බවත් ශ්‍රී ලංකාවට පිටත් කර හැරෙන තුරු සියලු පහසුකම් ලබාදී ඇති බවත් වගකීම හා ආරක්ෂාව තානාපති කාර්යාලය දරන බවත් ඔහු කීවේය.
පසුගිය 8 වැනිදා දනවතී මහත්මිය සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය තානාපති ජංගම සේවාවට පැමිණ සිටියේ සිරියානු ජාතකයකු සමග ගමන් බලපත්‍රය අලුත් කරගැනීමටය. වැඩි දුර ප්‍රශ්න කිරීමේදී ඇය වසර 12 ක කාලයකට ශ්‍රි ලංකාවට යවා නොමැති අතර වසර 11ක් වැටුප් ලබා නොදී ඇති බවද අනාවරණය කර ගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් කාන්තාවන් සෞදි රට තුල තවත් සිටින්නට පුළුවන කරුණාකර විදෙස් සේවා කාර්යාලය මගින් විදෙස්ගතව සිටින අයගේ නාම ලේඛනයක් තානාපති කාර්යාලයට ලබාදී ඔවුන් මේ වනවිට ජීවත් වන්නේ කොහෙද යන්න තහවුරු කර අඩුම වශයෙන් වසරකට වරක් ඔවුන්ට තානාපති කාර්යාලය සමග සම්බන්ධතවක් ඇති කරගන්නා ලෙස ඉල්ලා සිටිමි(හේ)
ඔබලාට පින් මේ වගේ දෙයක් කිරීම ගැන. අපේ රට මිනිස්සු විදින දුක තේරෙන අය ඉන්න එකත් සතුටුයි (නදී)
කාලෙකට පස්සේ හොඳ ආරංචියක් (නි)
මැදපෙරදිග රටවලට ගියා වගේ නෙමෙයි, ඒ රටින් පිටවෙන්නත් අවසර පත්‍රයක් ගන්න ඕනෑ. එම අවසර පත්‍රය ගන්න හාම්පුතා එරට ආගමන විගමන කාර්යාලයට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා ලිපියක් දෙන්න ඕනෑ. හාම්පුතාලා එම ලිපිය දෙනවා වෙනුවට නොයෙකුත් බොරු චෝදනා දාලා පොලිසියේ පැමිණිලි දාන නිසා ඒවා විමර්ශනය කරලා පිටවීමේ අවසර පත්‍රය ගෙන මේ අයට නැවත ලංකාවට එන්න සැහෙන කාලයක් යනවා. (නි)
පේනවා නේද ඔවුන් අපේ රටේ මිනිසුන්ට සළකන හැටි. (නි)
රැකියා කරන තැන්වල සිරියානුවන් අපට නොසලකා හැර පාගා දමන්නේ මෙම කාන්තාවන් උන්ගේ වහල් වැඩ කරන නිසා. (නදී)
මැද පෙරදිග හාම්පුතුන් හිත් පිත් නැති අය කියා අපි හැම දෙනාම සිහිතබා ගත යුතුය. බොහෝ අය දෙවියන් නමදින්නේ මොඩල් එකට මිසක හදවතින් නොවේ (නදී)
මෙයාට හිඟ වැටුප් සමග වන්දියක් ලබාදීමට කටයුතු කරන්න. තවත් මෙවැනි කාන්තාවන් සිටිය හැකි නිසා වසර 2 ක් තුල ලංකාවට නොපැමිණි කාන්තාවන් ගැන සොයා බලන්න ඔබතුමන්ලට පින් (නදී)
ඇය දස වද විඳ ඉපයූ මුදලත් කෙසේ හෝ ලබා දෙන්න. (අ)
මේවා මහා පවුකාර වැඩ.ඔය රටවල්වල සිටින ඇතැම් උපාසක උපාසිකාවන්ගේ හැටි ඔහොම තමයි.ඔවුන් කතා කරනවිට නම් හරිම ධාර්මිකයි.ඇයට හිඟ පඩිය සමග වන්දියකුත් ලැබිය යුතුයි.ඇයට උපකාර කරන සියලු දෙනාට මගේ ප්‍රණාමය. (අ)