සෞදි අරාබියේ ජෙඩා නුවර සුවිසල් සුපිරි වෙළෙඳහලක දී 13 හැවිරිදි සෞදි දැරියකට හූනියමක් කළැයි සැකපිට ශ්‍රී ලාංකික කතක් අත්අඩංගුවට ගත් බවත් ඇය වැරදිකාරිය වූවහොත් හිස ගසා දැමීමෙන් මරණ දඬුවම පැමිණිය හැකි යැයි සෞදි ආරාබියේ පුවත්පතක් කියයි. ශ්‍රී ලංකාවේ ගැහැනිය තම දියණිය ළඟට පැමිණීමත් සමග ඇය හිටි ගමන් අස්වාභාවික ලෙස හැසිරෙන්නට පටන් ගත් බව දැරියගේ පියා ආරක්ෂක අංශ වෙත පැමිණිලි කළැයි සෞදි අරාබියේ ඔකාෂ් පුවත්පත වාර්තා කරයි. පියා ආරක්ෂක අංශ වෙත පැමිණිලි කරමින් ලංකා කත අත්අඩංගුවට ගන්නැයි ඉල්ලූ බවත් වහා ඇය අත්අඩංගුවට ගත් බවත් එම පුවත්පත වාර්තා කරයි. සෞදි මානව හිමිකම් ක්‍රියාදරයකු හා සෞදි නීතිඥයකු වන වලීඩ් අබුඅල්කයිර් පවසනුයේ හදි හූනියම් සඳහා හැම විටම පණවන දඬවම හිස ගසා දැමීම බවයි. ලන්ඩනයේ අන්තර් ජාතික ක්ෂමා ආයතනය කියනුයේ හදි හූනියමක් කළ බවට වැරැදිකරු වූ සුඩාන ජාතිකයකු ගිය වසරේ හිස ගසා දැමූ බවයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යස වැඩේ
පොඩි ළමයින්ට හූනියම් කරන්නේ මොනවා බලාපොරොත්තුවෙන්ද? මම නම් කියන්නේ ඕක බොරුවක්
හදි හුනියමි කරන එක වැරදියි තමා. නමුත් අරාබියෙත් ඉන්නවානේ හදි හුනියමි කරන අය. එයාලට දෙන දඩුවම මොකක්ද? ලංකාවේ කාන්තාවන් වහල් සේවයට යවන්න එපා. පිටකොන්දක් ඇති දේශපාලකයන් මෙය දකිත්වා.
පරණ පුරුදු අතහරින්න බැරිවෙලා.
මට පුළුවන්නම් මම මුළු සෞදියම වනසනවා හූනියම් කරලා. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
මේ 2012 අවුරුද්ද නේද? එහෙම හූනියමක් කලාම කියල ඒ අය කියනව නම් රජය මැදිහත් වෙලා හරි හූනියම් කපන කෙනෙක් යවා හුනියම කපා දී එම කාන්තාව බේරාගත යුතුයි. මතු උපදින සසරේ මගේ හතුරෙක්වත් ඔවැනි රටක නොයිපදේවා!
කවුරුත් මොඩයි.
කොහොමද මේවගේ දෙයක් වුනේ නැ කියලවත් ඔප්පු කරන්නේ?
මේවා නරක වැඩ
හූනියම් කියන දේවල් මමනම් විශ්වාස කරන්නෙ නෑ. ඒත් ඒ කාන්තාව පවු. මොනවා කරන්නද මමත් ඉන්නේ සෞධිවල නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.
ඒ ගෑනු මනුස්සයා මෝඩයි. හූනියම් කරන්න තිබ්බෙ ඕකුන් හැඳි ගෑවිලාම යන්න
ඔව් ඔයා පුලුවන්නම් මුලු සෞදි අරාබියටම හූනියම් කරලා බලනවකො ඔය හූනියම් ,මන්තර, ඕවා හොදයි මෝඩ මිනිස්සුන්ට
මේ ලෝකෙට තියන ලොකුම හූනියම තමයි ඔය රටවල මිනිස්සු
මම හිතන්නේ ඕක බොරුවක්.