IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සෞදියේ දී ලංකා කතක් හුනියමක් කරලා

සෞදි අරාබියේ ජෙඩා නුවර සුවිසල් සුපිරි වෙළෙඳහලක දී 13 හැවිරිදි සෞදි දැරියකට හූනියමක් කළැයි සැකපිට ශ්‍රී ලාංකික කතක් අත්අඩංගුවට ගත් බවත් ඇය වැරදිකාරිය වූවහොත් හිස ගසා දැමීමෙන් මරණ දඬුවම පැමිණිය හැකි යැයි සෞදි ආරාබියේ පුවත්පතක් කියයි. ශ්‍රී ලංකාවේ ගැහැනිය තම දියණිය ළඟට පැමිණීමත් සමග ඇය හිටි ගමන් අස්වාභාවික ලෙස හැසිරෙන්නට පටන් ගත් බව දැරියගේ පියා ආරක්ෂක අංශ වෙත පැමිණිලි කළැයි සෞදි අරාබියේ ඔකාෂ් පුවත්පත වාර්තා කරයි. පියා ආරක්ෂක අංශ වෙත පැමිණිලි කරමින් ලංකා කත අත්අඩංගුවට ගන්නැයි ඉල්ලූ බවත් වහා ඇය අත්අඩංගුවට ගත් බවත් එම පුවත්පත වාර්තා කරයි. සෞදි මානව හිමිකම් ක්‍රියාදරයකු හා සෞදි නීතිඥයකු වන වලීඩ් අබුඅල්කයිර් පවසනුයේ හදි හූනියම් සඳහා හැම විටම පණවන දඬවම හිස ගසා දැමීම බවයි. ලන්ඩනයේ අන්තර් ජාතික ක්ෂමා ආයතනය කියනුයේ හදි හූනියමක් කළ බවට වැරැදිකරු වූ සුඩාන ජාතිකයකු ගිය වසරේ හිස ගසා දැමූ බවයි.



අදහස් (0)

සෞදියේ දී ලංකා කතක් හුනියමක් කරලා

ඒ.ඒ.ඒ. Wednesday, 25 April 2012 04:47 PM

යස වැඩේ

:       0       0

කුමාර Wednesday, 25 April 2012 05:09 PM

පොඩි ළමයින්ට හූනියම් කරන්නේ මොනවා බලාපොරොත්තුවෙන්ද? මම නම් කියන්නේ ඕක බොරුවක්

:       0       0

අලිබබා Thursday, 19 April 2012 07:21 PM

හදි හුනියමි කරන එක වැරදියි තමා. නමුත් අරාබියෙත් ඉන්නවානේ හදි හුනියමි කරන අය. එයාලට දෙන දඩුවම මොකක්ද? ලංකාවේ කාන්තාවන් වහල් සේවයට යවන්න එපා. පිටකොන්දක් ඇති දේශපාලකයන් මෙය දකිත්වා.

:       0       0

පැට්‍රික් Thursday, 19 April 2012 07:25 PM

පරණ පුරුදු අතහරින්න බැරිවෙලා.

:       0       0

රංගා ශානි. Thursday, 19 April 2012 07:32 PM

මට පුළුවන්නම් මම මුළු සෞදියම වනසනවා හූනියම් කරලා. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ

:       0       0

සමීර Thursday, 19 April 2012 07:40 PM

මේ 2012 අවුරුද්ද නේද? එහෙම හූනියමක් කලාම කියල ඒ අය කියනව නම් රජය මැදිහත් වෙලා හරි හූනියම් කපන කෙනෙක් යවා හුනියම කපා දී එම කාන්තාව බේරාගත යුතුයි. මතු උපදින සසරේ මගේ හතුරෙක්වත් ඔවැනි රටක නොයිපදේවා!

:       0       0

දයා Tuesday, 24 April 2012 05:46 PM

කවුරුත් මොඩයි.

:       0       0

අලි ජේමිස් Thursday, 19 April 2012 08:14 PM

කොහොමද මේවගේ දෙයක් වුනේ නැ කියලවත් ඔප්පු කරන්නේ?

:       0       0

නන්දන Thursday, 19 April 2012 08:33 PM

මේවා නරක වැඩ

:       0       0

දිනේෂ් Thursday, 19 April 2012 08:42 PM

හූනියම් කියන දේවල් මමනම් විශ්වාස කරන්නෙ නෑ. ඒත් ඒ කාන්තාව පවු. මොනවා කරන්නද මමත් ඉන්නේ සෞධිවල නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන‍්ගේ.

:       0       0

ඉසුරු Thursday, 19 April 2012 08:51 PM

ඒ ගෑනු මනුස්සයා මෝඩයි. හූනියම් කරන්න තිබ්බෙ ඕකුන් හැඳි ගෑවිලාම යන්න

:       0       0

මොහොමඩ් අලි Thursday, 19 April 2012 09:12 PM

ඔව් ඔයා පුලුවන්නම් මුලු සෞදි අරාබියටම හූනියම් කරලා බලනවකො ඔය හූනියම් ,මන්තර, ඕවා හොදයි මෝඩ මිනිස්සුන්ට

:       0       0

එල කොල්ලා Thursday, 19 April 2012 09:34 PM

මේ ලෝකෙට තියන ලොකුම හූනියම තමයි ඔය රටවල මිනිස්සු

:       0       0

නිවන්දක Thursday, 26 April 2012 09:13 PM

මම හිතන්නේ ඕක බොරුවක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site