(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ රේඛා තරංගනී ෆොන්සේකා)
උපන්දින සාදයකට සහභාගි වී එකම පවුලේ පිරිසක් ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් ගාල්ල කොළඹ මාර්ගයේ කොරළවැල්ල ප්‍රදේශයේදී විදුලි කණුවක ගැටීමෙන් මව මියගොස් දරු තිදෙනා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි එගොඩඋයන පොලීසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ මොරටුව සමන්පුර ප්‍රදේශයේ පදිංචිව සිටි සසානි ශාලිකා කෝට්ටගේ 41 තිදරු මවයි. අනතුර සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත .
මිතුරකුගෙන් ඉල්ලාගත් සුඛෝපභෝගී මෝටර් රථයෙන් කළුතර ප්‍රදේශයේ පැවති උපන්දින සාදයකට සහභාගි වූ ඔවුන් යළි මොරටුව නිවස කරා පැමිණෙමින් සිටියදී මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන මීටර් 17 කට අධික දුරක් පදිකවේදිකාව දිගේ ඉදිරියට ධාවනය වී විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි .
සිදුවූ අනතුරෙන් මෝටර් රථයේ පිටුපස ගමන්ගත් වයස අවුරුදු 8 ,13 හා16 වයස් සීමාවල පසුවන මියගිය කාන්තාවගේ දියණියන් තිදෙනා බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ සහ පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරියකු පැවැසීය .
අනතුර හේතුවෙන් අත්අඩංගුවට ගත් මියගිය කාන්තාවගේ සැමියා ද තුවාල ලබා ඇති අතර ඔහුගේ නල්ලට මැහුම් 8 පාදයකට මැහුම් 4 යොදා ඇතැයි පොලිසිය කියයි .
සාදයට සහභාගි වීමට පෙර දින අලුයම තුනට සේවයට ගිය ඔහු කිසිදු විවේකයක් නොලබා සාදයට සහභාගි වී තිබූ බව පොලීසිය සිදුකළ පොලිසිය සිදු කළ දීර්ඝ විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය .
මියගිය කාන්තාවගේ මෘත ශරීරය පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඊයේ දින පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් පැවැත්වීමට නියමිතව තිබිණි .
එගොඩඋයන පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාසකෝරාල මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩි එන් ආර් සොයිසා පොලිස් කොස්තාපල් 61808 අරුණසිරි මහත්තුරු පරීක්ෂණ පවත්වයි
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සාදයේ ගමන මරණයෙන් කෙලවර වෙයි
වීරවිජේ Wednesday, 09 March 2022 12:09 PM
කාලකන්නින්ට බොන්න තිබුනොත් ඇති...