සාත්තර කීමට තඹුත්තේගම තෙළිඟු ගමේ සිට නාවුලට එන සාත්තරකාරියක දිනකට රුපියල් 10,000 ක පමණ ආදායමක් උපයන බව ඇරගෙඩ්ඩා තෙළිඟු කත කියන්නීය.
’‘මේ රස්සාව දැන් අපේ පරම්පරාවේ කට්ටිය කරනවා අඩුයි.අපිනම් තාමත් කරගෙන යනවා.සාත්තර වලට අමතරව මිනිසුන් අපෙන් නරි අං හා නයි ඔළු ත් ගන්නවා.
නරි අඟක් රුපියල් 8000 යි නයි ඔළුවක් එක එක ගණන්වලට විකුණනවා.දැන් තඹුත්තේගම අපේ ගෙවල් 2000 විතර තියෙනවා.
අපේ අලූත් පරම්පරාවේ අය ඉන්නවා හොඳට ඉංග‍්‍රිසි කතා කරන්න. ඒ අය සුද්දන්ට සාත්තර කියලා දවසකට ලොකු ගාණක් හොයනවා. අලූත් පරම්පරාවේ අය.මේක අපේ රස්සාව.ඉන්දියාවේ ඉඳන් එන සන්නාසි අම්මලා තමයි අපිට මේ නරි අං දෙන්නේ.’’
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අපේ අලූත් පරම්පරාවේ අය ඉන්නවා හොඳට ඉංග‍්‍රිසි කතා කරන්න. ඒ අය සුද්දන්ට සාත්තර කියලා දවසකට ලොකු ගාණක් හොයනවා." සංචාරක ව්‍යාපාරයට බාධාවක් වෙන්න ඉඩ තියන්න එපා (දී)
මේ කතා සම්පූර්ණයෙන්ම ඇත්ත නෙවෙයි. දිනකට 10,000 මේ අය හොයන්නේ නෑ. මාසයටම තිස් හතලිස් දාහකට වඩා මේ අයට හොයන්න බෑ. නයි විකුණල නම් ගානක් හොයා ගන්නවා ඉදල හිටලා.. ඉංග්‍රීසී කතා කරන්නේ වැල්ල ආශ්‍රිතව ඉන්න අහිගුන්ඨිකයන්. මේ අයගේ භාෂාව තෙළිඟු කියල කිව්වට එක ඉන්දියාවේ තෙළිඟුවලට වඩා වෙනස්, මෙකට හෝඩියක් නෑ. සිංහල දෙමල ඉංග්‍රීසි කළවම් භාෂාවක්. තඹුත්තේගම ,කුඩාගම තෙළිඟු ගම්මානයේ පවුල් ඉන්නේ දෙසීය ගානයි. දෙදහක් නෑ. රටේම දෙදහස් ගනනක් වගේ තෙළිගු පවුල් ඉන්නේ. (ස)
අපේ පරම්පරාවේ අය ඉන්නවා හොඳට ඉංග‍්‍රිසි කතා කරන්න. ඒ අය සුද්දන්ට ඉංග‍්‍රිසි උගන්නනවා (දී)
සුද්දොත් බය කරනවා (දී)
කට පරෙස්සම් කර ගත්තොත් හොදයි .දවසකට ආදායම රු. 10,000 නම් ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් පරෙස්සම්වෙන්න වෙයි. (දිල්)
අපේ ලංකාවේ මේ තරම් නරි ඉන්නකොට තවත් නරි අං මොකටද ඉන්දියාවෙන් ගෙනෙන්නේ ? මේක විදේශ කුමන්ත්‍රණයක්. (දී)
මේගොල්ලෝ සංචාරකයන්ට බොරු කියල හොඳට සල්ලි ගරනවා. (දී)
ඔච්චර කපටි නරියා ඌට අං තිබුණත් මේ මිනිසුන්ට ඒවා ගලවා දෙයිද? (නි)
ඇත්තෙන්ම මේ උදවිය හරියටම සාත්තර කියනවා.(දිල්)
සිරිසේන උන්නැහේ නරියාගේ අඟක් තිබුනත් නැතත් ඒවා ගලව ගන්නේ ඒ සතා මල පසු .(දී)
මම සාත්තර , යන්ත්‍ර මන්ත්‍ර විශ්වාස කරන්නේ නැහැ. නමුත් මගේ ජීවිත කාලය තුලදී කිසිම විද්‍යාවකින් පැහැදිලි කිරීමට නොහැකි සිද්ධි තුනක් මම අත්දුටුවා. එකක් මට අහම්බෙන් අසන්නට ලැබුන සාස්තරයක්. අනික ඉතාමත් වටිනාකමක් ඇති දෙයක් නැතිවූ පසුව කල ගුරුකමක් සහ එය නැවත ලැබුන අස්වාභාවික ආකාරය. අනික කට්ටඩියෙකු දැරහැව ලෙස රැගෙන යනවිට ලැබූ ඉතාමත් අස්වාභාවික අත්දැකීමක්. මේ නිසා මම පුද්ගලිකව මේවා විශ්වාස නොකලාට අපි නොදන්නා දේවල් ලෝකේ ඇති බව පිලිගන්නවා.(දී)
සුද්දාටත් ඉංග්‍රීසි අමතක වන කාලය වැඩි ඈතක නොවෙයි (දී)
සෑම්, ඔබ හිතාගෙන හිටියට ඔබ සාස්තර විශ්වාස කරන්නේ නැහැ කියලා, ඔබේ අවිඥානය සාස්තර විශ්වාස කරනවා. (නි)
මෑතකදී අනුරාධපුර වන්දනාවේ ගිය අවස්ථාවේ අහිකුන්ඨික තරුණියක් මගේ අත නොබලාම නිවැරදිව මා සහ පවුලේ තොරතුරු කියන්න පටන් ගත්තා. පසුව අතේ රේඛා දිහා බලාද යම් යම් දේ නිවැරදිව කිව්වා. මා ඒ ගැන පුදුම වන්නේ නැත්තේ මොවුන් පරම්පරා ගණනාවක් තිස්සේ මිනිසුන්ගේ මනසින් පිටවන තරංග ග්‍රහණය කිරීමේ හැකියාවක් ප්‍රගුණ කර ඇති බවට මා තුළ පිළිගැනීමක් තිබෙන නිසයි. නුතන මනෝ විද්‍යාව පවා පර්යේෂණ ඔස්සේ එවැනි තත්වයක් පැවතිය හැකි බව පිළිගන්නවා. (නි)
නරින්ට අං තියෙනවාද? පිස්සු කතා. (දී)
ලංකාවේ අයට කියන්න තියෙන්නේ එකම දේනේ.ඒ හින්දා සුද්දට කියන එක හොඳයි.එයාලත් ජීවත් වෙන්න ඕනිනේ. සාස්තර කියන්නේ මුණ බලල ...එයාල මුහුණේ සිදුවෙන සියුම් ඉරියව් පවා හොඳට අධ්‍යනය කරලා තියෙන්නේ.ඊට පස්සේ අනුමාන කරලා කියනවා.විනෝදෙට වගේනම් ඇහුවට කමක් නැහැ. (දී)