සාත්තර කීමට තඹුත්තේගම තෙළිඟු ගමේ සිට නාවුලට එන සාත්තරකාරියක දිනකට රුපියල් 10,000 ක පමණ ආදායමක් උපයන බව ඇරගෙඩ්ඩා තෙළිඟු කත කියන්නීය.
’‘මේ රස්සාව දැන් අපේ පරම්පරාවේ කට්ටිය කරනවා අඩුයි.අපිනම් තාමත් කරගෙන යනවා.සාත්තර වලට අමතරව මිනිසුන් අපෙන් නරි අං හා නයි ඔළු ත් ගන්නවා.
නරි අඟක් රුපියල් 8000 යි නයි ඔළුවක් එක එක ගණන්වලට විකුණනවා.දැන් තඹුත්තේගම අපේ ගෙවල් 2000 විතර තියෙනවා.
අපේ අලූත් පරම්පරාවේ අය ඉන්නවා හොඳට ඉංග‍්‍රිසි කතා කරන්න. ඒ අය සුද්දන්ට සාත්තර කියලා දවසකට ලොකු ගාණක් හොයනවා. අලූත් පරම්පරාවේ අය.මේක අපේ රස්සාව.ඉන්දියාවේ ඉඳන් එන සන්නාසි අම්මලා තමයි අපිට මේ නරි අං දෙන්නේ.’’
2025 දෙසැම්බර් මස 18
389
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුද්දන්ටත් තෙළිඟු සාත්තරේ
විජිත Monday, 30 June 2014 12:37 PM
"අපේ අලූත් පරම්පරාවේ අය ඉන්නවා හොඳට ඉංග‍්‍රිසි කතා කරන්න. ඒ අය සුද්දන්ට සාත්තර කියලා දවසකට ලොකු ගාණක් හොයනවා." සංචාරක ව්‍යාපාරයට බාධාවක් වෙන්න ඉඩ තියන්න එපා (දී)
සුභාෂ් Monday, 30 June 2014 01:00 PM
මේ කතා සම්පූර්ණයෙන්ම ඇත්ත නෙවෙයි. දිනකට 10,000 මේ අය හොයන්නේ නෑ. මාසයටම තිස් හතලිස් දාහකට වඩා මේ අයට හොයන්න බෑ. නයි විකුණල නම් ගානක් හොයා ගන්නවා ඉදල හිටලා.. ඉංග්‍රීසී කතා කරන්නේ වැල්ල ආශ්‍රිතව ඉන්න අහිගුන්ඨිකයන්. මේ අයගේ භාෂාව තෙළිඟු කියල කිව්වට එක ඉන්දියාවේ තෙළිඟුවලට වඩා වෙනස්, මෙකට හෝඩියක් නෑ. සිංහල දෙමල ඉංග්‍රීසි කළවම් භාෂාවක්. තඹුත්තේගම ,කුඩාගම තෙළිඟු ගම්මානයේ පවුල් ඉන්නේ දෙසීය ගානයි. දෙදහක් නෑ. රටේම දෙදහස් ගනනක් වගේ තෙළිගු පවුල් ඉන්නේ. (ස)
අනුර Monday, 30 June 2014 01:13 PM
අපේ පරම්පරාවේ අය ඉන්නවා හොඳට ඉංග‍්‍රිසි කතා කරන්න. ඒ අය සුද්දන්ට ඉංග‍්‍රිසි උගන්නනවා (දී)
දිනුෂ Monday, 30 June 2014 01:40 PM
සුද්දොත් බය කරනවා (දී)
ස්ටැන්ලි Monday, 30 June 2014 02:02 PM
කට පරෙස්සම් කර ගත්තොත් හොදයි .දවසකට ආදායම රු. 10,000 නම් ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් පරෙස්සම්වෙන්න වෙයි. (දිල්)
අසෝක Monday, 30 June 2014 02:04 PM
අපේ ලංකාවේ මේ තරම් නරි ඉන්නකොට තවත් නරි අං මොකටද ඉන්දියාවෙන් ගෙනෙන්නේ ? මේක විදේශ කුමන්ත්‍රණයක්. (දී)
සුරංග ප්‍රදීප් පෙරේරා Monday, 30 June 2014 02:06 PM
මේගොල්ලෝ සංචාරකයන්ට බොරු කියල හොඳට සල්ලි ගරනවා. (දී)
සිරිසේන Tuesday, 01 July 2014 12:10 AM
ඔච්චර කපටි නරියා ඌට අං තිබුණත් මේ මිනිසුන්ට ඒවා ගලවා දෙයිද? (නි)
රණා Monday, 30 June 2014 02:44 PM
ඇත්තෙන්ම මේ උදවිය හරියටම සාත්තර කියනවා.(දිල්)
තරිඳු Tuesday, 01 July 2014 02:26 PM
සිරිසේන උන්නැහේ නරියාගේ අඟක් තිබුනත් නැතත් ඒවා ගලව ගන්නේ ඒ සතා මල පසු .(දී)
සෑම් Monday, 30 June 2014 03:57 PM
මම සාත්තර , යන්ත්‍ර මන්ත්‍ර විශ්වාස කරන්නේ නැහැ. නමුත් මගේ ජීවිත කාලය තුලදී කිසිම විද්‍යාවකින් පැහැදිලි කිරීමට නොහැකි සිද්ධි තුනක් මම අත්දුටුවා. එකක් මට අහම්බෙන් අසන්නට ලැබුන සාස්තරයක්. අනික ඉතාමත් වටිනාකමක් ඇති දෙයක් නැතිවූ පසුව කල ගුරුකමක් සහ එය නැවත ලැබුන අස්වාභාවික ආකාරය. අනික කට්ටඩියෙකු දැරහැව ලෙස රැගෙන යනවිට ලැබූ ඉතාමත් අස්වාභාවික අත්දැකීමක්. මේ නිසා මම පුද්ගලිකව මේවා විශ්වාස නොකලාට අපි නොදන්නා දේවල් ලෝකේ ඇති බව පිලිගන්නවා.(දී)
නිල්මිණි Tuesday, 01 July 2014 02:47 PM
සුද්දාටත් ඉංග්‍රීසි අමතක වන කාලය වැඩි ඈතක නොවෙයි (දී)
ජේම්ස් Tuesday, 01 July 2014 03:38 AM
සෑම්, ඔබ හිතාගෙන හිටියට ඔබ සාස්තර විශ්වාස කරන්නේ නැහැ කියලා, ඔබේ අවිඥානය සාස්තර විශ්වාස කරනවා. (නි)
සත්‍යා Tuesday, 01 July 2014 06:49 AM
මෑතකදී අනුරාධපුර වන්දනාවේ ගිය අවස්ථාවේ අහිකුන්ඨික තරුණියක් මගේ අත නොබලාම නිවැරදිව මා සහ පවුලේ තොරතුරු කියන්න පටන් ගත්තා. පසුව අතේ රේඛා දිහා බලාද යම් යම් දේ නිවැරදිව කිව්වා. මා ඒ ගැන පුදුම වන්නේ නැත්තේ මොවුන් පරම්පරා ගණනාවක් තිස්සේ මිනිසුන්ගේ මනසින් පිටවන තරංග ග්‍රහණය කිරීමේ හැකියාවක් ප්‍රගුණ කර ඇති බවට මා තුළ පිළිගැනීමක් තිබෙන නිසයි. නුතන මනෝ විද්‍යාව පවා පර්යේෂණ ඔස්සේ එවැනි තත්වයක් පැවතිය හැකි බව පිළිගන්නවා. (නි)
ජොහාන් Monday, 30 June 2014 05:22 PM
නරින්ට අං තියෙනවාද? පිස්සු කතා. (දී)
ලක්ෂපාන Monday, 30 June 2014 06:28 PM
ලංකාවේ අයට කියන්න තියෙන්නේ එකම දේනේ.ඒ හින්දා සුද්දට කියන එක හොඳයි.එයාලත් ජීවත් වෙන්න ඕනිනේ. සාස්තර කියන්නේ මුණ බලල ...එයාල මුහුණේ සිදුවෙන සියුම් ඉරියව් පවා හොඳට අධ්‍යනය කරලා තියෙන්නේ.ඊට පස්සේ අනුමාන කරලා කියනවා.විනෝදෙට වගේනම් ඇහුවට කමක් නැහැ. (දී)