විනීතා එම් ගමගේ
සෞදි අරාබියේ රාජ්‍ය ආයතනයක් වන කාන්තා සුභසාධන මධ්‍යස්ථානයේ රඳවා සිටින විවිධ රටවල කාන්තාවන් 500 දෙනෙකු පමණ පිරිස අතර ශ්‍රී ලාංකික කාන්තාවන් 49 දෙනෙකු ද සිටින බව විදේශ රැකියා අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත‍්‍රීවරයා ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ප‍්‍රකාශ කළේය.
මෙම කාන්තාවන් එහි සිටින්නේ ඔවුන්ට රටින් පිටවීමට පෙර පවතින ගැටලූ නිරාකරණය කරන තෙක් බවත් ඔවුන් අතරින් 21 දෙනෙකු රැඳී සිටින්නේ ඔවුන්ගේ රටින් පිටත් වීමේ අවසර පත හා ගුවන් ටිකට් පත ලැබෙන තුරු යැයි ද හෙතෙම සඳහන් කළේය.
හාම්පුතුන් විසින් වැටුප නොගෙවීම පිළිබඳ පැමිණිලි කර ඇති 14 දෙනෙක් එම හිඟ වැටුප ලබා දෙන තුරු රැඳී සිටින බවත් මේ වනවිටත් උසාවියේ නඩු පවතින පස් දෙනෙක් එම නඩු අවසන් වන තුරු රැඳී සිටින බවත් පැවසූ මන්ත‍්‍රීවරයා සෞදි පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන යොමු කළ ශ්‍රී ලාංකික කාන්තාවන් 9 දෙනෙකු ද එහි රඳවා සිටින බව ද හෙතෙම කියා සිටියේය.
එම පිරිසගෙන් අති බහුතරය නීතිවිරෝධී කටයුතු හේතුවෙන් පොලිසිය අත්අඩංගුවට ගෙන බාරදී ඇති පිරිස් යැයි ද ඔහු පැවසීය.
එහි රඳවා සිටින කිසිවෙකුටත් හිරිහැර හෝ අඩන්තේට්ටම් සිදු නොවන බව කී හෙක්ටර් අප්පුහාමි මහතා එය සම්පූර්ණයෙන් පාලනය වන්නේ සෞදි රජය යටතේ වන බැවින් එහි සිටින්නන් ගැන තීන්දු තීරණ ගැනීමට මෙරට රජයට හෝ තානාපති අංශවලට අවස්ථාව නොලැබෙන බව ද සඳහන් කළේය.
කෙසේ වෙතත් එම කාන්තාවන් බැලීමට සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරින් නිතර එහි යන එන බවත් අවශ්‍ය කටයුතු සිදු අවසන් වී නම් ඔවුන් ශ්‍රී ලංකාවට එවීමට තානාපති කාර්යාලය කටයුතු කරන බවත් හෙතෙම පැවැසීය.
හෙක්ටර් අප්පුහාමි මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අද (18) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එම මාධ්‍ය හමුවට කාර්යංශයේ සභාපති ඒ.ඒ.එම්.හිල්මි, එහි වැඩබලන සාමාන්‍යධිකාරි ඩබ්ලිව් එම් එම් වනසේකර, නියෝජ්‍ය සාමාන්‍යධිකාරි පරිපාලන සහ විදේශ සබඳතා සෙනරත් යාපා, එහි මාධ්‍ය ප‍්‍රකාශක මාධ්‍ය ප‍්‍රකාශක මාධව දේශපි‍්‍රය යන මහත්වරුන් ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පුහාමි, කරන දෙයක් ඉක්මනට කරන්න. මහබැංකු සල්ලි ඇතිනේ ඔයා ලඟ...
ඉතින් මහත්තයෝ නිකන් බොරුවට කියව කියවා ඉන්නේ නැතිව රජයෙන් මේගොල්ලන්ව ලංකාවට ගෙන්න ගන්නකෝ? බොරු කතා ඕනේ නැහැ...
මේයා ලුනුවිල පැත්තේ ගමේ කෙනෙක් මහා බැංකුවේ හොරකමෙන් පස්සේ කෝප් කමිටුවේ වැඩ කළා ලක්ස 4500 හොර කළ අර්ජුනව බේරන්න මෙයා කියනවා මන් එයාව හොදට දන්නවා එය හොරෙක් නෙමේ කියල. මේ වගේ අහිංසක මිනිස්සුන්ගේ ලේ උරා බොන පල් හොරුන්ට හොදක්නම් වෙන්න එපා.
මෙයා මීට කලින් මෑන්පවර් ඒජන්සි එකක් කළා මීගමුවේ. ඕස්ට්‍රේලියා යවනවා කියලා වෙන්නප්පුව කීප දෙනෙකුගෙන්ම මුදල් අරගෙන, එයාපෝර්ට් CID එකෙන් ඇරෙස්ට් කරලා උසාවිත් ගියා. මේවගේ කට්ටිය පාර්ලිමේන්තුවටත් ගියා. නමුත් මේ පාර ගමේ අය ඡන්දෙ දෙන්නේ නැහැ...
මේ වගේ පුට් නෝට් කාරයින්ටත් ඇමතිකම් ලැබුණානේ. මෙහෙම බැලුවහම මහජනතාව තමයි කාලකන්නි වෙලා තියෙන්නේ...