(ටී.කේ.ජී.කපිල )
සෞදි අරාබියේ ජෙඩා සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටි ගුවන් මගියකු අද (2) කටුනායක ගුවන් තොටුපොළේ දී මිය ගොස් තිබේ.
ඔහු ශ්‍රී ලංකාවේ මහනුවර ,තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි අබුබකර් අබ්දුල් වාහිඩ් නැමැත්තෙකි.
හදිසියේ වැළදුණු හෘදයාබාධයක් නිසා මෙම මරණය සිදු වන්නට ඇතැයි කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය පවසයි .
මොහු දැනට සෞදි අරාබියේ ජෙඩා නුවර ස්ථිර පදිංචිව සිටින අතර ,මීට මාස කීපයකට පෙර ශ්‍රී ලංකාවට රැගෙන පැමිණ සිටි සිය බිරිඳ ආපසු කැදවා ගෙන යෑමට මෙවර පැමිණ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd