IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


සෞදි වැන්දඹුවයි ලක් රියැදුරයි තහනම් ගෙඩි කයි

ශ්‍රී ලංකා රියැදුරකුගෙන් ගැබ් ගත් සෞදියේ වැන්දඹු කතක් එරට ආගමික පොලිසියෙන් අත්අඩංගුවට ගත් බව සෞදි පුවත්පතක් කියයි. ගුණධර්ම වර්ධනය කිරීමේ හා දුසිරිත් මැඞීමේ කෝමිසම මේ ගැහැනිය හා ලාංකික රියැදුරා නැගෙනහිර සෞදි අරාබියේ ”ඊෂා” පළාතේදී අත්අඩංගුවට ගත් බවත්, මාස හතරක් තිස්සේ ලාංකිකයා සමග අඹුසැමියන් ලෙස ජීවත් වූ බවත් ඇය පවසා ඇත. එම වැන්දඹුවගේ නිරුවත් පින්තූර රියැදුරාගේ ජංගම දුරකථනයේ තුබූ බව ද එම පුවත්පත පවසයි.      



අදහස් (0)

සෞදි වැන්දඹුවයි ලක් රියැදුරයි තහනම් ගෙඩි කයි

ප්‍රියලාල් Thursday, 05 January 2012 03:45 PM

මේ වගේ දේවල් වළක්වා ගන්න රට යන අයට දෙන දැනුමේ අඩුවක්ද? නැත්නම් රට යන අයගේ ආකල්ප වල අඩුවක්ද කියලා මේ රටවල ජීවත් වෙනකොට දැනෙනවා

:       0       0

Pissa Monday, 09 January 2012 10:49 AM

වැරැද්දක් නෑ නේ. ආදරයට බාධා කොයිදෝ නැත්තේ?

:       0       0

එරංග Monday, 09 January 2012 03:17 PM

මේ මනුස්සයට ලංකාවේ පවුලක් නැතිනම් ඉතින් වැන්දඹු ගැහැණු කෙනෙක් එක්ක විවාහ වුණානම් මොකද?

:       0       0

බණ්ඩාර Monday, 09 January 2012 04:42 PM

ඉක්මණින් නිදහස ලැබේවා.

:       0       0

ඉෂාක් Friday, 06 January 2012 02:59 PM

එහෙනම් ඉතින් ලෑස්තිවෙන්න පුතේ පෝරකේට යන්න

:       0       0

සෝමදාස වික්‍රමආරච්චි Wednesday, 04 January 2012 12:02 PM

ලංකාවේ මිනිස්සු ගිය ගිය තැන නම තියලා එනවා.

:       0       0

කොල්ලා Wednesday, 04 January 2012 12:33 PM

අනේ ඒ ෆොටෝ ටිකත් දාන්නකෝ

:       0       0

ලූෂන් Wednesday, 04 January 2012 12:32 PM

ලංකාවේ අයගෙ වැඩ. ලැජ්ජයි

:       0       0

සනත් Wednesday, 04 January 2012 12:41 PM

මේ පිටුවේම තවත් තැනක අපේ ඇත්තෙක් ඉතාලි කතකටත් දරුවෙක් දිලා....රට යන ඇත්තො.. රස්සාවල් විතරක්ම නොරකරන බවයි කියන්න තියෙන්නෙ...නේද ?

:       0       0

ජී.එච්. සිරිනිමල් [dubai] Wednesday, 04 January 2012 02:16 PM

ලංකාවේ අපිට දෙන වැඩවල විදියට බැලුවම ඕක සාමාන්‍ය දෙයක්

:       0       0

ජී.එච්. සිරිනිමල් [dubia] Wednesday, 04 January 2012 02:19 PM

ඔබට ඉක්මන් නිදහස ලැබෙයි. ඇයත් සමග ජීවත්වෙන්න වාසනාව ලැබේවා

:       0       0

පෙරේරා Wednesday, 04 January 2012 07:07 PM

වැන්දඹු බිරියකට පිහිට වෙලා තියෙන්නේ. බලහත්කාරකමක් නෙවේ කරලා තියෙන්නේ.

:       0       0

පුර්ණ Thursday, 05 January 2012 02:55 PM

ඒ අය අපේ ගෘහසේවිකාවන්ට නොකරන දෙයක් නෑ, ඔය කියන කොමිසම ඒවා හොයන්නෙ නැද්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 660 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2331 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1723 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site