(කුෂාන් ජයවර්ධන)
කැකිරාව ඉපලෝගම ව්‍යාපාරිකයකු(38) ඉරිදා (09) පෙරවරුවේ සුදුපැහැති වෑන් රථයකින් හා කැබ්රථයකින් පැමිණී සන්නද්ද පිරිසක් විසින් පැහැරගෙන යාමේ සිද්ධියක් ගැන පරීක්ෂණ ඇරඹූ බව ඉපලෝගම පොලිසිය කියයි. උදෑසන 7ට පමණ ආයුධ සන්නද්ධ පිරිසක් සුදුපැහැති වෑන් රථයකින් තම නිවසට පැමිණී බව පැහැරගැනීමට ලක්වූ බව කියන පුද්ගලයාගේ බිරිය පවසයි.
පැමිණී පිරිස පැය භාගයක පමණ කාලයක් තම සැමියා සමග කතාකරමින් සිටි බවත් ඔවුන් බණ්ඩාරවෙල පොලිසියේ යැයි පැවසූ බවත් ඇය පවසයි. පසුව වෙනත් ප‍්‍රදේශයක නිවසක් පෙන්වීම සදහා යන බව පවසමින් පැමිණී පිරිස තම සැමියා සුදුවෑන් රථයේ නංවාගෙන ගිය බව ද පැහැරගැනීමට ලක්වූ පුද්ගලයාගේ බිරිය පවසයි.
ඒ සමග පැමිණී තවත් දෙදෙනකු තම නිවසේ තිබූ ආරක්ෂක කැමරා පද්ධතියේ මතක ගබඩාවද රැගෙන ගිය බව ද ඇය කියයි. සැමියා ගැන විමසිමට බණ්ඩාරවෙල පොලිස් ස්ථානයට ගිය බවත් එහිදී තම සැමියා රැගෙන ගිය බවට තොරතුරක් අනාවරණය නොවූ බවත් ඇය පවසයි.
පොලිස් සොකෝ හා ඇගිලි සළකුනු ඒකකය ද පරීක්ෂණ සඳහා සහය දක්වයි.
COMMENTS
පුදුමයි,සුදුවෑන් සංස්කෘතිය නවත්වලා හුගක් කල්නේ.
පුද්ගලික පළි ගැනීමක් වගෙයි පේන්නේ. වහාම කරුණු හොයා නොගත්තොත් ආණ්ඩුවටයි දෝෂය එන්නේ.
දැන්වත් ඔය සුදු වැන් කතාව නවත්වන්න.
සුදු වැන් ගැන කියනකොට හිනා වෙනවා හැරෙන්න වෙන කියන්න දෙයක් නැ..
වැරදි වැඩ කරන හා ඒ සදහා නිරන්තරයෙන් නිවසින් බැහැරව යන නිවසේ අයට හොර මෙවන් දේ කරන අය කරන කියන දේ නිවැසියන් නොදන්නා නිසා ඕනෙම කෙනෙකුට මේ ආකාරයට ඔවුන් පිටතට ගෙන යා හැකී මන්ද නිවැසියන්ට මෙය සාමාන්‍ය සිදුවීමක් නිසාවෙන් ගෙන ගියේ කවුරුන්ද නොදැන උන්නත් මොහුද හොද පුද්ගලයෙක් නොවන බව පොලිසිය පවසයි
සල්ලි පොලියට දෙන වාහන උස්සන අයටත් කියන්නේ ව්‍යාපාරිකයන් කියලද ?
රජය තවදුරටත් දැඩි තීරණ ගන්නේ නැත්නම් පරණ කට්ටියම වැඩේට බහින්න යනවා වගේ. ජනතාවට එපා වෙන කාලය අත ළඟටම ඇවිත්.
සුදු වැන් එකකින් පැහැර ගත්තොත් ඒක කලින් ආණ්ඩුවේ වැඩක්. වෙන පාට වැන් එකකින් පැහැර ගත්තොත් කලින් ආණ්ඩුවේ වැඩක් නෙමෙයි. එහෙම හිතන ජනතාවක් ලංකාවේ ඉන්නවා. සාමාන්‍යයෙන් වැඩියෙන් ධාවනය වන්නේ සුදු වැන් .