වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් 1818 දී කන්ද උඩරට ශ්‍රී දළඳා මාලිගාව අභියසදී සුදු අධිරාජ්‍යවාදීන් විසින් ඔසවන ලද බ්‍රිතාන්‍ය කොඩිය කුඹ ගසින් ඇද දමා සිංහලේ ධජය යළි එසවීම සිහිගන්වමින් පසුගිය 2වැනි සඳුදා වර්තමාන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු භුමියේදී ලන්ඩන් නුවර පදිංචි පුංචි සිංහල දරුවෙක් සියලු දෙනාට පෙනෙන අයුරින් සිංහ කොඩිය එසැවීය.
බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදය විසින් සංවිධානය කරන ලද මෙම ජන හමුවේ අරමුණ පිළිබඳව අදහස් දැක්වූ එම සංවිධානයේ කැඳවුම්කරු ජනක අලහප්පෙරුම පැවසුවේ "ඉංග්‍රීසීන් විසින් 1818 දී මහනුවර මඟුල් මඩුවේදී අත්සන් කැරැණු උඩරට ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවේ නිදහස "බලහත්කාරයෙන් උදුරා ගත් බවයි. ඒ මඟින් රටත්, ජාතියත් ආගමත් සංස්කෘතියත් විනාශ කරමින් දේශීය ජනතාවට එරෙහිව ඉංග්‍රීසීන් විසින් සිදුකල යුද අපරාධ, දේපළ කොල්ලකෑම්, මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, සාපරාධී මිනිස් ඝාතන සහ අනෙකවිධ අපරාධ සම්බන්ධ සාක්ෂි සහිත තොරතුරු ඇතුලත් දීර්ඝ ලිපියක් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ටත් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ටත් ලබාදී ඒපිළිබඳව ඔවුන් දැනුවත් කිරීමත් මෙම ජන හමුවේ බලාපොරොත්තුවයි.
1818 උඩරට ගිවිසුමට අත්සන් කළ ප්‍රභූන් සංකේතවත් කරමින් උඩරට සම්ප්‍රදායික නිල ඇඳුමකින් සැරසුණ දරුවකු ඇතුළු බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයේ කණ්ඩායමක් ඩවුනින් වීදියේ අංක 10 දරන තැන පිහිටි අගමැති නිල නිවාසය වෙත ගොස් එම තොරතුරු ඇතුළත් සංදේශයේ පිටපතක් අගමැතිවරයාවෙත භාර දුන්හ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඡායාරුප බැලුවම සිංහලය ගැන ගොඩක් දේවල් කියන්න පුළුවන්. (ර)
ඉතින් ඔච්චරම ජරා වැඩක් කරපු සුද්දන්ට බැන බැන උන්ගෙම රටේ ජීවත් වෙන්නෙ මක්කටෙයි (නදී)
ආඩම්බරයි පුතේ නුඹ එසවු සිංහ කොඩිය (නදී)
1815 මාර්තු 2 ගිවිසුම සිංහලයෝ අත්සන් කලේ කැමැත්තෙන්. මොකද ශ්‍රී වික්‍රම රජතුමා එලවන්න තිබුන ආසාව නිසා. (නදී)
සුද්දෝ මේවා දැකල පස්ස පැත්තෙන් හිනා වෙන්නේ (නදී)
රටට ආදරය කරන මේ පිරිසට අපේ ආචාරය. අපේ සමහර මිනිසුන්ට ජාතික කොඩිය මතක් වෙන්නේ ක්‍රිකට් මැච් වලදී පමණයි. සුද්දෝ අපේ රට කෑවා. තාමත් ඒ අයගේ රූකඩ තියාගෙන ඉන්නවා.(නදී)
රටට ආදරය කරන මේ පිරිසට අපේ ආචාරය.(හේ)
රටට ආදරය කරන මේ පිරිසට අපේ ආචාරය.අපේ සමහර මිනිසුන්ට ජාතික කොඩිය මතක් වෙන්නේ ක්‍රිකට් මැච් වලදී පමණයි.(හේ)
ඉතාමත් හොද වැඩක්. (හේ).
මම ජාතික කොඩිය හා බෞද්ධ කොඩිය රැකගැනීමට අවුරුද්දක් පමණ වෙහෙසෙමි.(නදී)
විජය කුමාරයා දැන් ශ්‍රී ලංකාව යැයි හැඳින්වෙන දූපත අල්ලාගත්තු සිදුවීමේ සංවත්සරය කවදා ද?(නදී)
සරණ, දිනය හරියට සොයාගත නොහැක. ඒ දිනවල කැලැන්ඩරය දැන් භාවිතාවන රෝමන් කැලැන්ඩරයට ගැලපිය නොහැක. ඉස්සර දින ගනින්නේ පුර සඳ සිට පුර සඳ දක්වා හෝ නවසඳ සිට නවසඳ දක්වා බැවිනි. වසරකට පුර සඳ 12ක් නම් ආසන්න වශයෙන් දින 360කි. (නදී)
මීට වඩා සෙනග හුඟක් හිටියනේ මම යනකොට.? (ර)
ලංකාව පුරා සිංහ කොඩිය එස උනේ 30 වසරකට පස්සේ (දිල්)
සුබ පැතුම්.! (ර)
ඇයි ලාංකිකයින් මෙතනට එන්න අකමැතිද? කිහිප දෙනයි ඉන්නෙ.(නදී)
එහෙන් කක එහෙටම පහරන්න එපා මිනිසුනේ. ඒ කාලේ උන දේවල් හොඳයි කියනවා නොවේ. නමුත් මෙහෙම දේට කාලේ නස්තිකරලා දැන් වෙන සෙතේ මොකද්ද. අනික මේ වගේ දේවල් තමයි අර අයිසිස් කාරයෝ කියන්නෙත්.අපි එ් ගනෙට වැටෙන්න ඕනද. (නදී)
ඉතාමත්ම හොඳයි (නි)
උඩරට ගිවිසුම අත්සන් කළේ 1815 මාර්තු 02 දිනයි. ඊයේට හරියටම වර්ෂ 200 ක් පිරුණා. මේ ගිවිසුම නිසා රටේ ඇතිවූ වෙනස් කම් ගැන යම් සමාලෝචනයක් රාජ්‍ය මට්ටමෙන් කළ යුතුව තිබුණත් කිසිවකුගේ අවධානය ඊට යොමු වූ බවක් පේන්නේ නෑ.(නදී)
හිතට පුදුම ආඩම්බරයක් දැනුනා (නි)
හොඳ වැඩක්.. අපේ ගෞරවණීය සුබ පැතුම්... ඔබලාට. (බ)
දුමින්ද සිංහල අය ගුණමකුයි (බ)
මමත් මෙම ඉතාමත්ම ලස්සනට සංවිධානය කර තිබුණු වැඩසටහනට සහභාගී වුනා. ලන්ඩනයට ඉතාමත්ම සීත දවසක් උනත්, සඳුදා වැනි සතියේ වැඩ කරන දවසක සෙනග 80- 100 රැස් වෙනවා කියන්නේ විශාල අභියෝගයක්. මේ ඡායාරූප මුලදීම මමත් යාමට පෙර ගත් ඒවා වගෙයි පෙනෙන්නේ. කොටසක් ඩව්නින් විදියේ අගමැති නිල නිවාස ළඟත් අනිත් පිරිස පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ මැද කොටසේත් සිටියා. සහභාගී වීමට ලැබීම ගැන සතුටුයි (බ)
මෝඩ වැඩ 10 දෙනෙක්වත් සෙනග නැහැ. ඔය ලංකාවේ ආණ්ඩුවෙන් ලකුණු දාගන්න කරන වැඩ .සැලකිලි ගන්න (බ)
ශීලා! හරියට හරි, හැබැයි මේකෙ තව පැත්තකුත් තියෙනවා. බලන්න මෙතන ඉන්නේ 25 ට අඩු පිරිසක්. මේ අය සිංහලයන් සේ පෙනී සිටින ත්‍රස්ත සංවිදාන හිතවාදියෝ වෙන්න බැරිද?. මෙවැනි දේවල් කර බ්‍රිතාන්‍යය දැන් අපි කෙරෙහි යම් පැහැදීමක් ඇත්නම්, එයද බිඳ දැමීමේ අදහසින් ඩයස්පෝරාවේ ක්‍රියාවක් වෙන්න බැරිද? (නදී)