සෞදි අරාබියේ මහ රජු අබ්දුල්ලා අද(23) අභාවප්‍රාප්ත විය. 2005 වසරේ සෞදි රාජ්‍යත්වයට පත්වූ අබ්දුල්ලා රජු ලොව බලවත්ම රාජ්‍ය නායකයන් අතර 8 වැන්නා ලෙස ලෝක ප්‍රසිද්ධ ‘ෆෝබ්ස්‘ සඟරාව නම් කර තිබුණි.
ඔහුගේ වත්කම ඩොලර් කෝටි 1800 (රුපියල් කෝටි 63244) ලෙසද සඳහන්ය. බිරියන් 11 දෙනෙක් හා දරුවන් 16 ක් ඔහුට සිටී. මිය යන විට 90 හැවිරිදි වියේ පසුවූ අබ්දුල්ලා රජුගෙන් පසු ඔහුගේ සොයුරු සල්මන් සෞදි රජු බවට පත්වේ.
සෞදියේ 6 වැනි රජු ලෙස කිරුළු පැළඳ අබ්දුල්ලා රජු 1924 වසරේ අගෝස්තු 1 වැනි දින අබ්දුල්ලාසිස් රජුගේ දසවැනි පුතු ලෙස උපත ලැබීය.
හෘදයාබාධ වැනි රෝගයන්ගෙන් පීඩා විඳිමින් සිටි සෞදි රජු නිව්මෝනියා රෝගය හේතුවෙන් පසුගිය ජනවාරි 2 වැනිදා රෝහල්ගත කළ අතර අද උදෑසන දිවියෙන් සමුගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිරියන් 11 කගේ දවස පුරා බර බරය අහගෙන හිටි එකම පුදුමයි. (නි)
එතුමා සල්ලි හම්බකලේ තෙල් සල්ලි වලින් අපේ රජ්ජුරුවෝ වගේ අපේ සල්ලි වලින් නෙමෙයි නේද? (අ)
තිලක් ඩුබායි, බයවෙන්න එපා. ඔය ඔක්කොම රෙකෝඩ් මාස තුනෙන් කඩන්න පුළුවන් කෙනෙක් අද අපිට ඉන්නවා (නි)
අදහස් දැක්වූ සමහරුන්ට කියන්න කැමතියි අපේ රට තරම් අධ්‍යාපනයත්, රෝහල් පහසුකමුත් නිකන් දෙන රටක් ලෝකයේ කොහෙවත් නැහැ. මේ පහසුකම් දෙන්නෙත් අපෙන් අය කරන බදු වලින් නේද? ඉතින් ඕනෑම රජයක් මේ බදු අයකරනවා. ඒත් තේරුම්ගන්න අමාරු නව රජය බදු කපාහැරලා කොහොමද මේවා කරන්න හදන්නේ කියලයි. (නි)
ෂරියා නිතිය කුමක් වුනත් සාදාරන ලෙස රට පාලනය කරන්න අවංක වෙහෙසක් දැරූ රජතුමෙක්. ආර්ථිකය සංවර්දනය පිළිබද විශිෂ්ට දැක්මක් තිබු ඔහුට ඉස්ලාම් දහමට අනුව යහපතක්ම වේවා (නදී)
තනිකරම තෙල් සල්ලි. එ්ත් ඔය රටේ මිනිස්සුන්ගේ ඔලුව සංවර්දනය වෙන්න නම් තව දශක 2-3 ක් යයි. මොකද කම්මැලි කමයි, මෝඩ කමයි ඉහටත් උඩින්. රටේ ආගමික නිදහසක් නැති බවත්, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති බවත් සදහන් කරන්නට කැමතියි. (නදී)
එතුමන් අදහන ආගම අනුව ඒ ආත්මයට සැනසීම ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. කවුරු මොනවා කිව්වත් ඒ රටේ රැකියා කරන ශ්‍රි ලාංකිකයන් නිසා යහපත් ජීවන මට්ටමක් ඇතිකරගත් පවුල් අපේ රටේ ගොඩක් තියනවා. එරට වැසියන්ගේ අඩම්තේට්ටම් නිසා අහිමි වුන ජීවිත හා විනාශ වුන පවුල් ද නැතිවාම නෙවෙයි. (නදී)
දේපල කොපමණ හම්බකලත් පලක්නැහැ එලොවට යමක් එකතු කලේ නැතිනම්(එනම් පින්).මුස්ලිම් ආගමේ අනුව කොපමනමුදල් තිබුනත් අවසානයේදී මැණික් ඔබවපු පෙට්ටියක් තියා මිලෙන් බාලම පෙට්ටියකවත් ගන්නේනැහැ,ලංකාවේ මුදලින් රුපියල් තුන් හාරසීයක් විතර වටින ' කෆන්' කියන සුදු රෙද්දක ඔතල නිකන්ම වල ඇතුලේ තියල භූමදානය කරනවා.අවසානයේදී අපට ඉතිරි වන්නේ අපි කල කුසල් පමණි,මේ බව නොදැන අද ලෝකයේ කොපමණ නම් යුද්දයක්ද?බල-මුදල් තණ්හාවට. (අ)
ඔය සගරාව අපේ රටේ හිටපු රජු ගැනත් යම් කිසි සදහනක් පහුගිය දවසක කරලා තිබුනා. (ර)
ලංකාවේ නීතියට අනූව පුළුවන් වැරදිකරුවන්ට සමාව දෙන්න. නමුත් සෞදි නීතිය අනූව සමාව දියහැක්කේ විපතටපත් පාර්ශවයේ නෑදෑයින්ට පමණි (නි)
කෙනෙක් මියගියාම ඔහු අපායට යන්න කියලා කියන තරම් සමහර අය පහත් තත්ත්වකට වැටිලා. හරිම කණගාටුයි (නි)
ස්වර්ගස්ථ වීමට දෙවියන්ගෙන් පතමි.(අ)
මොන ආගමේ වුණත් ලොවෙන් සමුගත් කෙනෙකුට අපහාස කරන්න එපා (නි)
යේමන්ඩ්...එතකොට එතුමා විකුනපු තෙල් එතුමගෙ ඇඟේ තෙල් ද? (අ)
මංජුල, සෞදි රාජ්‍ය ව්‍යවස්ථාව අනුව රටේ තෙල් අපනයන අදායමින් එක්තරා ප්‍රතිශතයක් සෞදි රජ පවුලට ලබාගත හැක. ඉතිරි කොටස රට සංවර්ධනයට සහ ජනතාවගේ සුභ සිද්ධියට යොදා ගැනේ. ඒ ගැන කිසිදු සෞදි පුරවැසියකු පැමිණිලි කරනු අප අසා නැත. එය, අපගේ පසුගිය යුගයේ තෙල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වලින් බදු අයකොට අපේ පාලකයින් ගෙනගිය වැඩපිළිවෙලට වඩා සපුරා වෙනස්ය. (ර)
දැන්නම් රටේ වෙනසක් සිදුවේවි. මොකද ඊළඟ රජු ඇමරිකන් හිතවාදියෙක්. රටේ ජනතාවත් ලොකු පීඩනයක ඉන්නේ. අනික සෞදිය පුරාම ඇමරිකන් හමුදා කණ්ඩායම්. එයාලට මේ නීති නැහැ (නි)
ආදරණිය අබ්දුල්ලා රජතුමනි ලෝකවාසී සියලුදෙනා සමඟ අත්වැල් බැඳගත් ඔබ උතුම් නායකයෙකි, ඔබට නිවන්සුව පතමි (නදී)
බලන්න මංජුල ළමයා ඇහැව්වේ මොන තරම් මෝඩ ප්‍රශ්නයක්ද ?(නදී)
බිරියන් 11ක්? අනේ වාසනාවන් (නදී)
ඉහත බොහොමයක් දෙනෙකු අභාවප්‍රාප්ත වූ රජු පිළිබඳව විවේචනය කිරීම පිළිබඳව මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි. ඔහු විවේචනය කිරීමට මත්තෙන් ඔබ සැම වටහා ගතයුතු ප්‍රධානම කාරණාවක් තිබේ.ඔබ ඔබගේ ජීවිතයද තවම අවසානකර නැත. අන්‍යයන් විවේචනය කරන ඔබගේ ජීවිතයද යම්කිසි මොහොතක ඔබ නොසිතූ විදිහට වෙනස්වීමට බොහෝසේ ඉඩකඩ ඇත. (නි)
සුගුනවති මංජුල ඇහුවේ මෝඩ ප්‍රශ්නයක් නෙමෙයි. තෙල් සල්ලි කියන්නේ ජනතාවගේ සල්ලි.(නදී)
බිරියන් 11 නඩත්තු කරා කියන්නේ ඇත්තටම ඇඟේ සැහෙන තෙලක් තියෙන්නත් ඇති (බ)
ඔබ කළ සේවය වටිනවා (බ)
ඉතාම හොඳ හදවතක් තිබුන උතුම් රජ කෙනෙක්. ඔබ තුමාට මාගේ උත්තමාචාරය.! (ර)
මැරෙනකොට වත්කම කෝටි 63000. අපේ කෙනෙක් සෞදිවල රජවුණා නම් ? (බ)
මේ අදහස් කියවීමේ දී අපේ සමහර දෙනෙක් කෙනෙකුගේ මරණයකදී වුව මොන තරම් විකාරරූපී අදහස් පළ කරනවද කියල හිතෙනවා.ඉස්ලාම් ආගමට අනුව සහ තම වත්කමට අනුව ඔහුට බිරියන් 11 දෙනෙකු සිටීම අපට ප්‍රශ්නයක් විය යුතුද? සෞදි අරාබියේ අපගේ ශ්‍රමිකයන් ලක්ෂ 8 ක් පමණ සේවය කරන අතර එයින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ලැබේ. (බ)
රුපියල් කෝටි 63,244 ක් කියන්නේ අපේ අයටනම් "කජු ඇට කොස් ඇට" වගේ. (බ)
ඒ රටේ රජතුමා ලෝකෙටම තෙල් විකුණලා හම්බ කළා කියමුකෝ.අපේ රජු මොනවා විකුණලද කෝටි ප්‍රකෝටි ගානක් හරි හම්බ කළේ? (බ)
ඇමෙරිකාවේ හොඳම රූකඩයක්. කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් එහි තිබුණේ නෑ නමුත් අමෙරිකාව ඔහුට ගරු කරනවා ඊට හේතුව තෙල්. කිසි විටෙක කාන්තාවන්ට ගරු කළේ නැහැ. බලන්න මෙයා ගැහැණු 11ක් කසාද බැඳලා ලොව පුරා සිටින මුස්ලිම්වරු තවමත් මොහුට ලජ්ජා නැතිව ගරු කරනවනේ (බ)
කවර හෝ මනුස්සයෙක් මිය ගියාට පසු හෝ ජීවත්ව සිටියදී හෝ අපහාස කිරිම ඉතාම අවිනීතයි. නමුත් ඔහු ගැන විවේචනයක් කිරීමට ඔහුගේ මරණය බාදාවක් වියයුතු නැහැ. මැද පෙරදිග කලාපයේ ඊශ්‍රයලය හැරුන විට ඇමෙරිකාවේ විශ්වාසවන්තම සගයා සෞදියයි. ලිබියාවේ සහ සිරියාවෙත් රජයට විරුද්ධ කැරලි කරුවන්ට මුදල් සහ ආයුද සැපයුම් කලේ සෞදි රජයයි. අද වන විට එම ආයුද ඉසිස් කැරලි කරුවන් පාවිච්චි කරනවා. (නදී)
සෞදියේ මිනිසුන්ගේ සුබ සාධනය වෙනුවෙන් ගොඩක් දේවල් කරලා තියනවා මෙතුමා, ස්වර්ගයම අත්වේවා කියා ප්‍රර්ථනා කරන්නෙමි (දිල්)
අපේ රටේ දේසපාලනය කරන පොඩි කොල්ලත් පටන් ගන්නේ ලක්ස 66,500 යකින්.ලංකාවේ ව්‍යාපෘති කරන චීන සමාගමක සභාපති කෙනෙක් මලයාසියාවේ සම්මන්ත්‍රණයකට ගිය වෙලාවේදී කියල තිබුනේ ලෝකයේ වැඩිම කොමිස් ගන්න රට ලංකාවයි කියල.ඒ රුපියල් ලක්ස 66,500 ක් කියල.(දිල්)
අපේ රටේ බිහි වුණ රජවරු සෞදි රටේ බිහි වුණානම් මේ වෙනකොට මොනවා වෙලා තියේවිද (දිල්)
නිවන් සුව ලැබේවා (දිල්)
දොන් ජුවන් බන්දුල, වීකාර කියවන්න එපා. (නදී)
එතුමන් අදහන ආගම අනුව ඒ ආත්මයට සැනසීම ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. කවුරු මොනවා කිව්වත් ඒ රටේ රැකියා කරන ශ්‍රි ලාංකිකයන් නිසා යහපත් ජීවන මට්ටමක් ඇතිකරගත් පවුල් අපේ රටේ ගොඩක් තියනවා සෞදියේ මිනිසුන්ගේ සුබ සාධනය වෙනුවෙන් ගොඩක් දේවල් කරලා තියනවා මෙතුමා, ස්වර්ගයම අත්වේවා කියා ප්‍රර්ථනා කරන්නෙමි ඔබ කළ සේවය වටිනවා (දිල්)
රිසානා මරන්න අණ දීපු ඔබ අපායට උරුමයි. (නදී)
ඔහුගේ නියම වත්කම් කොටි 234000 යි (නදී)
"රජ වරු" කියද්දීම මට පුදුම කේන්තියක් එන්නේ. ඉස්සර අපි අපේ දරුවන්ට දෙන පාසල් පෙල පොත් ටිකට පිට කවර දා ගන්න බැරිව ෆියිල් කවර වලට ක්ලිප් කරලයි පිට කවර දාල දුන්නේ. ඒ තරමට කසි කබල්,පිටු හැලුන පෙළ පොත් දුන්නේ. අපේ දරුවන්ට කසී කබල් පෙළ පොත් දෙන ගමන් තමන්ගේ දරුවන්ට ලම්බෝගිනි,ෆෙරෙර්රි,පොර්චේ කර 7-8 ගුවනින් ගෙනත් දෙනවා. අසරණ දරුවන්ගේ දෙමාපියන්ගේ සාපයම තමයි වැදුනේ. (නදී)
අබ්දුල් රසීක්, ඒ කාලේ අරාබියේ මිනි පෙට්ටි හදන්න ලී තිබුනේ නෑ. ඒ නිසා රට ඉඳි ගහේ නටු වලින් එ්ක හැදුවා. එම්බාම් කරන්න විදිහක් නැහැ ඒ නිසා රෙද්දකින් ඔතල මිනිය කුණු වෙන්න ඉස්සෙල්ලා පැය 24 න් වල දැම්මා. නැතුව වෙන හේතුවක් නොවේ. (නදී)
මේ පෙරේරා මහත්තයෝ ඔයා නිකන් මිනිස්සුන්ට සාප දෙන්න එපා. හිටපු ජනාදිපති වෙනුවෙන් සව්දි රජය කොච්චරක් නම් උත්සහ කරාද රිසානව බේරා ගන්න. රජුට උනත් නීතිය අතට ගන්න බෑ. (නදී)
පින්වත් මහණෙනි, නියත මිත්‍යා දෘශ්ඨියට මා විසින් පණවන්නේ උපත් දෙකයි. එකක් තිරිසන් අපාය, අනෙක නිරය. ~බුදුරජාණන් වහන්සේ
තිලක් -ඩුබායි යන්නේ කොහෙද මල්ලේ පොල් වගෙයි. (නදී)
චම්පිකයි/ අනුරයි/රාජිතයි එකතුවෙලා ඔහුවත් හිරේට යවයිද දන්නේ නැහැ ? (නදී)
එහෙනම් දැන් අපායෙ ඉපදිලා ඇති (නදී)
තිලක් ඔයා මොන රටේද? කොයි කාලේ ඉදලද ළමයින්ට පොත් දෙන්නේ. (නදී)
දැන්වත් අර හිර කරන් ඉන්න අහිංසක දුවල හතර දෙනාව නිදහස් කරලා එයාලගේ අම්මා ලඟට යවයිද. මහා කුරිරු මිනිසෙක්. (නදී)
අනුකම්පාව, ආදරය කරුණාව මනුස්සකම තිබුන රජෙක් නම් අර ඉතා අහිංසක රිසානා දැරියගේ පන ටික බේරා ගන්න පිහිට උනේ නැත්තේ ඇයි. (නදී)
ගණන් යාවිද? 120 ට දෙන්න බැරි වේවිද? (නදී)