සෞදි අරාබියේ  මෙතෙක්  රජයේ  සති අන්ත නිවාඩු  දින දෙක  ලෙස සැලකු  බ්‍රහස්පතින්දා හා සිකුරාදා    වෙනුවට  සිකුරාදා හා සෙනසුරාදා  රජයේ නිවාඩු දිනයන් ලෙස  ප්‍රකාශයට පත් කැර ඇතැයි  සෞදි මාධ්‍ය වාර්තා කරයි.

 සෞදි අරාබියා  රාජකීය නිවේදනයකට අනුව  ජුනි මස 29 වැනි දින සිට  බලපවත්වන පරිදි  සෞදි අරාබියේ  සියළුම  රාජ්‍ය අමාත්‍යංශ  , රජයේ ආයතන  ඇතුළු රජයේ අධිකාරිය  යටතේ පවතින ආයතන සිකුරාදා  හා සෙනසුරාදා  යන දිනයන්හිදි  සති අන්ත නිවාඩු  දිනය ලෙස  ප්‍රකාශයට පත් කිරීමට  තීරණය කැර ඇත.

 දැනටමත් ඕමානය සිකුරාදා සෙනසුරාදා  නිවාඩු දිනයන් ලෙස  නීතී ගත කැර ඇත.

 කෙසේ වුවද  මෙතෙක් පෞද්ගලික  ආයතන විසින් සතියේ නිවාඩු  දින වශයෙන්  සිකුරාදා දිනය පමණක් යොදා ගත් බැවින්  පෞද්ගලික  ආයතනවල කැමැත්ත මත එක් දිනක් පමණක්  හෝ දින  දෙකම නිවාඩු දිනයන් ලෙස  ලබා දීම  කළ හැකි  බවද මාධ්‍ය සදහන්  කරයි.