සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය ජංගම සේවාව මෙවරත් සුපුරුදු පරිදි අල් කොබාර් වෙරළාසන්න පෙදෙසේ ගල්ෆ් ටෙරස් ප්ලාසා හෝටල් පරිශ්‍රයේදී මාර්තු හය වැනි සිකුරාදා උදැසන 8 සිට පස්වරු 2.30 දක්වා පවත්වන බව රියාද් තානාපති කාර්යාලය කියයි.
රියාද් තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන් මසක් පාසා ක්‍රියාත්මක කරන මෙම තානාපති ජංගම සේවාවෙන් ගමන් බලපත්,ලිපි ලේඛන සහතික කිරීම්,උප්පැන්න ලියාපදිංචි කිරීම් ඇතුළු අනෙකුත් කටයුතු මෙන්ම කම්කරු ගැටළු සොයා බැලීම සදහා නිලධාරින් කණ්ඩායමක් පැමිණීමට නියමිතය.
වේලාසනින් පැමිණ ටෝකන් පතක් ලබා ගැනීමෙන් නිලධාරින්හට සහාය වන්නැයි සංවිධායකයෝ ඉල්ලා සිටිති.
පෝරම පිරවීම ඇතුළු අනිකුත් කටයුතු වලට සහාය වීම සදහා ස්වෙච්ඡා සේවකයෝද වෙති.වැඩි විස්තර සදහා අමතන්න
සුමිත් රෝහිත 0500998349
පතිරාජ 0545214452
දයා කහදවල 0507861163


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd