IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සුදු නංගිගෙන් උපහාර පිරිනැමීමක්

20160325-ent-97

අපි අපේ ජීවිත කාලෙදී විවිධ ප‍්‍රණාම උත්සව දැකලා තියෙනවා. විවිධ ප‍්‍රණාම උත්සව ගැන අහලා තියෙනවා. ඒත් තමන්ගෙ විවාහ උත්සවය වෙනුවෙන් උදව් උපකාර කරපු, කැපවීම් කරපු අය වෙනුවෙන් උපහාර පිරිනැමීමක් ගැන මීට කලින් අහලා තියෙනවද....? අන්න ඒ විදිහෙ දරුවකුට උපහාර ප‍්‍රණාම පිළිගැන්වීමක් ගැන පසුගිය දවසක ආරංචි වුණා. ඒ අමුතු වැඩේ කරලා තියෙන්නේ අයෝමි ශානිකායි. (සුදු නංගි) ඇගේ සැමියා චින්තක දොළපිහිල්ලයි දෙන්නා එකතු වෙලයි.

"මගෙයි චින්තකගෙයි විවාහය සිද්ධ වුණේ 2013 අවුරුද්දෙ. අපි දෙන්නම කාර්ය බහුල ජීවිත ගත කරද්දියි ඒ වෙනුවෙන් අපිට සූදානම් වෙන්න තිබුණේ. ඒ වෙලාවෙ දී අපට කැපවීමෙන්ම උදව් කරපු පිරිසක් හිටියා. ඒ අයට දක්වන ප‍්‍රණාමයක් විදිහට තමයි මේ ප‍්‍රණාම තිළිණ ප‍්‍රදානය කිරීම සිද්ධ වුණේ. තෝරා බේරා ගැනීමක් කරන්නෙ නැතිව, අපිට උදව් කරපු හැමෝටම එය පිළිගැන්නුවා. යාළු මනාලයට හිටපු අය, යාළු මනාලියන්ට හිටපු අය, අපිව හැඩ ගැන්වීම් කරපු අය, ඡායාරූප ශිල්පියො, ආදී වශයෙන් පෝරුව ගහන්න සහාය වුණ කෙනා දක්වා හැමෝම ඊට ඇතුළත් වුණා."

"අපි දෙන්නා හිතුවේ අපේ විවාහ ජීවිතේ සුවිශේෂී දවසක ඒ වගේ දෙයක් කරන්න. ඉතින් ඒ දිනය උදාවුණේ අපේ පුතාගෙ පළවෙනි උපන් දිනේ දවසෙ."

 

ගාමිණී වාසලසූරිය
 

sandalla

 

 

 



අදහස් (0)

සුදු නංගිගෙන් උපහාර පිරිනැමීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site