සෞදි අරාබියේ ගෘහ සේවයේ යෙදෙන ඇතැම් ලාංකික කතුන් මෙරටට පැමිණ ඉතා සුළු කාලයකදී පලා ගොස් නීති විරෝදීව වෙනත් ස්ථානවල සැඟවී රැකියා කිරීම පිළිබඳව කනස්සල්ල ප්‍රකාශ කරන බවත් කාන්තාවන් මෙසේ පලායාම වැලැක්වීමට පියවර ගන්නා ලෙසත් පසුගිය දා රියාද් නුවරදී ශ්‍රී ලංකා තානාපති හමුවූ සෞදි අරාබි කම්කරු අමාත්‍ය මුෆ්රේජ් අල් හැක්බානි මහතා ප්‍රකාශ කල බව “ඇරැබ් නිවුස්”පුවත් පත කියයි. අමාත්‍ය වරයා සදහන් කරනුයේ කාන්තාවක් මෙසේ පලායාමෙන් සෞදි රියාල් 25,000 (රුපියල් 897716) ක් පමණ අලාභයක් අදා හාම්පුතා හට දැරීමට සිදුවන බවයි.
අමාත්‍යවරයා සඳහන් කරනුයේ ලක්ෂ 4 පමණවන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් අතුරින් පලා යන්නේ ඉතා කුඩා ප්‍රමාණයක් වුවද එම තත්ත්වය අවම කිරීමට කටයුතු කළ යුතු බවයි. තවද ශ්‍රී ලංකා කාන්තාවන්ගෙන් යම් ප්‍රතිශතයක් මෙහි පැමිනෙන විට ගැබ් ගෙන ඇති බවටද වාර්තාවන අතර එයට හෙතුව ලෙස ව්‍යාජ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීම බව බවද පැවසේ. ගෘහ සේවිකාවන් සදහා අය කරන බඳවා ගැනීමේ ගාස්තුද අවම කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකා තානාපති හුසේන් මොහොමඩ් හුසේන් මහතා සඳහන් කළේ දැනටමත් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත සංගමය අඩු කිරීම මගින් බඳවා ගැනීමේ ගාස්තු රියාල් 12,000 (රුපියල් 430900) දක්වා අඩු කිරීමට එකඟතාවය පළකර ඇති අතර රාමදාන් මාසයෙන් පසු කොළඹදී හමු වන ද්විපාක්ෂික සාකච්ඡා වලින් අනතුරුව ඒ පිලිබදව තීරණයක් ගැනීමට නියමිත බවයි. ගැබිනි කාන්තාවන් මෙහි පැමිණීම පිළිබඳ අදහස් දැක්වූ මොහොමඩ් හුසේන් මහතා සඳහන් කරනුයේ වෛද්‍ය සහතිකය ලබා ගැනීමෙන් අනතුරුව මාස හයක පමණ කාලයක් මෙහි පැමිණෙන තුරු ශ්‍රී ලංකාවේ රැදී සිටීමේ හේතුමත එසේ සිදුවිය හැකි වුවත් එම තත්වය පාලනය කිරීමට වැඩපිළිවෙළක් යොදන බවට පොරොන්දු වන බවද පැවසිය.විශේෂයෙන්ම කාන්තාවන් පලායාම වැළැක්වීම සදහා ශ්‍රී ලංකා රජය මගින් තීව්‍ර අවධාරණයක් සහිත වැඩසටහන් මගින් සෞදි අරාබියට පැමිණෙන කාන්තාවන් දැනුම්වත් කිරීමට වැඩපිළිවෙළක් යොදා ඇති බවත් එමගින් සෞදි අරාබියට පැමිණීමට නියමිත ගෘහසේවිකාවන් ගේ මානසික තත්වය සෞදි වාතාවරණයට අනුව හැඩගැස්වීමද මෙමගින් බලාපොරොත්තු වේ..
මේ අතර ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය සමග ඇති කම්කරු ගිවිසුම් ප්‍රකාරව සැම සය මසකටම වරක් කම්කරු ගිවිසුම සමාලෝචනය කිරීමටද එකඟවූ අතර ඊළඟ සැසි වාරය ජුලි මසදී කොළඹදී පවත් වීමට නියමිත බවද සදහන් කරයි.
ගිවිසුම්ගත සම්මුතීන්ට අනුව සේවා යෝජකයාගේ සහ සේවා දායකයාගේ ආරක්ෂාව තහවුරු වන අතරම සේවකයාට තම විදේශ ගමන් බලපත්‍රය සන්තකයේ තබාගැනීමේ අයිතිය,වැටුප තමන්ගේ බැංකු ගිණුමකට තැන්පත්කර ගැනීම අයිතියද තහවුරු වේ,තවද මෙම ගිවිසුම් ගත කරුණු අනුව ගෘහ සේවක සේවිකාවන්ට වඩාත් ආරක්ෂාකාරී,ශිෂ්ට සම්ම්පන්නව,ගැටලුවකින් තොර වාතාවරණයක රැකියාව කිරීමට අවස්තාව උදාවෙන බවද මොහොමඩ් මහත පවසයි.
මෙම කම්කරු ගිවිසුම මගින් ගෘහස්ත රැකියාවල යෙදෙනන් කාණ්ඩ 12වෙන්කර ඇති අතර තනි පුද්ගලයින් විසින් සේවයේ යොදවන ගෘහ සේවිකාවන්ඇතුළු රියදුරන්,පිරිසිදු කරන්නන්,සහ වේටර් වරුන් ආවරනය වන අතර සේවකයාට අදාළ සේවා ගිවිසුම එම පුත්ගලයාට කියවා තේරුම් ගතහැකි භාෂාවකින් සකස්කළ යුතු බවද සදහන් කරයි.
මෙම සාකච්චාව සදහා සෞදි අරාබියේ ජාත්‍යන්තර කටයුතු පිලිබඳ උපලේකම් අහමඩ් අල් ෆෙහයිඩ් මහතාද සහභාගිවූ බව පුවත්පත සදහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාවන් මැදපෙරදිග ගෘහ සේවාවට යැවීම නවත්වන්න. (නි)
ශ්‍රී ලාංකික කාන්තාවගේ පවුලේ අඟ හිඟ කම් නැති වෙච්චි ස්වාමියාගෙන් යැපෙන්න පුළුවන්..තම දරු පැටවුන් සමග ස්වාමියාගේ සෙනේ හසේ කරුණාව දයාව ඉතුරුණු, දරුවන්ට මවකගේ සෙනේ හස පහස විදගෙන ඇති දැඩි වෙන්න, හැකි වාතාවරණයක් මේ මිහිතලයේ කවදද ශ්‍රී ලාංකික කාන්තාවකට ඇතිකර දෙන්න හැකි නායකයෙකුට පුළුවන් වෙන්නේ..? ඒක ඒ විදියටම සිදුවෙනවානම් කොපමණ අපි වාසනා වන්තද? ඇයි මේ රටේ නායකයින්ට කාන්තාවන් විදෙස් රටවලට නොයවා, මේ ගස් මුල් ගානට පිහිරිහිලා යන පවුල් සංස්ථාවේ පිරිමින්ව විදෙස් රැකියාවලට යැවීමේ වැඩ පිලිවෙලක් නොසොයන්නේ ..? කිසියම් හෝ රටක පාරවල් අතුගාන රැකියාවකට හෝ මේ පිරිමින් යවලා කාන්තාවට තම දරු පැටව් ටික සමග තම නිවසේ රැදෙන්න හැකි වැඩ පිළිවෙලක් සකසන්න නිලධාරිනි වහා ඔබ අවධානය යොමුවේවා..!!!! (හේ)
සේරම හොඳයි එත් හරක් ගෙන් වගේ වැඩ ගන්නවා නිවාඩුවක් දෙන්නේ නෑ වැඩ කෙරීමට නියමිත කාලයක් න පය 24 ම වැඩ ගන්න බලන්නේ (අ)
කොහොමත් අරාබියට ගෘහ සේවිකාවන් ලෙස යෙවිම අඩු කළ යුතුයි (ම)
තමන් බලාපොරොත්තු වූ මුදල නොලැබෙන නිසා වෙනත් රැකායාවක් සොයා යන්න සිද්ධ වෙනවා.ලංකාවේ කතුන් ගොඩක් දුක් විදිනවා.ඒ ගැන සොයා බලා පියවරක් ගන්න.(හේ)
අඩු වැටුපකට සේවයට ගිහින් ඒ සේවා ස්ථානයෙන් නිසි සැලකිලි නොලැබෙන නිසාවෙන් තමයි බොහෝ කතුන් එම ස්ථානවලින් පැන යන්නේ.(හේ)
අපි ජාතියක් විදියට ලැජ්ජා වියයුතුයි ලක්ෂ 4 පමණ වන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් මේ වගේ රටවල් දුක්විඳින එක ගැන. අඩුමගානේ මහා මැතිවරණයක් තිබෙන මේ මොහොතේ අපි පාලකයන්ට බල කරන්න ඕනෑ මේ ප්‍රමාණය අඩුකරන්න ක්‍රියාමාර්ග සකස් කරන්න කියලා. අපිට ඇස් දෙකට පෙනෙනවා මේ රටවලට ඇවිල්ලා අපේ කාන්තාවන් විඳින දුක්. (නි)
රූපවතීගේ කටට මසුරන් දාන්න ඕනෑ.ඔබතුමිය හරියටම හරි. (නි)
රූපවතී, ඔයාගේ කතාව නම් සහතික ඇත්ත (නි)
අපිට බැරිද කාන්තාවන් මේ රටවලට යන එක නවත්වන්න? (නි)
මේ රටට අපේ මිනිස්සු යවන එක නතර කරන්න ඕනෑ. (නි)