සෞදි අරාබියේ අසිර් ප්‍රදේශයේ ගෘහ සේවිකාවන් ලෙස පැමිණ ශ්‍රී ලාංකික කතුන් දෙදෙනකු රිය අනතුරකින් සහ පිළිස්සීමෙන් මිය ගොස් ඇතැයි කමිස මුසායිඩ් ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙසේ මියගිය දෙදෙනාගෙන් එක් කාන්තාවක තිකුණාමල උප්පුවේලියේ පදිංචිව සිට මීට මාස හයකට කළින් සෞදි අරාබියේ අසීර් ප්‍රදේශයේ කමිස මුසායිඩ් හි නිවසක රැකියාව කරන ලද පස් දරු මවක් වන නසුරා යනුවෙන් හඳුනාගෙන ඇත.
එම නිවසේ හාම්පුතාගේ බිරිය විටින් විට පහරදීම් සහ හිරිහැර කරමින් මෙහෙකාරකමෙහි යොදවා ඇත.ඇය මීට දින කිහිපයකට පෙර මෙම කාන්තාවට පැට්‍රල් හෝ වෙන කිසියම් දෙයක් ශරීරයට වත් කර කාමරයක දමා ගිනි තබා ඇති බව මිය යාමට මොහොතකට කලින් අසිර් රෝහල් සේවිකාවන්ට පවසා ඇතැයි වාර්තාවේ.
එහි සිටින ශ්‍රී ලාංකික සමාජ සේවකයකු වන නිමල් එඩේරමුල්ල මහතා පැවසුයේ නසුරා නැමැති මෙම කාන්තාව ශරීරය සම්පුර්ණයෙන්ම පුළුස්සා කිසිවකු විසින් අසීර් රෝහල් පරිශ්‍රය ආසන්නයට ගෙනවිත් දමා පලාගොස් ඇති බවත් පිටතට පැමිණ ඇති රෝහල් නිලධාරියකුට කෙදිරිලි හඬ ඇසී විපරම් කිරීමෙන් අනතුරුව හදිසි අනතුරු වාට්ටුවට ඇතුළු කළ බවයි.
රෝහලේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවන් කිහිපදෙනකු සුවදුක් බැලීමට පැමිණි අවස්ථාවේදී පිළිස්සු ආකාරයත් කරන ලද හිරිහැරත් පිළිබඳ තොරතුරු අනාවරණය කැරගෙන ඇත.
කෙසේ වුවද මෙම කාන්තාව ඊයේ උදෑසන හයට පමණ මිය ගොස් ඇති බවද ඇගේ මෘත දේහය අසීර් රේහලේ තැනපත් කර ඇති බවද පවසයි.මෙම කාන්තාව අනතුරු සහිතව සිටින විටදී කිසියම් අයකු විසින් අරාබි භාෂාවෙන් ලියන ලද ලිබියකට ඇඟිලි සලකුණු ලබාගෙන ඇතැයිද දැනගන්නට ඇත.
මේ අතර අබා ප්‍රදේශයේ සිට කිලෝමීටර් අසූවක් පමණ දුරකින් පිහිටි දරබ් කඳුකර ප්‍රදේශයකදී තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් තම රැකියාව කරන ලද නිවසින් පලා යමින් සිටියදී රිය අනතුරට ලක් වී මිය ගොස් ඇති බවද ජෙඩා කොන්සියුලර් කාර්යාලයට වාර්තා වී ඇත.
මෙම කාන්තාවගේ අනන්‍යතාව පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නැති මුත් ශ්‍රී ලාංකික කාන්තාවක් බවට තහවුරු වී ඇති බව ජෙඩා කොන්සියුලර් ආරංචි සඳහන් කරයි .මෙම කාන්තාවගේ මෘත දේහය ජිසාන් රෝහලේ තැන්පත් කැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනිසුන්ගේ රැකියා ප්‍රශ්නයට නිසි විසඳුම් දුන්නා නම් මෙහෙම දේවල් වෙන්නේ නැහැ (නි)
මේවට කෑගහපු රන්ජන් කොහෙද? (ස)
හයක් හතරක් නොදැන මේ මිනිස්සුන්ව ඇයි මෙවැනි කාලකන්නි රටවල් වලට පිටත් කරන්නේ. (ස)
මෙහෙම තිරිසන් වැඩ කරන්න මිනිසුන්ට හැකිවුණේ කෙසේද? (නි)
මේ රටට අපේ මවු වරුන් සහෝදරියන් යවන එක නවත්තන්නේ කවදද? (හේ)
මේ ලෝකේ දෙවියන් ඉන්නේ කොහිද? (දිල්)
සෞදියට අපේ රටෙන් කාන්තාවන් යැවීම නතරකරන්න පුලුවන් නම් හොඳයි (නි)
ඔටුවෝ කිසිම හිතක් පපුවක් තියන අය නෙමෙයි. ඒ වුනාට දවසට පස් වතාවක් ආගම අදහනවා. (ස)
මේවට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද? කීදහසක් ලංකික කාන්තාවන් මැරුණද? දැන්වත් නිසි පියවරක් ගන්න. (ස)
රන්ජන් මහත්තයෝ මේ වගේ ඒවාට උත්තර හොයන්න එතකොට නිකම්ම වීරයෙක් වී..(ම)
කෝ තලතා? බලමු මොකද කියන්නේ කියල. කතාව විතරයි.....(ස)
අසරණ කාන්තාවන් පව්! (නි)
කාන්තාරයෙන් නිල් සිසිල් ජලය පැතීම නිශ්ඵල වේ. (ස)
ලංකාවේ හිඟා කෑවත් පිට රට යවන්න එපා.(හේ)
මම නම් කියන්නේ රට යන්න එපා කියලයි (නි)
ගම්වල දුක් විඳපු අහිංසක කාන්තාවන් මැද පෙරදිග රටවලට ගිහිල්ල හම්බකරන විදේශ විනිමයෙන් තමයි අපේ රටේ ධන කුවේරයෝ පිටරට සැප යානවාහන හා සුඛෝපභෝගි භාණ්ඩ ගෙන්නලා සැප විදින්නේ. මේ අහිංසක ශ්‍රමිකයින්ගේ සුබ සාධනය වෙනුවෙන් මිට වඩා සැලකිලිමත් වෙන්න ඕන. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින්ගේ තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසන්න ගන්න වැටුපට මේ අහිංසකයන්ට සේවය කරනවද කියල. (බ)
රන්ජන් දැන් රට ඉන්න මිනිස්සු ගැන හොයන්න වෙලාවක් නැහැ මොකද හිටපු ජනාධිපතිතුමාගේ කොමෝඩ් වලින් රත්තරන් වලින් ගියපු මලපහ හොයනවා ..(බ)
මැදපෙරදිග යන එක තහනම් කළොත් ඊළඟට කෑගහයි අපේ මානුෂීය අයිතීන් නැතිකළා කියලා. ඇයි කාන්තාවන් මෙහෙම යන්නේ කියලයි මම අහන්නේ (නි)
ජයන්ත; ඔබ හරි , ඇයි අපේ රටේ මේවට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ? ලංකාවේ හිඟා කෑවත් පිටරට යවන්න එපා...ඒවායේ ඉන්නේ සත්තු වගේ මිනිස්සු ...ගම්වල දුක් විඳපු අහිංසක කාන්තාවන් මැද පෙරදිග රටවලට ගිහිල්ල හම්බකරන විදේශ විනිමයෙන් තමයි අපේ රටේ ධන කුවේරයෝ පිටරට සැප යානවාහන හා සුඛෝපභෝගි භාණ්ඩ ගෙන්නලා සැප විදින්නේ. මේ අහිංසක ශ්‍රමිකයින්ගේ සුබ සාධනය වෙනුවෙන් මිට වඩා සැලකිලිමත් වෙන්න ඕන. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින්ගේ තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසන්න ගන්න වැටුපට මේ අහිංසකයන්ට සේවය කරනවද කියල (බ)
සවුදි කියන්නේ මහා ජරා රටක්. මාධ්‍ය වලින් මෙතරම් සිදුවීම් කියද්දී ඇයි සවුදියට යන්නේ? යන මිනිස්සුන්ගෙත් වැරැද්ද. (ස)
මැද පෙරදිග රටවලට යවන එක සම්පුර්ණයෙන්ම තහනම් කළ යුතුයි. දුප්පත්කමට කිීයක් හරි හොයාගන්න ගිහින් අන්තිමට ඡීවිතෙන් වන්දි ගෙවන්න වෙන්නේ . (දිල්)
කාන්තාවන් ගෘහ සේවයට යවන්න එපා දැන්වත් මේ ගැන හොයලා බලන්න (දිල්)
කාන්තාවන් අරාබි රටවලට යවන්න එපා.(හේ)
උන් එහෙම කරත් අපිට හෙන ගෙඩි ඉල්ලන්න තරම්වත් හිතක් නෑ.. එකයි අපේ තියෙන මනුස්ස කම.. ගොතික ගති පාන ඔය ජාතියට අපි අනුකම්පා කල යුතුයි.. එත් ගැහැණු රට යවන එකනම් නැවතිය යුතුයි... (ස)
මේ වගේ ඛේදවාචක යළි සිදු නොවෙන්න වග බලා ගන්න.(හේ)
මේ දේවල් නම් සහ ගහන අපරාධ.(හේ)
අපේ රටට වැඩිපුරම විදේශ විනිමය හොයල දෙන මේ අහිංසක ජිවිත රැක ගැනීමට බැරි වීම ගැන අපිට කවදාවත් සමාවක් නැහැ ..(හේ)
යහ පාලනය යටතේ වත් බැරිද අඩුම තරමින් කාන්තාවන් සෞදියට යවන එක නවතන්න ? (හේ)