ගලේවෙල බුලනවැව බොරළු කන්දේ එච් .එම් .ජයතිලක 47 මහතා සිය බිරිය ඩී.එම් .රන්මැණිකේ සෞදි අරාබියේ ගෘහ සේවයට යැවුවේ ඇත්තේ ආබාධිත දියණිය සහ පාසල් යන පුතා ජිවත් කරවීමට මෙන්ම ප්‍රතිකාර සදහා මුදල් නොමැති කම නිසාය .
2009 වසරේ රට ගිය ඇය තවමත් ලංකාවට පැමිණ හෝ මුදල් නැතැයි ඔහු කියයි.ඇය දැන් ගෙදරට කතා නොකරන බව කී බවද ඔහු පවසයි.
එදා සිටම දියණිය චාපා ජයතිලක (21) ත් පුතා දිනේෂ් ජයතිලක (14) හදා ගැනීම පැවරිණි .කුලී වැඩ කරන ජයතිලක දියණියගේ සියලු වැඩ කරනුයේ මවක මෙන්ය .14 හැවිරිදි දිනේෂ් පාන්දර අවදි වී ආහාර පිස අක්කාටද කන්න දී පාසල් යයි .දිනේෂ් ට කුස්සියේ සියලු වැඩ කරන්නට හැකියාව ඇත .
ජයතිලක මහතා සිය දරුවන් දෙදෙනා වෙනුවෙන් මහත් වූ වෙහෙසක් දරයි .දියණිය නැවීම රෙදි සේදීම කොණ්ඩය පීරා පිරිසිදු කිරීම ආදී වැඩ කරද්දී ඔහුට කුලියක් කරන්නටද වෙලාවක් නොමැති තරම්ය .
දරුවන් දෙදෙනාම සිය මවගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට කිසිවක් අවශ්‍ය නැති බවයි. අම්මා පමණක් අවශ්‍ය බවයි .දිනේෂ් උදේ සවස බුදුන් වැඳ අම්මා ගෙදර එන්නයි ප්‍රර්ථනා කරයි .
මේ අසරණ පවුලට කිසිදු ආදායමක් නැත .ඔවුන්ට ජිවත් වීම සදහා කගේ හෝ උපකාරයක් අවශ්‍ය වී ඇත . 0779 56 91 11 අංකයෙන් ජයතිලක මහතා ඇමතිය හැක .ගලේවෙල ලංකා බැංකුවේ ගිණුම් අංක 5774369 ට ආධාරයක් කළ හැකිය .
Swift code – BCEYLKLX , Branch Code -432
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දරුවන්ගේ නාමයෙන් රජයේ බලධාරීන්මැදහත් වෙලා මේ මව හොයල නුදුන්නොත් මෙදරුවන්ගේ අනාගතයට කුමක් වේද ? මෙය සෞදි අර්බිගිය පළවෙනි අම්මට වෙච්ච කරදරය නොවෙයි අපේ රජය තවමත් ඇස කන් වහගෙන ඉන්නේ (අ)
අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ.... (නි)
එක එක මිනිසුන් විවිධාකාරයි (නි)
රට ආපු සමහර ගැහැණු අය නැවත ලංකාවට එන්නේ නැහැ. (නදී)
පවුල් ප්‍රශ්න වලට තම දරුවන් නිල්වලා ගඟට විසිකරනා පියවරුන් සිටිනා යුගයක ඔබ වැනි පියවරුන් රන් දෙවොලක් මත තබා වන්දනාමාන කළ යුතුය (නි)
අනේ මෙහෙමත් අම්මලා! (නි)
පව් අසරණයෝ (අ)
පිටරටදී කිසියම් කරදරයක් සිදුවුණාද දන්නේ නැහැ. මේ උදවිය ඒ ගැන හොයලා බලා නැද්ද? (නි)
මේ කාන්තාවට කුමක් හෝ අනතුරක් සිදුවී ඇතුවා වෙන්නටත් පුළුවන් (නි)
අම්මාගෙත් ඡායාරූපයක් දැම්මා නම් අපේ මැදපෙරදිග හිතවතුන් හොයලා බලයි මොකද වෙලා තියෙන්නේ කියලා (නි)
ඔබ වැනි පියවරුන් මතු බුදු වේවා. (නදී)
සෞදි තානාපති තුමාට කරනවානම් මෙන්න සේවයක්. බොහෝ විට අසරණ අම්මට ලිපියක් යවන්නවත් දෙන්නේ නැතිව ඇති එයාගේ හාම් පුතාල (අ)
හිතක් පපුවක් තියෙන මනුස්සයෙක් අනිවාර්රයෙන්ම මුදලින් ආධාරයක් කරාවි නමුත් අදාල බලදාරීන්ට පුළුවන් නම් මේ කියන අම්මගේ ඇත්ත තත්වය හොයල බලලා මේ පවුලේ අයට දන්වන්න. (අ)
ඔබ රත්‍රන් පියෙක් ඔබ හමුවීමට බලපොරෝතුවෙමි (නදී)
මෙය ඇත්තක්ද.....(අ).
එතකොට මේ අය රටවිරුවන් නොවේද? (නි)
බුදු පියෙක්.... (නි)
පිය සෙනෙහසට කවු ගී ලියවුනා මදි. (නදී)