IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


සෞදි ගිය අම්මාගේ හිත උණු නොවේ

ගලේවෙල බුලනවැව බොරළු කන්දේ එච් .එම් .ජයතිලක 47 මහතා සිය බිරිය ඩී.එම් .රන්මැණිකේ සෞදි අරාබියේ ගෘහ සේවයට යැවුවේ ඇත්තේ ආබාධිත දියණිය සහ පාසල් යන පුතා ජිවත් කරවීමට මෙන්ම ප්‍රතිකාර සදහා මුදල් නොමැති කම නිසාය .

2009 වසරේ රට ගිය ඇය තවමත් ලංකාවට පැමිණ හෝ මුදල් නැතැයි ඔහු කියයි.ඇය දැන් ගෙදරට කතා නොකරන බව කී බවද ඔහු පවසයි.

එදා සිටම දියණිය චාපා ජයතිලක (21) ත් පුතා දිනේෂ් ජයතිලක (14) හදා ගැනීම පැවරිණි .කුලී වැඩ කරන ජයතිලක දියණියගේ සියලු වැඩ කරනුයේ මවක මෙන්ය .14 හැවිරිදි දිනේෂ් පාන්දර  අවදි වී ආහාර පිස අක්කාටද කන්න දී පාසල් යයි .දිනේෂ් ට කුස්සියේ සියලු වැඩ කරන්නට හැකියාව ඇත .

ජයතිලක මහතා සිය දරුවන් දෙදෙනා වෙනුවෙන් මහත් වූ වෙහෙසක් දරයි .දියණිය නැවීම රෙදි සේදීම කොණ්ඩය පීරා පිරිසිදු කිරීම ආදී වැඩ කරද්දී ඔහුට කුලියක් කරන්නටද වෙලාවක් නොමැති තරම්ය .

දරුවන් දෙදෙනාම සිය මවගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට කිසිවක් අවශ්‍ය නැති බවයි. අම්මා පමණක් අවශ්‍ය බවයි .දිනේෂ් උදේ සවස බුදුන් වැඳ අම්මා ගෙදර එන්නයි ප්‍රර්ථනා කරයි .

මේ අසරණ පවුලට කිසිදු ආදායමක් නැත .ඔවුන්ට ජිවත් වීම සදහා කගේ හෝ උපකාරයක් අවශ්‍ය වී ඇත . 0779 56 91 11 අංකයෙන් ජයතිලක මහතා ඇමතිය හැක .ගලේවෙල ලංකා බැංකුවේ ගිණුම් අංක 5774369 ට ආධාරයක් කළ හැකිය .

Swift code – BCEYLKLX , Branch Code -432 

 



අදහස් (0)

සෞදි ගිය අම්මාගේ හිත උණු නොවේ

සුගත් එරන්ද Friday, 18 July 2014 07:27 AM

මේ දරුවන්ගේ නාමයෙන් රජයේ බලධාරීන්මැදහත් වෙලා මේ මව හොයල නුදුන්නොත් මෙදරුවන්ගේ අනාගතයට කුමක් වේද ? මෙය සෞදි අර්බිගිය පළවෙනි අම්මට වෙච්ච කරදරය නොවෙයි අපේ රජය තවමත් ඇස කන් වහගෙන ඉන්නේ (අ)

:       0       0

සුජිත් Monday, 14 July 2014 12:41 PM

අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ.... (නි)

:       0       0

හේවගේ Monday, 14 July 2014 01:18 PM

එක එක මිනිසුන් විවිධාකාරයි (නි)

:       0       0

ඉන්දික Thursday, 17 July 2014 01:40 AM

රට ආපු සමහර ගැහැණු අය නැවත ලංකාවට එන්නේ නැහැ. (නදී)

:       0       0

කසුන් Monday, 14 July 2014 01:44 PM

පවුල් ප්‍රශ්න වලට තම දරුවන් නිල්වලා ගඟට විසිකරනා පියවරුන් සිටිනා යුගයක ඔබ වැනි පියවරුන් රන් දෙවොලක් මත තබා වන්දනාමාන කළ යුතුය (නි)

:       0       0

සලීත් Monday, 14 July 2014 01:46 PM

අනේ මෙහෙමත් අම්මලා! (නි)

:       0       0

ජානකී Monday, 14 July 2014 02:08 PM

පව් අසරණයෝ (අ)

:       0       0

සුභාෂි Monday, 14 July 2014 02:15 PM

පිටරටදී කිසියම් කරදරයක් සිදුවුණාද දන්නේ නැහැ. මේ උදවිය ඒ ගැන හොයලා බලා නැද්ද? (නි)

:       0       0

චන්දිමා Thursday, 17 July 2014 09:31 PM

මේ කාන්තාවට කුමක්‌ හෝ අනතුරක් සිදුවී ඇතුවා වෙන්නටත් පුළුවන් (නි)

:       0       0

සෝමා Monday, 14 July 2014 02:40 PM

අම්මාගෙත් ඡායාරූපයක් දැම්මා නම් අපේ මැදපෙරදිග හිතවතුන් හොයලා බලයි මොකද වෙලා තියෙන්නේ කියලා (නි)

:       0       0

ටිකී Friday, 25 July 2014 03:49 PM

ඔබ වැනි පියවරුන් මතු බුදු වේවා. (නදී)

:       0       0

සරත් Monday, 14 July 2014 04:35 PM

සෞදි තානාපති තුමාට කරනවානම් මෙන්න සේවයක්. බොහෝ විට අසරණ අම්මට ලිපියක් යවන්නවත් දෙන්නේ නැතිව ඇති එයාගේ හාම් පුතාල (අ)

:       0       0

නලින් Monday, 14 July 2014 04:36 PM

හිතක් පපුවක් තියෙන මනුස්සයෙක් අනිවාර්රයෙන්ම මුදලින් ආධාරයක් කරාවි නමුත් අදාල බලදාරීන්ට පුළුවන් නම් මේ කියන අම්මගේ ඇත්ත තත්වය හොයල බලලා මේ පවුලේ අයට දන්වන්න. (අ)

:       0       0

අයසදී Sunday, 20 July 2014 01:56 AM

ඔබ රත්‍රන් පියෙක් ඔබ හමුවීමට බලපොරෝතුවෙමි (නදී)

:       0       0

රසුන් Saturday, 19 July 2014 05:12 AM

මෙය ඇත්තක්ද.....(අ).

:       0       0

සේරම් Tuesday, 15 July 2014 03:05 AM

එතකොට මේ අය රටවිරුවන් නොවේද? (නි)

:       0       0

මාලනී Wednesday, 16 July 2014 05:09 PM

බුදු පියෙක්.... (නි)

:       0       0

තරිදු ලක්ෂාන් Tuesday, 15 July 2014 10:24 AM

පිය සෙනෙහසට කවු ගී ලියවුනා මදි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 378 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 185 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 400 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1314 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 786 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 826 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1431 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1620 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 426 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site