සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ අල් හසා ප්‍රෙද්ශයේ ශ්‍රි ලාංකිකයන්ගෙන් සැදුම්ලත් “ෆ්‍රෙන්ඩ්ස් ක්‍රිකට් සමාජය” මගින් සංවිධානය කරන මහා ක්‍රිකට් තරඟාවලිය මෙම මස 27 වැනි සිකුරාදා පෙරවරු හයේ සිට හෆුෆ් ක්‍රිඩාංගණයේ දී පැවැත්විමට නියමිතය.
ශ්‍රී ලාංකිකයින්ගෙන් සැදුම්ලත් ක්‍රීඩා කණ්ඩායම් අටක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ පන්දුවාර අටකට සිමා කර ඇති බව පවසන සංවිධායක මණ්ඩලය සම්පුර්ණයෙන් ම නොමිලේ නැරඹිය හැකි මෙම තරගාවලිය නැගෙනහිර පළාතේ වෙසෙන ශ්‍රි ලාංකිකයන්ගේ සහභාගිත්වය බලාපොරෝතු වන බව ප්‍රකාශ කරයි.
තරගාවලියේ ජයග්‍රාහි කණ්ඩායම සඳහා “ ටෙලි මනි කුසලානය ” පිරිනැමිම තරගාවලිය සඳහා පුර්ණ අනුග්‍රහය දක්වන ඇරැබ් නැසනල් බැංකුවේ ටෙලි මනි ආයතනයේ නියෝජ්‍ය ප්‍රධානී අබුදුල් අලාවි මහතා අතින්ද, අනුශුරතාවය ශ්‍රි ලංකා කළමණාකාර මොහොමඩ් අවයිස් මහතා අතින් පිරිනැමිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd