(ප්‍රසාද් මුතුකුඩ / තිළිණි ද සිල්වා)
සෞදි රාජ්‍යයේ කිරුළ හිමි අබ්දුල් අසීස් අල්සෞද් කුමරු අද(4) පෙරවරු 11.20ට කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.
මීට ස්වල්ප මොහොතකට පෙර කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට ළගාවූ අබ්දුල් අසීස් අල්සෞද් කුමරු ගුවනින් කොළඹ පැමිණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
සෞදි කුමරු සහ විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා අතර හමුවක් මධ්‍යහ්න 12.30ට විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්වේ.
සෞදි රජ පවුලේ සාමජිකයෙකු වන අල්සෞද් කුමරු එරට ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු සහ අයෝජකයෙකුද වන අතර මෙරට පැය 4කට ආසන්න කාලයක් රැඳී සිටීමෙන් යළි දිවයිනෙන් පිටත්ව යනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ආවේ ලංකාවේ මුස්ලිම් වරුන් වෙනුවෙන් මොකක් හරි දෙයකට වෙන්න ඇති
හොඳ දෙයකටනම් වෙන්නබැ. මෙච්චර හදිස්සියක්! ත්‍රස්තවාදය පටන්ගන්නද දන්නෙනැ.
කටාර් රාජ්‍ය හුදකලා කෙරෙමේ ප්රයත්නයට , ලංකාවේ සහය ලබගේනේමටදෝ .................?
ව්‍යාපාරිකයෙකු සහ අයෝජකයෙකුද වශයෙන් සවුදියෙන් වටිනා ආයෝජන ලබා දෙවි යයි අපි බලාපොරොත්තු වෙනවා
මෙයා නෙවි නේද දැන් සවුදියේ කිරුල හිමි කුමාරයා වෙන්නේ? දැනට රජ කරන සල්මාන් අබ්දුල් අසීස් රජුගේ පුත් මොහොමඩ් බින් සල්මාන් නේද? විකිපිඩියාව බලන්න!!!
මෙයා වලීඩ් බින් තලාල්.....
රුසියාව එක්ක යුධ කරලා දවස් තුනකින් රුසියාව පරාජය කරනවා කියලපහුගිය සතයේ කියපු මේ කුමාරය ලංකාවට ආවේ රවී ඇමතිගෙන් යුද ආදාර ඉල්ලන්නද නැත්නම් සෞදියේ ලොතරෙයි විකුනන්න අවසර දෙන්නද ?
ඇත්තටම ඔහුට සෞදි රජයේ කිරුළ හිමිද?
කටාර් රජයට එරෙහි ව්‍යාපාරයට අපේ සහාය බලාපොරොත්තුවෙන් ආපු ගමනක් වෙන්න බැරිද?
මේ ෆොටෝ එකේ ඉන්නේ සෞදියේ ඉන්න ලෝකයේ 14 වැනි කොටිපතියා තලාල් නේද?