සෞදි අරාබියේ සේවය කරන රියදුරන් හා ගෘහ සේවක සේවිකාවන් සහ හාම්පුතුන් අතර අන්‍යෝන්‍ය බැඳීම වර්දනය කිරීම සහ දෙපාර්ශවය අතර අනිසි ගැටුම් වැළක්වීමේ අරමුණෙන් සෞදි රජය විසින් ගෙන එනලද නව රෙගුලාසි පිලිබදව මානව හිමිකම් කොමිසම සහ විදේශ රැකියා ආයතන සතුට පළකරන බව එරට පුවත්පත් සඳහන් කරයි.
නව රෙගුලාසි අනුව ගෘහ සේවක සේවිකාවන් හට මාසය අවසානයේදී නියමිත වැටුප අනිවාර්යයෙන්ම ගෙවිය යුතු අතරම දිනපතා පය 9 ක විවේක කාලයක් ලබාදිය යුතුය.
සෑම සතියකටම එක් දිනක් නිවාඩු ලබාදිය යුතුය,මෙම නීතිය උල්ලංගනය කරන හාම්පුතුන් සදහා සෞදි රියාල් 2000 සිට 5000 ක (රුපියල් 31623.8 - 79059.5) දඩ නව නීතිය අනුව අයකර හැකි බවද පවසයි.
කෙසේ වුවද මානව හිමිකම් කොමිසමේ සහ විදේශ රැකියා ආයතන ප්‍රධානීන් පැවසුවේ අපරාද ,අඩම්තේට්ටම් සහ විවිධ හිංසන ක්‍රියා නතර කිරීමට මෙන්ම සුහදත්වය වර්දනය කිරීමට දෙපාර්ශවයම වගකීමින් තම රාජකාරිය නිසිලෙස ඉටුකළ යුතුබවයි.
නමක් සදහන් නොකළ නිලධරයකු පුවත්පතට පැවසුවේ මෙම නව නීතිය මගින් ගෘහසේවක සේවිකාවන් අපරාධ වලට සම්බන්ධ වීම අවම කළ හැකි බවයි.
මේ අතර කම්කරු අමාත්‍යංශ නිලධරයකුපැවසුවේ ඉතා ඉක්මනින් ගෘහසේවක සේවිකාවන් පිළිබද රැකියා පරිගණක ගතකරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෘහ සේවිකාවන් සෞදි අරාබියට යවන එක නවත්වන්න. (නදී)
නිතිය හොදය නමුත් ගෘහ සේවිකාවන් තමන්ට වන වැරදි වගකිව යුත්තන්ට දන්වන්නේ කොහොමද.අපේ එම්බසි කට්ටියනම් ගොඩක් දුරට කරන්නේ මුදලට අපේ කාන්තාවන් පාවා දිමය් . (දී)
මොන නීති ගෙනාවත් වැඩක් නැහැ තානාපති කාර්යාලය පණ නැත්නම්. පිලිපීන තානාපති කාර්යාලය ඊට හොඳම නිදසුන. පැවති නීතිය යටතේත් පිලිපීන සේවකයින්ව හොඳින් ආරක්ෂා කළා. සෞදි වැසියන්ගේත් පිළිගැනීමක් තියෙනවා තානාපති කාර්යාලයට. ලංකාවේ තානාපති කාර්යාලේ අයව රියල් 1.50 බීම කෑන් එකටත් ගන්න පුළුවන් කියල සෞදි වැසියෝ කියන්නේ. ඉතින් කොහෙද මොන නීති ආවත් අපේ අයට ආරක්ෂාවක්. ඇත්ත තත්ත්වය මේකයි.(නදී)
අපිට හරිම සන්තෝෂයි එහෙම දෙයක් වෙනවා නම්... (නි)
මේවා ක්‍රියාත්මක වේවිද කියන එකයි සැක (නි)
මොන නීති දැම්මත් සෞදිය ගැන නම් මගේ කිසිම පැහැදීමක් නැහැ (නි)
බලමුකෝ කොහොම වෙයිද කියලා. හොඳක් වෙනවා නම් සතුටුයි (නි)
මේවා කවදා ක්‍රියාත්මක වේවිද කියලයි අපි බලා සිටින්නේ (නි)
ඔවා වෙනවා නම් හොඳයි. එ්ත් වෙන්නෙ නැති එකයි ප්‍රශ්නෙ. මොකද අපි දන්නවා මෙහෙ මිනිස්සු මොන වගේද කියා.(නදී)
බලමුකෝ මොනවද වෙන්නේ කියා.(නදී)
මේවා කවදා ක්‍රියාත්මක වේද දන්නෙ නැහැ. ඒත් මේ රටවල දුක් විඳින අපට මෙය අහන්න ලැබීමත් ලොකු සතුටක් (නි)
මගේ ප්‍රතිචාරයට සාධාරණයක් කළාට ස්තුතියි. කෙසේ වෙතත් මම කරන්නෙ සාධාරණ විවේචන. (ස)
සතුටුදායක ආරංචියක්.ප්‍රථිපල කොහොම වෙයිද කියන එකනම් දැම්ම කියන්න බැහැ. කෙසේ වෙතත් සෞදි රජතුමාට හා පාළකයින්ට අපේ ප්‍රණාමය.(දිල්)
මේ විදියට ක්‍රියාත්මක වෙනවනම් අපිට ගොඩක් සතුටුයි (දිල්)
ගිවිසුම් ගැහුවට, සම්මුතියකට ආව කිව්ව්ට ලංකාවෙ ඉන්න බලධාරීන් දන්නෙ නෑ සෞදිකාරයො හිතුවක්කාරයෝ කියා.(නදී)
සෞදි හාම්පුතුන් ඕවා ගණන් ගන්නේ නැහැ.(නදී)
ඇත්තටම ගොඩක් සතුටුයි ඒ වගේ දෙයක් කරනවා නම් (නි)
බලමුකෝ කොහොම ක්‍රියාත්මක වේවිද කියලා (නි)
බලමු මොකද වෙන්නේ කියලා (නි)
සව්දි විතරක් ඇයි? අනෙක් මද පෙරදිග රටවලටත් මේ පහසුකම් ලබා දෙන්න (දී)
නීතිය කොහොමත් මට නම් මාස3ක පඩිත් නැහැ.යවන්නෙත් නැහැ. මොනවා වෙයිද කියල දෙයියෝ තමයි දන්නේ. (අ)
අප වැනි රියදුරන්ට මෙම නීතිය ක්‍රියාත්මක වුවහොත් එය ලොකු අස්වැසිල්ලක් වේවි (නි)
මේවා මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක වුවහොත් හොඳයි (නි)
ජයවේවා (දී)
ඔය කිව්වට කවදාවත් වෙන්නේ නැහැ.(නදී)
ඕවා වෙනවා නම් හොඳයි (දී)
කියලා විතරක් මදි. කරන්නත් ඕනෑ (නි)
මෙහේ සමහර ගෘහ සේවිකාවන් ගෙවල් ඇතුළට වුණහම නැවත මවුරටට යනතුරුම දකින්නවත් නැහැ. ඉතින් කොහොමද එයාලට කරදරයක් වුණහම කියන්නේ? (නි)
මේවා මේ විදියටම වුණොත් කොච්චර හොඳද? (නි)
නමක් කියාගන්න බැරි නිලධාරින් මේවා කරයි කියලා කොහොම හොතන්නද? (දී)
හදයි සන්තෝසයි දිගටම ක්‍රියාත්මක උනොත් (දී)
මෙව්වා නම් කක්වදවත් වෙන ඒවා නම් නෙමෙයි. ඕවා පොතට විතරක් සිමා උන සෞදි කාරයන්ට වලංගු නැති නීති. (නදී)
කොහෝම හරි කමක් නැහැ දෙරට අතර තියෙන සුහදත්වය තව දියුණු කරගන්න උත්සහ කරමු, (නදී)