සෞදි අරාබියේ නැගෙනහිර කලාපිය තානාපති ජංගම සේවාව මෙවරත් අප්‍රේල් 3 වැනි සිකුරාදා උදැසන 8.00 සිට සවස 2.30 දක්වා අල් කොබාර් වෙරලාසන්න ප්‍රදේශයේ පිහිටි ගල්ෆ් ටෙරස් ප්ලාසා හෝටල් පරිසරයේ උඩුමහලේදී පැවැත්වෙන බව රියාද් තානාපති කාර්යාලය පවසයි.
කම්කරු සුබ සාධන,කම්කරු ගැටළු,ගමන් බලපත් අලුත් කිරීම අලුත් ගමන් බලපත් අයදුම් කිරීම්,නව උපත් ලියාපදිංචි කිරීම් පුරවැසි අයදුම් කිරීම් සහ අනිකුත් ලිපිකටයුතු මෙදිනද සිදුවන බැවින් වේලාසනින් පැමිණ තානාපති කාර්යාලිය නිලධාරීන්ට සහාය දක්වන මෙන් සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ඉල්ලා සිටි .
ඒ අතර පැමිණෙන සැම අයෙක්ම තම විෂයට අදාළ ටෝකන් පත ලබා ගන්නා ලෙසද ගමන් බලපත් සදහා අවශ්‍ය ඡායාරුපයෙහි පසුබිම සුදුපාටින් වියයුතු අතර උඩුකය ඇඳුම සුදු පාටින් තොර පැහැදිලිව පෙනෙන වර්ණයකින් විය යුතු බවද නිලධාරිහු දන්වා සිටිති.
එල් එස් පතිරාජ 0545214452 දයා කහදවල 0507861163
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම හොද වැඩක් (බ)