( නාලක සංජීව දහනායක)
උතුරු නැගෙනහිර පළාත ඇතුළුව දිවයින පුරා ස්ථීර පත්වීම් නොමැතිව සේවය කරනු ලබන සමෘද්ධි නිළධාරීන් 14,000 වැඩි පිරිසක් ස්ථීර කිරීමට ක්‍රියාකරන බව නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
ඒ අනුව ඉදිරි සතියේදී මෙම පත්වීම් ලබාදීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා විසින් මෙහිදී අදාළ නිළධාරින්ට උපදෙස් දුන්හ.
සමෘද්ධි ව්‍යාපාරයට අයත් වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එමෙන්ම මෙම තනතුරුවල යෙදී සිටියදී මරණයට පත්වන සේවක සේවිකාවන්ට විධිමත් පත්වීම් නොලැබීම සිදුවන අසාධාරණය වළක්වා එම පවුල්වලට සාධාරණයක් ඉටුකිරීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා මෙහිදී නිළධාරින්ට උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා නං පවුලේ අයව අමතක කරන්න නැහෙ. තමන්ට පුළුවන් ආකාරයෙන් මහජන මුදලින් නිවාස දීල හරි උපහාර කරනවා.
ඡන්දයක් ප්‍රකාශ කරලා තියෙද්දී පත්වීම් දෙන එක හොඳ නැහැ නේද?
මෙයා අපිටත් සැකයි...
හොර ඇමතිලාට පත්වීම් දිය හැකිද ?
චන්න ඔයාට අමුකැවිලද?මේ පත්වීම් දෙන්නේ ජොබ් එක අද ඉඳන් කරන අයටයි.
සේරටම කලින් ඔබගේ පත්වීම ස්ථිර කරගත්තොත් නරකද? නැවත ඡන්දයකින් රනිල් මැතිතුමා දිනුවොත් මම එක ඉල්ලීමක් ඉල්ලනවා. ලඟටම ගිහින් ලංකාවේ උගත් බුද්ධිමත් දරුවන්ට විශේෂයෙන් විශ්ව විද්‍යාල උපාධි දරුවන්ට පාර්ලිමේන්තුවට එන්න. වැඩසටහනක් හදන්නත් දැනට ඉන්න සියලුම ඉගෙනීමක් නැති අය ඉවත් කරන්නත් නැවත නොඑන්න. ව්‍යවස්තාවට ඇතුල් කරන්න කියලා වාචාලකමට කට තිබුණට වැඩක් නැහැ.. පාසල් යනකාලේ කරන්න ඕනදේ නොකර දැන් කටින් බතල හිටවන්න එනවා. සියලුම උගත් මිනිසුනි, මොහුට සැලියුට් ගහන්නේ නැතිව ඉල්ලා අස්වෙන්න. කාටත් පුළුවන්.... වාර්තාව හදලා දුන්නම අත්සන් කරන්න වාර්තාව හදන්නේ උගතෙක්.. එය අත්සන් කරන්නේ නූගත් කෙනෙක්. එහෙම අයට යානවාහන, සුර සැප, මේ හැමදෙයක්ම නතර කරනවා. සුදුස්සාට සුදුසු තැනදෙනවා..
මෙයා කොහොමද එහෙම කරන්නේ ..?
මෙයට විරුද්දව උසාවි නියෝගයක් ගනිමු. රටේ ආණ්ඩුවක් දැන් නැහැ.
ආණ්ඩුවක් නෑ නේද ? නීතිවිරෝධී වැඩක්.
කරන දෙයක් ඉක්මනට කරලා දාන්න. මොකද දේශපාලකයෝ අතේ පැලවෙන බොරු ගොතන නිසා.
ඔබ තුමා විසින් කරන ලද සතුටුදායී ප්‍රකාශය ඉතා කඩිනමින් ඉටු කර දෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
ඔය පත්වීම් නීත්‍යනුකුල නැහැ නේද? ආණ්ඩුවත් අනීතිකයිලු. ඡන්දෙකුත් ඉදිරියේ තියන්න යනවලු. මෙහේ පත්වීම් ස්ථිර කරලා මැතිවරණ අල්ලස් දෙනවලු. ඒක හරිද මන්ද?
අතේ පැලවෙන බොරු කියන්නේ විස්වාස කරන්න එපා.!
මෙයා මේවා කරන්නේ හදිසියේ අවනීතියෙන් වුණත් එතකොට යටිගිරියෙන් කෑගහලා කියන්න පුළුවන්නේ... මම කරපු දේවල්වලට තමුන්නාන්සේලා අකමැතිද? මෙයා බලන්නේ කොහොමහරි අද ගෙනගිහින් තියෙන හොර, තක්කඩිකම් අඩපණ කරගන්න.. මෙයාට කොහෙන්ද කෝටි 50, 60, වටිනා මාලිගා හදන්න සල්ලි අර මාලිගාවට හදලා තියෙන තාප්පයට විතරක් කීයක් විනාශ කරන්න ඇතිද?
පත්වීම් ස්ථිර කරන්න කලින් සහතික හැඳුනුම්පත් හරිද කියලා බලන්න... කවුද දන්නේ හෙට අනිද්දට විශ්‍රාම යන්න ඉන්න කට්ටිය වයස අඩුවෙන් ලියලා ඔතන. ඉන්නවාද කියලා...? ඒ මොකද අපේ රටේ ඔක්කොම ගමන් බලපත්‍රයට පින්සිදු වෙන්න එන්න එන්න තිරිහන් වෙනවනේ.